Print this Article


පහන් සිතක කවි

දුරුතු සඳ

එල ඹුන නව වසර සීතල දුරුතු මස
මිල කළ නොහැකි පැතුමකි අදිටනක් ලෙස
පෙළ හැර පෑ සමිඳු මගෙ ලක් පොළොව බැස
පල ලද දිනකි අසිරිය බුදු සමිඳු ඇස

පුද ලද කේශ ධාතූන් තිළිණයට ලද
අද මියු ගුණය දෙස් දෙයි ලෝකයට තෙද
නිද හස කියා පාමින් බුදු කිරණ වැද
පුද දෙමි දොහොත් පායයි අද දුරුතු සඳ


සමනොළ ගිර වරුණ

පිනි මුතු සැඟව මල් පෙති යට නිදි වරණ
පුබුදයි විටින් විට සීතල මද පවන
දෙසවන පුරයි තුන්සරණේ පද වරුණ
සරසයි සුපුන් සඳ සමනොළ ගිරි මුදුන

සිරිපද සිඹින්නට හිරු නැග එන අහසේ
තරු සැඟවුණී මී දුම් සළු යට රහසේ
දෙවිඳුන් රකින තුරු සමනොළ ගිර පණසේ
සිරිපද නැමද බැසයති බොදුදන රිසිසේ


නව වසරක උදාව

වසරක් ගෙවී නව වසරක උදාවයි
සැම සිත් තුළම සිත සතුටක් නැගේමයි
දින තුන්සිය හැට පහම සිත සතුටින් පිරෙන්නයි
බත බුලතින් සපිර අටුකොටු පිරෙන්නයි

ඉසි කෝ මාන සැමදෙන දුරු කරලා
දහමට බරව පින් සිතිවිලි පුරලා
ඇති හැකි අය නැති අයහට උදව් වෙලා
එක්වී වැඩ කරමු නව වසරේ සිනා සලා