Print this Article


අරලගංවිල යාය 06 සාම විහාරයේ සංඝාවාසය විවෘත කෙරේ

අරලගංවිල යාය 06 සාම විහාරයේ සංඝාවාසය විවෘත කෙරේ

පොළොන්නරුව අරලගංවිල යාය 6 සාම විහාරයේ ඉදිකරන ලද සංඝාවාසය විවෘත කිරීම පෙබරවාරි 04-05 යන දිනවල සිදුකෙරිණි. 04 දින පිරිත් දෙසුමක් හා 05 දින සංඝගත දක්ෂිණාවක් ද එදින එම ගම්මානයේ දිමුතු පෙර පාසලට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කිරීම ද සිදු කෙරිණි.

එම පින්කම බොරලැස්ගමුව ප්‍රදේශවාසින්ගේ ධන පරිත්‍යාගයෙන් සාම විනිසුරු ජී. විජේපාල පෙරේරා මහතා හා එම මහත්මියගේ මූලිකත්වයෙන් සිදු කෙරිණි.