පේ‍්‍රම පුරාණයක
ගැඹුරු ආවර්ජනය
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
ලා දලු බෝපත් සෙමෙන් සැළෙන සේ
යශෝධරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී
ලේන කුලේ සිට ආගිය මඟතොට
සිටියා නොසැලෙන පහන් ටැඹක් සේ
නිවන් දකින තුරු මේ සංසාරේ
පසුපස ආවා සෙවණැල්ලක් සේ
තැලී සෙනේ සිත සැළී හඬන විට
වැටී දෙපා ළඟ යශෝධරාවෝ.
පිපී නිවන් මල සාධුකාර දී
නීවි පහන්විය උදෑසනක් සේ
මේ ගීත රචනය බොදු ගී රචනයෙහි අග්‍රගණ්‍ය වියත් හිමිනමක් ලෙස ගෞරවාදරයට පාත්‍රව
සිටින රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ විශි්ෂ්ට ගී පද රචනාවක් හැටියට හැඳින්විය
හැකියි.එච් එම් ජයවර්ධනයන් සංගීතවත් කළ, එම ගීතය කරුණාරත්න දිවුල්ගනේ කලාකරුවානන්
ගේ සුමධුර ලයාන්විත ස්වරයෙන් ගායනා කරයි. විවාහ ජීවිතයේ දෙදෙනෙකු අතර පැවතිය යුතු
කැපකිරීම හා විවාහ ජීවිතයේ සාර්ථකත්වය වෙනුවෙන් දෙදෙනාතුළ ම කැපකිරීමක් තිබිය යුතු
ය යන කාරණාව බුදුදහමේ උගන්වයි . මේ ගී පද මාලාවට එය වස්තු විෂයය වෙයි. විවාහ
ජීවිතයක් සාර්ථක වෙන්නේ හෝ අසාර්ථක වෙන්නේ විවාහය පිළිබඳ සිතන ආකාරය හා ඒ දෙදෙනා
තමන්ගේ විවාහ ජීවිතය පිළිබඳව සාකච්ඡා කරන ආකාරය අනුවයි. ඒ දෙදෙනා තමන්ගේ විවාහ
ජීවිතය පිළිබඳව ක්‍රියාත්මක වන ආකාරය අනුව විවාහ ජීවිතයෙහි සාර්ථකත්වය දකියි.
ලා දලු බෝපත් සෙමෙන් සැලෙන සේ යන ගීතය තුළ සිද්ධාර්ථ කුමාරයාත් ,යශෝධරා දේවියත් අතර
පැවතුන සරණ බන්ධනය පිළිබඳව සඳහන් වෙයි.එය සිංහල බෞද්ධ සාහිත්‍යයෙහි අමරණීය ප්‍රේමය
පිළිබඳ පරමාදර්ශී පුවතක් වීම විශේෂත්වයයි. මෙහි දිදුලන්නේ ආධ්‍යාත්මික ප්‍රේමයෙහි
නිර්මල නික්ලේශී සෞන්දර්යයි. ඒ සරණ පාවා ගැනීමේදී සිද්ධාර්ථ කුමරා බුදුබව පතාගෙන
අභිනිෂ්ක්‍රමණය කළ පසුවත්, බුද්ධත්වය ලබාගත් පසුවත්, ඒ මහා ප්‍රාතිහාර්යයත් තමන්ගේ
සරණ බන්ධන ජීවිතය තුළ තමන් හුදකලා වීමත් පිළිබඳව පරිත්‍යාගශීලි හැඟීමකින් බලන
ස්වභාවයක් මේ ගීතය තුළින් දිස් වෙයි. සිද්ධාර්ථ කුමරාත්, යශෝධරා කුමරියත් සරණ
බන්ධනයට පත්වුණේ, බුදුවෙන ආත්මභවයේ දී පමණක් නොවෙයි. බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන
ආකාරයට කළන්දක ජාතකයේ දී මේ පිළිබඳ විස්තරයක් සඳහන් වෙයි.
පෙර සංසාරයේ සිටම ඉතාමත් හොඳින් විවාහ ජීවිතයට අවශ්‍ය කැපකිරීම දෙදෙනා තුළ ම ඉතාම
ඉහළ මට්ටමක පැවතුණ ද, අවසාන ආත්මභාවයේ දී අතහැරයාම සිදුවෙයි. එය පදුමුත්තර
බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිට ආරම්භ වූ පෙම් පුවතක් . පදුමුත්තර බුදුරජාණන් වහන්සේ
නුවරට වැඩම කරන පුවත සැළවීමත් සමඟ එක්තරා තරුණයෙකු බුදුරජාණන් වහන්සේ මලින් පිදීමට
පැමිණෙයි. රටේ පිපෙන සැම මලක් ම රජතුමා පමණක් බුදුරජාණන් වහන්සේට පූජා කරන නිසා
සෙසු ජනයාට මල් නෙළීම තහනම් බවට නියෝගයක් පනවා තිබුණ තත්ත්වයක දී එක්තරා යුවතියක අත
මල් පොකුරක් තිබෙනු දුටු මේ තරුණයා යුවතියගෙන් එම මල් පොකුර ඉල්ලා සිටී. එක
පොරොන්දුවක් වෙනවා නම්, පමණක් එම මල් දෝත තරුණයාට දෙන බවට තරුණිය ද ප්‍රකාශ කරයි.
ඔබ කියන පොරොන්දුව කුමක් ද? යනුවෙන් තරුණයා විමසයි. මම විවාහ කරගන්නා බවට නිශ්චය
වචනයක් දෙනවා නම්,මම ඔබට මේ මල් දෝත දෙන්නම් , ඒ වෙලාවේ පිළිතුරු දෙන තරුණයා මම
දුර බැහැර ගමනක් යන්නේ. මම යන ගමන හරිම දුෂ්කරයි. බුද්ධත්වය පතාගෙන පාරමිතා පුරමින්
සංසාරේ යන මේ ගමන හරිම දුර බැහැර ගමනක් . මම පදුමුත්තර බුදුරජාණන් වහන්සේ හමුවීමට
යන ගමන්. අනාගතයේදී මම බුදුවරයෙකු වෙනවා. නමුත් මම ඔබ විවාහ කරගන්නා බවට ගිවිසුමක්
දෙන්නම්. මම බුදුවෙන ආත්මභාවයේ දී ඔබ අතහැර යනවා. එයට ඔබ කැමැති නම්, මම මේ
පොරොන්දුව දෙන්නම්. ඔබේ අදහසට මම කැමැතියි. තරුණිය ද ප්‍රකාශ කළා. අනතුරුව දෙදෙනා
මල් දෝත හුවමාරු කරගනිමින් පදුමුත්තර බුදුරජාණන් වහන්සේට එම මල් පුජාකර, කුමරා
තමන්ගේ සිතිවිල්ල සිරකරගනී. එදා සිට බුද්ධත්වය පතාගෙන පැමිණි සංසාරයේ නොයෙක්
ආත්මභාවවල මේ දෙදෙනා ඉපදී විවාහයකයන් ලෙස විවාහ ජීවිතයට එළඹී ජීවත් වෙයි. මෙහිදී
යශෝධරා දේවියට තමන්ගේ ස්වාමියා තමන් අතහැර ගිය විට දුක්වෙන්නත් බැහැ. දුක්නොවී
ඉන්නත් බැහැ.
සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ජනහිත්වල තිබෙන නිසාම යශෝධරා දේවිගේ සිතිවිලි වටහාගැනීමට
සාමාන්‍ය බෞද්ධ පාඨකයාට අපහසුවක් නැත. තමන් අතැහැර ගිය ස්වාමියා පිළිබඳ මනාපයක්
එන්නත් බැහැ. අතීත සංසාරයේ වුණ පොරොන්දුව මතක් වෙනවිට කොහොමටවත්,දුක්වෙන්න බැහැ.
තමන් හැර ගිය සැමියා මතක් වෙන විට සතුටු වෙන්නත් බැහැ. ඉතාම සංවේ දී අවස්ථාවක්.
පරාර්ථචර්යාව කුමක් ද? ස්වාර්ථය කුමක් ද? යනුවෙන් සිතා විමසා බලන්නට අපහසු තරම්
සංවේදී අවස්ථාවක්.
එම සංවේදී අවස්ථාව සිංහල පාඨකයාට දැනෙන්න කියන්නේ කෙසේ ද? එහි දී ගීත රචකයා යොදන
උපමාව විනා වෙනත් කිිසිම උපමාවක් යෙදීමට හැකි බව සිතීම අපහසුයි. බෝධීන් වහන්සේ ඡල
පත්‍ර නමින් හඳුන්වයි. ලෝකයේ තිබෙන හැම ගස්වලටම වඩා බෝ ගසේ කොළය වෙනස්ය.
අනෙක් ගස්වල කොළය අත්ත සමඟ සෙළ වුණත්,බෝධීන් වහන්සේගේ කොළ සෙළවෙන්නේ නටුවටත්
හොරෙන්. බෝධීන් වහන්සේ ඡල පත්‍ර නමින් හඳුන්වන්නේ එම නිසයි. යශෝධරා දේවිය හඬන්නත්
බැහැ. නොහඬා ඉන්නත් බැහැ. එම සිද්ධිය කවියා නිරූපණය කරන්නේ
ලා දලු බෝපත් සෙමෙන් සැළෙන සේ
යශෝධරා දේවී
වාවනු බැරි තැන රහසේ හැඬුවා
පෙර සංසාරේ ඇසුර මතක් වී .
මේ ජීවිතයේ තිබෙන දුක පෙර සංසාරයත් සමඟ ගළපා ගත්විට මේ දුක වාවගන්න පුළුවන්ය කියන
හැඟීම දනවන ආකාරයට ගීතය රචනා කර ඇත.ලේන කුලේ සිට මේ දෙදෙන ස්වාමි භාර්යා ලෙස පැමිණි
අයුරු සිහිපත් කරයි. යශෝධරා සිදුහත් ආත්මභාවයෙන් පරිසමාප්තියට පත් අසමසම ප්‍රේම
පුරාණය ප්‍රබල හා ගැඹුරු ආවර්ජනයයි. ඒ ගමන අද නිම වුණත් ,මේ සංසාරේ නිවන් දකින තුරු
පසුපස ආවා නේද? යන තැවිල්ල, සතුට සියල්ලම කැටිවුණ තත්ත්වයක් මේ ගීතය තුළ ගැබ් වෙයි.
අපේ බෞද්ධ ගීත අතර සංස්කෘතික ගීත අතර ඉතාම වටිනා ආකාරයට අර්ථවත් වන ලෙස ධර්මය
ගීතයතුළ ගෙතුව උතුම් පද රචනාවක් ලෙස මේ ගී පද රචනාව හැඳින්විය හැකියි.
හේමමාලා රන්දුනු |