Print this Article


පහන් සිතක කවි

නමදිමු සිරිපා

පුද ලද උතුම් මුනි සිරිපා පියු මෙන්ද
සුර , බඹ, නා, පිරිස් ගොනු ගොනුවී වැන්ද
තුන් ලෝ සාධු ජනයන්ගේ මන බැන්ද
නයනානන්දනීය යි සමනළ කන්ද

නොතකමු ජාති ආගම් කුල මල භේදේ
නොසිතමු ඉහතදී සිදු වුණු කළ කීදේ
ලැබගමු සමන් සුරිඳුගෙ ආසිරි වාදේ
නමදිමු උතුම් මුනි සම්බුදු සිරි පාදේ


ප්‍රඥාලෝකය

පරිහරණන් හැකි තරමින් දුරුමවෙමින් සිටියොත්
සැම දෙයකින් මිදුන සිතින් සිතට නිවන් ගෙනදෙත්
භග දහමින් දෙන ඔවදන් පිළිපදිමින් මැද සිත්
අනුවයමින් සිටින දනන් අම නිවනින් සැනසෙත්


පින

දෙලොව සැපත
පතන අයට
නිතර පිහිට
පිනම තමා


සිරිපා සමය

මෙතපා සියලු සත වෙත යන සසර දිගේ
වෙරපා බුදුව පෙන්වූ අම නිවනෙ අගේ
මුනිපා පියුම නමදින හැම දෙනම වගේ
සිරිපා සමය එළඹුණි ලොව කරන අගේ

ගෞතම බුදු පියා සඟවා නොගෙන ලෙහි
සෙව් දෙය සතට දුන් බව කළ යුතුය සිහි
කිව් දෙය නො අසනා නො ඉදින දහමෙ ගැහි
පව්කාරයන් හටනම් යා නොහැක එහි


පුතු ව එමි අවසර ද....පියාණෙනි .....

පෝදා සඳ මුදුන් වී එයි
මසිත ගැඹුරේ පාළු අඳුරට
සිනා කණිකා පොදක් දෙන්නට
අනේ පියතුම නැතේ මේ ලොව..........

කුමට සසරේ ඇවිද වෙහෙසෙනු
හමුව දුක් ගනු අනේ පියසඳ.......
බුදුව ලෝ සත නිවන භවයෙදි ........
පුතුව එමි අවසර ද.......? පියතුම