Print this Article


කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ධම්ම, අභිධම්ම සහ පාලි ඩිප්ලෝමා සිංහල මාධ්‍ය පන්ති 2018

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ධම්ම, අභිධම්ම සහ පාලි ඩිප්ලෝමා සිංහල මාධ්‍ය පන්ති 2018

ඉහත දක්වා ඇති විභාගයේ විෂයය නිර්දේශයට අනුව බොරැල්ලේ සංගම් මූලස්ථානයේ දී සෑම සෙනසුරාදා දිනකම පස්වරු 1.30 සිට 4.30 දක්වා පැවැත් වූ 2017 පන්ති අවසන් වූ අතර, 2018 වර්ෂය සඳහා ආරම්භ කිරීමට නියමිත නව පන්ති සඳහා සිසුන් බඳවා ගැනීමට නියමිත බව එම සංගමයේ ධර්ම පරීක්ෂණ අංශය කියයි.

උසස් දහම් අධ්‍යාපනයක් ලැබීමට කැමැති පැවිදි, ගිහි දෙපාර්ශ්වයටම ඊට ඉල්ලුම් කළ හැකි අතර, අයදුම්පත් ලබාගැනීම සඳහා තම ලිපිනය ලියූ රු. 10 /- ක මුද්දරයක් ඇලවූ 9 ය 4 ප්‍රමාණයේ ලියුම් කවරයක් සමඟ ඉල්ලුම් කළ යුතු බව ද කියයි. ලියුම් කවරයේ වම්පස උඩ ‘ධම්ම, අභිධම්ම සහ පාලි ඩිප්ලෝමා 2018’ යනුවෙන් සඳහන් කර පහත ලිපිනයට යොමු කරන ලෙසද එම සංගමය ඉල්ලීමක් කෙරේ. පන්ති ගාස්තු සඳහා මුදල් අයකිරීමක් නොකෙරේ. විමසීම් 2018.01.10 වෙනි දින දක්වා පමණක් භාර ගැනේ.

ලේකම්, ධර්ම පරීක්ෂණ අංශය, කොළඹ තරුණ බෞද්ධ සංගමය, අංක, 70, ඩී.එස්. සේනානායක මාවත, කොළඹ 08, එහි ලිපිනය වන අතර, දුරකථන අංකය 0112 695 786 වේ.