ලෝසතට වැඩ සදන ලෝවැඩ සඟරාව:
පින් කළ නොහැකි ලොව
සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය
දිවියාගහ
යසස්සි නා හිමි
ඔහු ඒ වන විට කවර තැනක සිටී දැයි බුදු නුවණ මෙහෙයවා බලත් ම කලුරිය කොට අරූප ලෝකයෙහි
ඉපිද සිටින බව අවබෝධ විය. එයින් පැහැදිලි වන්නේ රූපය ගැන කළකිරී භාවනා කොට කෙලෙස්
ප්‍රහීණ කිරීමෙන් අරූප තලයෙහි උපත ලබා දෙන බවයි.
සිත මිස කය නැති බඹලොව සතර කි
සිත නැතිව ම කය ඇති බඹ තලය කි
මෙද සත පින් කොට උපදින පෙදෙස කි
එහි උපනත් කුසලක් නොම කළ හැ කි
සිත ඇති, රූපයක් නැති අරූප බ්‍රහ්ම ලෝක සතරකි. සිත නැති, රූපය ඇති එක් අසඤ්ඤ
බ්‍රහ්ම ලෝකයකි. මේවායේ වසන සත්ත්වයන් පින් කොට උපත ලබා සිටී. එහෙත් ඒ කිසිවෙකුට
කුසලයක් කළ නො හැකි ය. මේ ලෝවැඩ සඟරාවෙහි එන ඉහත කවියෙහි අර්ථ යයි.
සමසතළිස් කර්මස්ථාන අතුරෙන් සුදුසු එකක් අනුව භාවනා කිරීමෙන් සිත දියුණු කොට ගත් අය
ධ්‍යාන උපදවා ගනිති. එය බුදු උපතටත් පෙර සිට සමාජයෙහි ක්‍රියාත්මක ව පැවතුණු බව
ආළාරකාලාම, උද්දකරාම ආදීන්ගෙන් පැහැදිලි වෙයි. සමථ භාවනා ක්‍රමයෙන් සිත දියුණු කොට
ප්‍රථම ධ්‍යානය උපදවා ගත් අය මියගිය කල්හි බ්‍රහ්මපාරිසජ්ජ, බ්‍රහ්මපුරෝහිත,
මහාබ්‍රහ්ම යන බ්‍රහ්ම ලෝකයන්ගෙන් එකක උපත ලබති. තවදුරටත් භාවනා කිරීමෙන් ද්විතීය
ධ්‍යානය ලැබූ අය කලුරිය කළහොත් පරිත්තසුභ, අප්පමාණසුභ, ආභස්සර යන බ්‍රහ්මලෝකයන්ගෙන්
එකක උපත ලබති. භාවනා මඟින් තෘතීය ධ්‍යානය උපදවාගෙන සිටිය දී කලුරිය කළ අය
පරිත්තසුභ, අප්පමාණසුභ, සුභකිණ්හක යන බ්‍රහ්මලෝකයන්ගෙන් එකක උපත ලබති. භාවනාව
වැඩිදියුණු කොට චතුර්ථ ධ්‍යානය ලැබුවෙක් වේහප්ඵල, අසඤ්ඤසත්ත යන බ්‍රහ්ම ලෝකයන්ගෙන්
එකක උපත ලබති. විදර්ශනා භාවනාවෙන් අනාගාමි තත්ත්වය උදාකරගත් කෙනෙක් මියගිය කල්හි
අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට්ඨ යන සුද්ධාවාසයන්ගෙන් එකක උප්පත්තිය ලබති.
කලින් සඳහන් කළ බ්‍රහ්ම ලෝකවල උපත ලබන අය නාම රූපයන්ගෙන් යුතු ය. රූපය ඇති කල්හි
දඬු මුගුරු ගෙන කලකෝලාහල කිරීමටත්, සත්ව ඝාතනය ඇතුළු පව් සිදුකිරීමටත් පෙළඹෙයි.
රූපය නිසා මේ සියලු පව්කම් සිදුකරති යි සිතා කළකිරීමට පත්ව තවදුරටත් භාවනා කිරීමෙන්
රූපය නැතිව උප්පත්තිය ලබන ආකාසානඤ්චායතන, විඤ්ඤානඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන හා
නේවසඤ්ඤානාසඤ්ඤායතන යන සතර අරූප බ්‍රහ්ම ලෝකයක උපත ලැබීමේ අවස්ථාව උදාකර ගනියි. මේ
හැර කවියෙහි ‘සිත නැතිවම කය ඇති බඹතලයකි ‘යනුවෙන් දක්වන ලද්දේ සිත නැතිව කය පමණක්
ඇති කලින් සඳහන් කළ අසඤ්ඤසත්ත බ්‍රහ්මලෝකය පිළිබඳව යි.
සිද්ධාර්ථ බෝසත් තුමා මහභිනික්මන් කොට ශාන්ති පදය සොයා ඒ මේ අත ඇවිද විශාලා මහනුවරට
පැමිණුනි. එහි දී එක්තරා අසපුවක ශිෂ්‍ය සමූහයක් පිරිවරාගෙන සිටි. ආලාරකාලාම තවුසා
මුණගැසුණි. එහි දී ලබාගත් උපදෙස් අනුව භාවනා කිරීමෙන් සත්වන ධ්‍යානය වූ
ආකිඤ්චඤ්ඤායතන ධ්‍යානය ලබාගැනීමට හැකි විය. එහෙත් ඒ තත්ත්වය තුළින් දුක් කෙළවර කරගත
නොහැකිය යි තීරණය කොට එයින් ඉවත්ව උද්දකරාමපුත්ත තවුසා වෙත පැමිණ එතුමාගේ උපදෙස්
අනුව භාවනා කිරීමෙන් අටවන ධ්‍යානය වූ නේවසඤ්ඤානාසඤ්ඤායතන සමාපත්තිය ලබා ගැනීමට හැකි
විය.
බෝසත්තුමා විසින් යා යුතු නියම මඟ වටහාගෙන භාවනා කිරීමෙන් උතුම් වූ බුද්ධත්වයට පත්ව
තමා අවබෝධ කොටගත් ධර්මය කා හට පළමුව දේශනා කරම් ද යි සිතා බලද්දී තමාට කලින්
උපකාරවත් ව කටයුතු කළ ආළාර කාලාම තවුසා ගැන සිහිපත් විය. ඔහු ඒ වන විට කවර තැනක
සිටී දැයි බුදු නුවණ මෙහෙයවා බලත් ම කලුරිය කොට අරූප ලෝකයෙහි ඉපිද සිටින බව අවබෝධ
විය. එයින් පැහැදිලි වන්නේ රූපය ගැන කළකිරී භාවනා කොට කෙලෙස් ප්‍රහීණ කිරීමෙන් අරූප
තලයෙහි උපත ලබා දෙන බවයි.
දිව්‍ය ලෝක හා මනුෂ්‍ය ලෝකයන් හි උපත ලැබීමට මහත් සේ දාන ආදී පින් කළ යුතු වෙයි.
එහෙත් ඒ සියල්ලට ම වඩා සිත දියුණු කිරීමෙන් ධ්‍යාන උපදවා ගතහොත් බ්‍රහ්ම ලෝකයෙහි
උපත ලබා ගත හැකි ය. වඩාත් සිත දියුණු කිරීමෙන් අරූපාවර බ්‍රහ්ම ලෝකයක උපත ලැබිය
හැකි වෙයි. ආලාරකාලාම උද්දකරාම අසිත වැනි තාපසවරු ඒ අන්දමට සිත දියුණු කර ගත් අය ය.
එහෙත් මේ අරූප තලයන් හි උපන් අයට රූපයක් නැතිවීම නිසාත්, අසඤ්ඤතලයේ උපන් අයට සිතක්
නැතිවීම නිසාත් කිසිදු පිනක් කළ නොහැකි බව මුලින් දැක් වූ කවියෙන් පෙන්වා දෙයි. |