UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අකුසලය හඳුනාගෙන කටයුතු පැවරීම

අකුසලය හඳුනාගෙන කටයුතු පැවරීම

තමා උපමා කොට නොසිතා මානසික හිංසනය, දණ්ඩනයට ලක් කිරීමෙන් සෘජුව අනෙකාට පීඩාකාරී වන ලෙස කරදරකාරීව ක්‍රියාකරමින් තමන්ගේ් අරමුණ සපුරාගැනීමට යන පුද්ගලයන් අපට හඳුනාගත හැකි ය. ඇතැම් පුද්ගලයන් අපගේ ජීවිතවලට පීඩා එල්ල කරන්නේ උදවු උපකාර කරන ආකාරයෙනි. එය දරුණු ස්වභාවයක් වෙයි. අපට ගැලවීමට ඉඩනොදී මහා මිථ්‍යා මතවල සිරකරන පිරිස් මේ සමාජය තුළ නැතිවා නොවේ.

 කවදාවත් නොලැබෙන දේ පවසමින් ඔවුන්ගේ ලාබය උපයාගැනීමට උත්සාහ ගනී.සුන්දර මිනිසුන් සිනහසෙමින් මිනිසුන් රවටන අවස්ථාවන් ඕනෑතරම් දක්නට ලැබෙයි. තමාගේ බලය හා ප්‍රසිද්ධිය පාවිච්චිකරමින් අනෙකාගේ ජීවිතය සූරාගෙන කන අවස්ථා නැතිවාම නොවේ. හොඳ ධර්ම දේශකයෙකු ලෙස ඉදිරියට පැමිණ ම්ථ්‍යා අදහස් පතුරුවා අනෙක් මිනිසුන්ගේ ජීවිත සමඟ සෙල්ලම් කරමින් තමන්ගේ සැපය උපයා ගැනීමට යාම කෙතරම් වැරැදිද?

දරුවන්ට වුවද, අනවශ්‍ය ලෙස පීඩා නොකළ යුතු ය. ඇතැම් දරුවන් විභාග ප්‍රතිඵල පැමිණෙන විට ජීවිතය නැතිකරගැනීමට පවා පෙළඹෙන අවස්ථාවන් දක්නට ලැබෙයි.

එම දරුවා අධ්‍යාපනය ලබන කාලය තුළ ප්‍රකාශ කළ කාරණා දරුවාගේ මනසට වද දෙයි. අපගේ ජීවිතයේ දී අපට උදාකර ගැනීමට නොහැකිවුණ ජයග්‍රහණ දරුවන්ට පීඩාකරමින් උදාකර ගැනීමට උත්සාහ නොකළ යුතු යි.දරුවන්ට එම පීඩනය දරාගැනීමට නොහැකි වූ විට ඔවුන් අනාගතයේ දී ඉතාම වැරැදි තීන්දු තීරණ ගැනීමට පෙළඹෙයි.තමන්ට ලබාගැනීමට නොහැකි වුණ සෑම ජයග්‍රහණයක් ම දරුවන්ට ලබාගැනීමට හැකිය යන මිථ්‍යා විශ්වාසයෙහි ගමන් නොකළ යුතු ය. හෝ තමන් නොවිඳි සෑම දෙයක් ම දරුවා විඳිය යුතුය යන මිථ්‍යා විශ්වාසය තුළ ද නොසිටිය යුතු ය.

පෙර පාසල් අධ්‍යාපනය ලබන දරුවෙකුට සීමාව ඉක්මවා ඉගැන්වීම සුදුසු නොවෙ යි. දරුවන්ට සතුටින් ජීවත්වීමට ජීවිතයක් ද අවශ්‍ය බව වැඩිහිටියන් අවබෝධ කරගත යුතු කාරණාවක්. ඇතැම් දරුවන් ඉගෙනීමට දක්ෂ වගේම තවත් දරුවෙකු යම් යම් විෂයයන් වලට අදක්ෂ විය හැකියි. එම දරුවන් දෙස අනුකම්පාවෙන් බැලිය යුතු ය. කිසියම් ආයතනයක ඉහළ නිලධාරීන් වුවද, සීමාව ඉක්මවා පීඩා කරන්නේ නම්, සියලුදෙනාම අසාර්ථක වීම වැළැක්විය නොහැකිය. “

අප්පකිච්චෝච” ඕනෑම පුද්ගලයෙකුට කළ හැකි යමිකිසි කෘත්‍ය ප්‍රමාණයක් පවතී.කාටවත් ඕනෑවට වඩා පීඩා නොකළ යුතුය. අධික ලෙස තමන්ගේ සේවකයා මත පටවන අධික වැඩ ප්‍රමාණය නිසා අලුත් සංස්කෘතියක් නිර්මාණය වෙමින් පවතී. සිකුරාදා දිනවල බටහිර රටවලට වඩා අයහපත් ලෙස තරුණ පිරිස් තමන්ගේ ආතතියෙන් නිදහස් විය යුතු බවට ප්‍රකාශ කරමින් රාත්‍රී කාලය පුරාම ඇඳුම් නැතිව නැටීමට තරම් අපේ රට පිරිහෙමින් පවතී.

රාත්‍රී කාලය පුරා ඇතැම් තරුණ පිරිස් තමාගේ ජීවිතය විනාශ කරගනී.අනෙක් දිනවල මිනිසුන්ට කළ නොහැකි වැඩ ප්‍රමාණයක් පටවා අවසානයට ඔහු ආතතියෙන් ෙබිරීමට ක්‍රියාකිරීමට යාමෙන් දුරාචාරයට ඇද දමයි.

සෑම පුද්ගලයෙකුටම මානසික විෙවිකය මෙන්ම කායික විෙවිකය ද අවශ්‍ය වෙයි. චිත්ත විෙවිකය නොමැතිව නිර්මාණශීලී අදහසක් ගොඩනැඟෙන්නේ කෙසේ ද? ඔහුට සිතීමට අවස්ථාව නොදී නිෂ්පාදනයක් වැඩිකර ගන්නේ කෙස් ද? පුද්ගලයෙකුගේ කුසලතාවය , දක්ෂතාවය, නොහැකියාව, හඳුනාගත යුතු ය. අකුසලය හඳුනාගෙන කාර්යය පැවරිය යුතුය.

යමං කළුවේ ගෙදර යන්නට
කන්ද උඩින් අඳුර එනවා.
උඹට වගේ මගේ ඇගටත්
හරිම මහන්සිය දැනෙනවා.

කෙතරම් සානුකම්පිත අදහසක් ද? එය කෙතරම් නිවැරැදි ද? සතා සිවුපාවා පිළිබඳ වුවද අප නිවැරැදිව සිතිය යුතු ය.

පීඩනය මනසට පැමිණීමත් සමඟ ඔහුගේ නිර්මාණශීලීබව බිඳ වැෙටි. කළ හැකි දේ කිරීමට නොහැකි තැනට පත්ෙවිවි.එම පීඩාව තුළ කුමක් කළ යුතු ද? යන්න සිතාගැනීමට නොහැකි වේ. එනිසා පුද්ගලයෙකුගේ කුසලය නොහැකියාව හඳුනාගෙන පැවරිය යුතු කාර්යය පැවරිය යුතුය.

 

 නවම් අව අටවක පෝය


 නවම් අව අටවක පෝය පෙබරවාරි 7 වනදා බදාදා පූර්ව භාග 8.48 ට ලබයි. 8 වනදා බ්‍රහස්පතින්දා පූර්වභාග 10.16 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම පෙබරවාරි 7 වනදා බදාදාය.

 

මීළඟ පෝය පෙබරවාරි 15 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 07

Full Moonඅමාවක

පෙබරවාරි 15

First Quarterපුර අටවක

පෙබරවාරි 23

Full Moonපසෙලාස්වක

මාර්තු 01


2018 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2018 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]