තල්පිටියේ චන්දරතන නා හිමි
වාද්දුව තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරාධිපති පානදුර තොටමුණබද රයිගම් කෝරළයේ
ප්‍රධාන සංඝ නායක විශ්‍රාමලත් පරිවෙණාධිපති ශාස්ත්‍රපති තල්පිටියේ චන්දරතන
නාහිමියන් ආදර්ශවත් හිමිනමක් වේ. 1962 පෙබරවාරි 4 වන දින තල්පිටියේ විසූ අංගගේ
පුණ්‍යසිරි පෙරේරා මහතා සහ ජේන් නෝනා පෙරේරා දම්පතීන්ගේ පුත්රුවනක් ව උපත ලැබීය.
අපවත්වී වදාළ කලපුගම චන්ද්‍රජෝති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා අපවත්වී වදාළ
පණ්ඩිත තල්වත්තේ ඉන්ද්‍රජෝති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේත් ශිෂ්‍යයෙකු ලෙස පැවිදි
උපසම්පදාව ලබා ඇති තල්පිටියේ චන්ද්‍රරතන නා හිමියෝ තල්පිටියේ දළදාවත්ත පුරාණ මහා
විහාරය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කර ඇත.
ඓතිහාසික උරුමයත් සහිත කළුතර දිස්ත්‍රික්කයට ආලෝකයක් සපයන පුරාණ විහාරස්ථානයක් ලෙස
වාද්දුව තල්පිටිය දළදාවත්ත පුරාණ මහා විහාරය මේ වන විට වර්ෂ 200 කටත් වඩා පැරණිය.
එම විහාරස්ථානය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ශ්‍රී දළදා මහා පෙරහර සම්බන්ධ
ඓතිහාසික ජනප්‍රවාද රාශියක් ඇත.
තල්පිටියේ ශ්‍රී දළදා පූජෝත්සවය 1933 ආරම්භ කර ඇති අතර එදා සිට පූජෝත්සවය අවසානයේ
පවත්වනු ලබන ශ්‍රී දළදා මහා පෙරහර කළුතර දිස්ත්‍රික්කයේ ඓතිහාසික වටිනාකමක් ඇති
පෙරහරක් ලෙස පිළිගෙන තිබේ. පසුගිය වසරේ පැවති 84 වන ශ්‍රී දළදා මහා පෙරහරට සමගාමීව
පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත විහාරස්ථානයක් ලෙස නම් කර ඇත.
එවැනි ඓතිහාසික උරුමයක් සහිත දළදාවත්ත පුරාණ මහා විහාරස්ථානය වර්තමානයේ ආගමික,
සමාජීය, ශාසනික අධ්‍යාපනික කටයුතුවල කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් තිබීම පිළිබඳව
ජනතාව මහත් සේ සතුටු වේ. අති උදාර සේවාවක් සිදුකරනු ලබන වත්මන් විහාරාධිපති
තල්පිටියේ චන්දරතන නා හිමියන්ට මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා
විහාර පාර්ශ්වයේ පානදුර තොටමුණ බද රයිගම් කෝරළයේ ප්‍රධාන සංඝ නායක පදවිය 2014 දී
පිරිනමනු ලැබූහ.
තල්පිටිය දළදාවත්ත පුරාණ විහාරයේ පවත්වාගෙන යනු ලබන විහාර කාර්ය සාධක සමිතිය. උදාර
කුළ පුත්‍ර පර්ශදය, ධර්ම දේශනා සංසදය, දහම්පාසල් ආදි ශිෂ්‍ය සංගමය, ජ්‍යෙෂ්ඨ
පුරවැසි සමිතිය, තරුණ අධ්‍යයන කවය, කුළඟන සමිතිය,ආදි සමිති සමාගම්වල අනුශාසක
ස්වාමීන් වහන්සේ වශයෙන් ආදර්ශමත් අන්දමින් එම සංවිධාන පවත්වාගෙන යාමට මහත්
උනන්දුවක් දක්වන අතර කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රසිද්ධ විවිධ නිර්මාණ අනුව ඉදිකරන මහා
වෙසක් පහන්කූඩුව සෑම වෙසක් උත්සවයේ දී ම නොමිලයේ සතියක් පුරා ප්‍රදර්ශනය කරන එහි
නිර්මාතෘ වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය මහ පරිවෙණාධිපති රාජකීය පණ්ඩිත තල්පිටියේ
ධම්මරතන ස්වාමීන් වහන්සේ හා දඹගල්ලේ සිරිරතන හිමියන් දෙනම ශිෂ්‍යයන් ලෙස උන්වහන්සේට
විශාල අනුග්‍රහයක් දක්වති.
විහාරස්ථ ශ්‍රී රේවත දහම් පාසලේ සිසු දරුවන් 1500 කට අධික වන අතර ප්‍රදේශයේ දහම්
පාසල් අතර ආදර්ශමත් දහම් පාසලකි. ප්‍රධානාචාර්ය ධුරය හොබවන්නේ තල්පිටියේ චන්දරතන නා
හිමියන් විසිනි.
පෙබරවාරි 04 වන දින ජන්ම දිනය සැමරූ තල්පිටියේ චන්දරතන නායක ස්වාමීන් වහන්සේට තම
ශාසනික හා සමාජිය සේවාව තවදුරටත් කරගෙන යාමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයත් නිරෝගී
සුවය හා දීර්ඝායු ලැබේවා.
වාද්දුව සංචාරක
තල්පිටියේ ඩබ්.එම්.එන්.වී. විජේනායක
පොහොරබාවේ
විමලතිස්ස නා හිමි
රත්නපුර මහ දිසාවේ ද්විතීය සංඝ නායක ධර්මකීර්ති ශ්‍රී ධම්මතිලක පොහොරබාවේ විමලතිස්ස
නා හිමියන්ගේ 2018.02.12 දිනට යෙදෙන 50 වන ජන්ම දිනය නිමිත්තෙනි.
රත්නපුර දිස්ත්‍රික්කයේ පොහොරබාව ගම්පියසේ ශ්‍රද්ධාවන්ත පවුලක්වූ විතානගේ පොඩි
අප්පුහාමි හා වීරක්කුට්ටි ආරච්චිලාගේ දෝන ඇලිස් නෝනා දම්පතීන්ට 1968.02.12 දින
පුත්රුවනක් ලැබිණි. සහෝදර, සහෝදරියන් සත් දෙනෙකුගෙන් සමන්විත පවුලේ පස්වෙනියා වන
මෙම දරුවා නමින් ගාමිනී කමල් නම් විය.
මූලික අධ්‍යාපන කටයුතු පොහොරබාව මහ විදුහලින් ලැබූ අතර ඉගෙනීමට වඩා මහණදම් පිරීමට
දැඩි ආශාවක් දක්වන බව වටහාගත් දෙමාපියන් තම දරුවා පොහොරබාවේ මෙත්තාරාමාධිපති මාපොටේ
නාගිත හිමියන් වෙත භාරකෙරුණු අතර 1963.01.03 දින මාතොටේ නාගිත නාහිමියන්ගේ මග
පෙන්වීම මත ඇහැලියගොඩ මදරසිංහාරාමාධිපති පන්නිල ධම්මතිලක නා හිමියන් වෙත භාර
කෙරුණි. ඉගෙනීම් කටයුතු සාමණේර බණ දහම් පොත් මනා ලෙස ප්‍රගුණ කළ පසු 1984.03.14 දින
යෙදුණු සුභ මොහොතින් පන්නිල ධම්මතිලක නා හිමියන්ගේ ආචාර්යත්වයෙන් පොහොරබාවේ
විමලතිස්ස නමින් සසුන්කෙතට ඇතුලත් විය. 1985 දී විද්‍යෝදය මහා පිරිවෙනට ඇතුලත්ව
අධ්‍යාපනය ලැබීමෙන් පසු පිරිවෙන් අවසන් විභාගයෙන් මනා ලෙස සමත් විය. 1988.06.12 දින
මල්වතු මහා විහාරයේ දී රාජකීය පණ්ඩිත පහමුනේ ශ්‍රී ගුණානන්ද අනුනායක මාහිමියන්ගේ
උපාධ්‍යායත්වයෙන් උපසම්පදා භූමියට ඇතුළත් විය.
1994 දී ආචාර්යවරයෙකු වශයෙන් බුළුගහපිටිය ශ්‍රී සුමන මහා පිරිවෙන් ගුරු මණ්ඩලයට එක්
වී 2005 දී සීතාවකපුර ගුරු අභ්‍යාස විද්‍යාලයට ඇතුලත් වී මනා ගුරුපුහුණුවක් ලැබීය.
2007 දී නියෝජ්‍ය විදුහල්පතිධූරයට පත්වී 2010 දී තම දක්ෂතා මත පරිවෙණාධිපතිධූරය
එකසිතින් තම ධනය, ඤාණය පරිත්‍යාග කරමින් තම ගුරු මණ්ඩලයේ මනා සහයෝගයෙන් රත්නපුර
දිස්ත්‍රික්කයේ ජනපි‍්‍රය විද්‍යාතන මහා පිරිවෙනක් දක්වා දියුණුකිරීමට සමත්විය.
ඉද්දමල්ගොඩ නෙගමුරජමහා විහාරස්ථානයේ විහාරාධිකාරි වශයෙන් පත්වීමෙන් පසු දායක
පිරිසගේ සහයෝගය ඇතිව ප්‍රදේශයේ දර්ශනීය අංගසම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කිරීමට
නා හිමියෝ සමත්විය. විහාරස්ථානය මුල් කරගෙන පවත්වාගෙන එනු ලබන දහම් පාසල ද මේ වන
විට ජනපි‍්‍රය දහම් පාසලක් බවට පත්වී ඇත. ප්‍රදේශයේ සියම් මහා නිකායේ ප්‍රාදේශීය
සංඝ සභාවක් පිහිටුවීමට ද නා හිමියෝ ක්‍රියාකළහ. නිකාය බේදයකින් තොරව සියලු මහා
සංඝරත්නය සමඟ මනා සහයෝගයෙන් කටයුතු කරන අතර සිංහල, දෙමළ, මුස්ලිම් සමඟිය තහවුරු
කිරීමට ද කටයුතු කරයි. ඇහැලියගොඩ ප්‍රදේශයේ වෙළෙඳ ප්‍රජාවගේ සහයෝගය මත දිගු කලක්
සිට පවත්වාගෙන එනු ලබන පොසොන් දම්සරණි වැඩ සටහන් දියුණු කිරීමට ද කටයුතු කළේය.
2015.11.27 දින සිය ගුරුදේවයන් වූ පන්නිල ධම්මතිලක නා හිමියන් අපවත්වීමෙන් පසු
විහාරාධිපතිධුරයට පත්විය. තම පැවිදි සහෝදර හත්තාපිටියේ පියදස්සි හා වියලගොඩ අස්සජි
හිමිවරු ඇහැලියගොඩ ප්‍රදේශයට විශාල ආගමික හා ශාසනික සේවාවක් ඉටුකරයි. පැවිදි ශිෂ්‍ය
භික්ෂූන් වහන්සේ වන ඉලුක්පිටියේ චන්දානන්ද හිමියන් ද ආචාර්යවරයකු වශයෙන් සේවය කරයි.
පොහොරබාවේ විමලතිස්ස නාහිමියන් විසින් ඉටුකරන ආගමික ශාසනික හා සමාජසේවාවන් තවදුරටත්
ඉදිරියට ගෙන යාමට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා.
සාමවිනිසුරු බුලුගහපිටියේ
පී. සිරිසේන ආරච්චි
බුලත්ගම සුමනජෝති හිමි
වළගම්බා රජතුමා ගොඩනැඟූ තුන්කෝරළයේ ඓතිහාසික පිළිම ලෙන රජමහ විහාරස්ථානයේ වත්මන්
විහාරාධිකාරි බුලත්ගම සුමනජෝති හිමියන් කටයුතු කරන්නට පටන් ගත් දා සිට පිළිම ලෙන
විහාරස්ථානයට නවෝදයක් ඇති විය.
සුමනජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ දිවියේ අඩ සිය වසක් ගත වන දා පින්කම් මාලාවක්
සංවිධානය කර තිබිණි. උන්වහන්සේගේ ජන්ම භුමිය වූයේ ගිනිගත්හේනට නුදුරු බුලත්ගම ගම්
පියසයි .1968 නවම් මස 03 වනදා ඕ.පී. පීටර් සිංඤෝ හා ආර්.එම්.ලීලාවතී දම්පතීන්ට
පින්වත් කුමරුවෙකු ඉපදිණි. හේ නමින් ශාන්ත කුමාර නම් විය.
තුන්කෝරළයේ ‘මහබාගේ” හාමුදුරුවෝ නමින් ජනාදරයට පත්වූ මහබාගේ සුමනසාර ලොකු
හාමුදුරුවන් වහන්සේ පින්වත් කුමරු බිබිළිඔය ඓතිහාසික රජමහා විහාරස්ථානයට ගෙන්වා ගෙන
වත් පිළිවෙත් සපුරා, උඩුනුවර උප ප්‍රධාන සංඝ නායක ගංහතේ සෝමරතන හිමිපාණන් වහන්සේගේ
උපාධ්‍යායත්වයෙන් මහබාගේ සුමනසාර ලොකු හාමුදුරුවන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ‘බුලත්ගම
සුමනජෝති’ නමින් 1980 නොවැම්බර් 12 වන දින පැවිදි විය.
අනතුරුව දෙහිඕවිට ශ්‍රී සුශිලෝදය මහ පිරිවෙනින් මූලික අධ්‍යාපනය ලබා උසස් ලෙස
පෙරදිග භාෂා හදාළහ. බුලත්ගම සුමනජෝති හාමුදුරුවන් වහන්සේ මල්වතු මහා විහාරයීය මංගල
උපෝෂථාගාරයේ දී 1993 දී උපසම්පදා ශීලයෙහි පිහිටුවූහ.
උන්වහන්සේ ඓතිහාසික පිළිම ලෙන රජමහ විහාරස්ථානය සියලු විහාරාංගවලින් පරිපූර්ණ කළහ.
කලක් කොරියාවට වැඩම කොට දහම් දෙසමින් ජාත්‍යන්තර සේවාවක් ද කළහ. දඹදිව වන්දනා
පිරිස් රැගෙන ගොස් ඒ උතුම් අවස්ථාවල පින්කම් කිරීමට පහසුකම් සලසා දී ඇත.
දායකකාරකාදීන්ගේ කටයුතු නොපිරිහෙලා ඉටු කරන අතර, ජාතික, ආගමික, ශාසනික, සංස්කෘතික
ලෙස මහඟු මෙහෙවරක් කරන්නේ ය. යටියන්තොට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි
ලෙස වසර අටක් පමණ දැයේ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබාදීමට කටයුතු කිරීම ද මෙහිලා සඳහන්
කළ යුතුම ය.
බුලත්ගම සුමනජෝති ස්වාමීන් වහන්සේ පැවිදිවී වසර 37 ක්ද උපසම්පදා වී වසර 25 ක් ද උපත
ලබා වසර 50 ක් ද සපිරෙන පෙබරවාරි 03 වනදා පින්කම් මාලාවක් සංවිධානය කර තිබිණි.
සියම් මහ නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නා හිමියන්
ප්‍රමුඛ ප්‍රදේශයේ මහ සඟරුවන 50 නමකට අධිකව වැඩමවා නිදහස් දා (04) සඟසතු දානයක්
පිරිනමා පෙර දා පිරිත් දේශනාවක්ද , ගැබිණි මවුවරු 100 දෙනෙකුට පෝෂණ මලු ලබා දී
පින්කම් රැසක් පවත්වා බුලත්ගම සුමනජෝති ස්වාමීන් වහන්සේට දීර්ඝායු පැතීමට කටයුතු
යොදා තිබිණි.
ජාතික රූපවාහිනියේ ජාතික පාසලේ උසස් පෙළ
දේශක ජාතික ගුවන් විදුලියේ ආගමික
සම්පත්දායක
බප/කැල සපුගස්කන්ද මහා විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති
සුමුදු සුබසිංහ |