නිරෝගි බව
උතුම්ම ලාභයයි
නයිවල ශ්‍රී ධම්මරතන
බෞද්ධ
මධ්‍යස්ථානාධිපති, ශාස්ත්‍රපති
හිස්සැල්ලේ රතනසීහ හිමි
අද සමාජයේ වැඩිපුරම සිටින්නේ බෙහෙත් බොන පිරිස් ය. කුසගින්නට ආහාරයක් නොමැති වුවද
බෙහෙත් ගන්නට ඕනෑතරම් පිරිස් පෝලිම්වල සිටිති. තරුණ දරුවන් ද ඉතා අඩු වයසින්
දියවැඩියාව, හෘදයාබාධ වැනි රෝගවලට ගොදුරු වෙමින් පවතී. මේ අනුව අනාගතයේ අපට උරුම
වන්නේ රෝගී පරපුරක් යැයි නොසිතා සිටිය හැකි ද? මෙවැනි පිරිසක් සමග රටක් සංවර්ධනය
කරන්නේ කෙසේද?
බුදුරජාණන් වහන්සේ නිරෝගිකම පිළිබඳව දීර්ඝව කරුණු දක්වා ඇත. ‘ආරෝග්‍ය පරමා ලාභා’
නිරෝගිකම උතුම්ම ලාභය ලෙස දේශනා කර ඇත. සැබෑ නිරෝගිකම ලබාගන්නේ කෙසේද? යන්න පිළිබඳ
උන්වහන්සේ විවිධ සූත්‍ර දේශනාවන්හි දේශනා කර තිබේ. ගිරිමානන්ද සූත්‍රය, රෝග
සූත්‍රය, මහා කාශ්‍යප ථේර සූත්‍රය, ගිලානුපට්ඨක සූත්‍රය, ජරා සූත්‍රය යනාදිය ඒ අතර
ප්‍රමුඛත්වයක් ගනී.
මුළු ශරීරයම ලෙඩ ගොඩක් බව බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. කායික රෝගවලින් නොපෙලී
අවුරුද්දක් දෙකක් තුනක්, හතළිහක්, පනහක් හෝ ඇතැම් විට සියයක් පමණ නිරෝගිව වෙසෙන අය
සිටිය ද මානසික රෝගවලින් නොපෙළී, පීඩා නොවිඳ එක මොහොතක් හෝ සිටිය නොහැකි ය. එසේ
සිටිය හැකි රහතන් වහන්සේලාට පමණි. මිනිස් සිතේ රාග, ද්වේෂ, මෝහ, කෙලෙස් සිතිවිලි
පවතිනතුරු සිත නිරෝගි නොවේ. මේ නිසා නිවන් දකින තුරු අපි සියලු දෙනාම ලෙඩ්ඩු වෙමු.
බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කළේ ‘සබ්බේ පෘථජ්ජනා උම්මත්තකා’ යනුවෙනි.
එනම් සියලුම පෘථග්ජන පුද්ගලයන් මානසික ලෙඩ්ඩුන් බව ය. විශේෂයෙන් ලෝකයේ දියුණු රටවල
වැඩිපුර වැඩකිරීම නිසා මානසික ආතතියෙන් මරණයට පත්වීමේ සංඛ්‍යාව වැඩි වී ඇත. මේ නිසා
මුළු මහත් ලෝකයම සංකීර්ණත්වයෙන් පිරී ආතතියෙන් වෙළී ඇති බවක් අපට හැඟේ. සියදිවි නසා
ගැනීම්, හදිසි අනතුරු දිනෙන් දින ඉහළ යන අතර සමාජ කළ කෝලාහල, අඬ දබර පවුල් අවුල්
ඇතිවන බවද පර්යේෂණ වාර්තා පෙන්නුම් කරයි.
ත්‍රිපිටකය පරිශීලනය කිරීමේ දී බුදුරජාණන් වහන්සේ විසින්ම තමන් වහන්සේ වෛද්‍යවරයෙක්
ලෙස හඳුන්වා දී ඇති අවස්ථා ද දැකිය හැක. ඉතිවුත්තක පාලියේ චතුක්ක නිපාතයේ දී
උන්වහන්සේ තමන් වහන්සේ ව මෙසේ හඳුන්වා දී ඇත. ‘මහණෙනි මම රාගාදි කෙලෙස් මුල් උදුරා
දමන ශල්‍ය වෛද්‍යවරයෙමි’ වෛද්‍යවරයෙක් ඕනෑම වෙලාවක ප්‍රතිකාර කිරීමට සූදානම් ව
සිටින අතර බුදුරජාණන් වහන්සේ වෙතද ඕනෑම වෙලාවක පැමිණි සැමට උන්වහන්සේ ප්‍රතිකාර කළ
බව ද ත්‍රිපිටකයේ සඳහන් වේ.
අංගුත්තර නිකායේ දසම නිපාතයේ සඤ්ඤා වග්ගයේ බුදුරජාණන් වහන්සේ වෛද්‍යවරයකු වන්නේ
කෙසේදැයි සඳහන් කර ඇත. ‘මහණෙනි, වෛද්‍යවරු, පිතෙන්, සෙමෙන්, වාතයෙන් හටගත් රෝග සුව
කිරීම පිණිස විරේචන බෙහෙත් ලබා දෙති. මහණෙනි මම ද ආර්ය විරේචනය දෙන්නෙමි. ඒ
විරේවනයෙන් ඉපදීම ස්වභාව කොට ඇති සත්ත්වයා ජරාවෙන් මිදෙයි. ශෝකය, විලාපය, දුක්
දොම්නස්, උපායාස ස්වභාවය කොට ඇති සත්ත්වයෝ එයින් මිදෙති.
බුදුරජාණන් වහන්සේ බව දුකට වෙදාණන් කෙනකු වැනි ය. වෛද්‍යවරියක් විවිධ ව්‍යාධිවල
නිධාන දැන සිටිය යුතු ය. එබැවින් බුදුහිමියෝ චතුරාර්ය සත්‍ය දේශනා කළහ. ඒ නම් දුක,
දුකට හේතුව, දුක නැති කිරීම, දුක නැතිකිරීමේ මාර්ගයයි.
අපේ පැරැන්නෝ අවුරුදු සියයකටත් වඩා කාලයක් නිරෝගිව ජීවත් වූහ. මෑත යුගයේ ඇතැමුන්
අවුරුදු හැත්තෑවක් ජීවත් වෙතත් මළවුන් සේ යැයි හැඟේ. මෙසේ වෙන්නේ ඇයි? අප කෙතරම්
ආගමික දැනුම ලැබූවත් ප්‍රායෝගිකව දැනුවත් වී නොමැත. අපේ රට ශීඝ්‍රයෙන් වාණිජකරණයට
හසු වී ඇත. මේ නිසා අපේ ආහාර රටාවද ක්ෂණික වී ඇත. මේ නිසා කුඩා දරුවෝ ද දියවැඩියාව,
අධික ස්ථුලභාවය වැනි රෝගවලට ගොදුරු වෙමින් සිටිති.
පරිගණක ඉදිරියේ අපේ දරුවන් කාලය ගෙවීම නිසා පරිකල්පන ශක්තිය මොට වී ඇත. යහපත් චර්යා
ධර්ම ඔහු නොහඳුනයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යහපත් චර්යා ධර්ම තුළින් නිරෝගිකම
ලබාගත හැකි බවයි. ගිලනුන්ට උවටැන් කිරීම බුදුන්වහන්සේට උවටැන් කිරීමට සමාන බව එහිදී
දේශනා කර ඇත.
සො ගිලාහං උපට්ඨෙය්‍ය
සො මං උපට්ඨෙය්‍ය
පූතිගත්තතිස්ස තෙරුන් ගිලන් වී සිටි විට බුදුහිමියන් ආනන්ද හිමියන් සමග එක් වී
තෙරුවන් තනවා පිරිසුදු කර ඇප උපස්ථාන කළහ.
නිරෝගිමත් ජීවිතයක් උදෙසා පරිසරය කෙතරම් පිරිසුදුව තබාගත යුතුදැයි බුදුරජාණන්
වහන්සේ පෙන්වා දී ඇත. චුල්ලවග්ගපාලි චත්තඛන්ධකයේ දී කෑම ගත යුතු ආකාරය, පාත්‍රය
පිරිසුදුව තබා ගැනීම, ළිං සහ වැසිකිළි පිරිසුදුව තිබීමේ වැදගත්කම පැහැදිලිව දේශනා
කර ඇත. එසේම ධර්මය දේශනා කරනවිට ද උදාහරණයට ගෙන ඇත්තේ ගංඟාවක්, කැලයක්, ගසක කොළ
ටිකක් ආදී පරිසරයෙන් ලබාගත් දෑය. ගිහිගෙයින් නික්මුණු දා සිට බුදුබවලබා පිරිනිවන්
පාන මොහොත දක්වාම උන්වහන්සේ පරිසරයත් සමඟ වැඩ සිටියහ.
එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ නකුලපිතා නමැති ගෘහපතියාට දේශනා කළේ මෙසේ ය.
ගෘහපතිය, කෙළ, සෙම්, සොටු ආදිය නිතර වැගිරෙන මේ කය ආතුරය, දුබලය, වැටුණහොත් බිඳී යන
බිත්තරයක් වැනි ය. සියුම් සමකින් වැසී ඇති එකකි. ගෘහපතිය, ආතුර කයක් ඇති බව අනාතුර
සිතක් ඇතියකු වන පරිදි පිළිපැදිය යුතු ය. අනේක විධ වූ ව්‍යාධීන් හටගන්නා ස්වභාවයක්
ඇති මෙම පංචස්කන්ධය ගැන අවබෝධ කරගත් නුවණැත්තෝ එහි ඇලී ගැලී නොසිට ආතුර වූ
පංචස්කන්ධය හැර අතහැර වූ නිවනට පිවිසෙන්නෝ ය.
අපේ සිරුර රෝගාබාධ වලට මූලිකම වස්තු බීජයයි. එම නිසා ශාරීරික හා මානසික නිරෝගිතාව
පවත්වාගැනීමට අවශ්‍ය මූලික දේ බුදුදහමේ උගන්වා ඇත. ඒ මගෙහි ගමන්කර මනා සෞඛ්‍ය
තත්ත්වයක් උදාකරගෙන ඒ තුළින් නිවන සාක්ෂාත් කරගත හැකි ය.
අයන්ති විතාන |