මුනි සිරිපා කරුණා කරන සමය යි මේ:
දොහොත් නඟා අපි වඳිමු
මුනි සිරිපා වන්දනාව බෞද්ධ ජනතාව ගේ ජීවිතය හා සහ සම්බන්ධ වී ඇත්තේ අනාදිමත් කලක
සිට ය. සිරිපා වන්දනාව බෞද්ධ ජනතාවට තථාගතයාණන් වහන්සේ ජීවමානව වන්දනා කිරීම හා සම
විය.
‘අපේ බුදුන් අපි වඳින්න
වම් සිරිපා අපි වඳින්න
දොහොත් නඟා අපි වඳින්න
නලළ තියා අපි වඳින්න
පෙරළි පෙරළි අපි වඳින්න
වම් සිරිපා අපි වඳින්න
බුදු සිරිපා අපි වඳින්න
සුමන සමන් දෙවි පිහිටයි.
ගිරි දුර්ග, වන දුර්ග තරණය කරමින් එදා අපගේ මුතුන් මිත්තෝ තම හදවතින් ම ඉපැදුණු
බුද්ධ භක්තිය කවි පදයට පෙරඵෑවේ එලෙස ය. ඔවුහු ඒ කවි පද තාලයට ගැයූහ. ඔවුන් මුනි
සිරිපා කරුණා කළේ කරුණාවට මුල් තැන දෙමිනි.
තම ශාස්තෘන් වහන්සේ වූ තථාගත බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පද්මය දැක වන්දනාමාන
කිරීම මේ ජීවිතයේ ලද මහත් භාග්‍යයක් කොට ඔවුහු සැලකූහ. අදත් සලකති.
එදා අපේ මුතුන් මිත්තෝ සමනොළ ගිර දැක බලා වන්දනා කිරීමේ පාද චාරිකාව සිදු කළේ දූ
දරුවන් වෙනුවෙන් සියලු යුතුකම් ඉටු කිරීමෙන් පසුව ය. ගේ දොර, ඉඩ කඩම්, දේපොළ පවරා
දීමෙන් පසුව ය. ගමනා ගමනයට ප්‍රවාහන පහසුකම් නොතිබූ කලක දින, සති, මාස ගෙවා
වන්දනාවේ යෑම ම මිස ආපසු ඒ මේ බලාපොරොත්තුවක් නො තිබුණි.
ඒ වන දුර්ග මැදින්, ගිරි දුර්ග මැදින් පා ගමනින් යන ගමන අතරමඟ වග වලසුන්ගෙන් වන
කරදර මෙන් ම ලෙඩදුක් ආදී විවිධ උවදුරුවලට මුහුණදීමට සිදුවනු ඇතැයි සිතූ නිසා ය.
ඔවුන්ගේ එක ම බලාපොරොත්තුව වූයේ ගමනේ සුව පහසුව හෝ සුරක්ෂිතතාව නොවේ. ශ්‍රී පාද
පද්මය නමස්කාර කර ගැනීම ම ය. මූලික වූයේ මුනි සිරිපා වන්දනාව පුරාම සිත රැඳි
ශ්‍රද්ධාව ය.
ඒ නිසා මුනි සිරිපා නමැඳුමට යන කෝඩුකාරයා හෙවත් - පළමුවරට යන්නා. පිළිබඳව භාරහාර
වීම, ගෙත්තම් කිරීම හා මුනි සිරිපා සටහන සුදුරෙදි කඩකින් වැසීම ආදී විශේෂ චාරිත්‍ර
ක්‍රමයක් අනුගමනය කළහ. ගමන පුරාම මෙහි දී මුල්තැන දුන්නේ පංච ශීලයට ය. මේ ගමනේ දී
කලාතුරකින් හෝ පවක් සිදුවන්නේ මුසාවක් කීවේ නම් පමණි. එයිනුත් ආරක්ෂාවීමට පණවාගෙන
තිබූ පිළිවෙත ‘කට වරද්දා ගැනීමෙන්’ වැළකී ම ය. එය ඉබේ ම සුරැකුණේ ‘තුන් සරණේ’ කවි
පද ම මුවඟට නැඟුණ නිසා ය.
බෞද්ධ ජනතාව ශ්‍රී පාද වන්දනාවේ දී සීත ගඟුලෙන් ස්නානය කළේ පින වැඩි දියුණු කිරීම
වෙනුවෙන් කායික, මානසික පවිත්‍රතාව අරමුණු කරගෙන ය. රැගෙන යන පූජා ද්‍රව්‍ය
පිරිසුදුව පූජා කර, සිරිපතුලට පඬුරු දමා, දොළොස් මහේ පහනට තෙල් දමා, මඵවෙන් පිටවීමට
පෙර ශ්‍රී පාද වන්දනාවේ යෙදුණු වාර ගණනට ඝණ්ඨාව නාද කර පිටවීම ද ශ්‍රී පාද
වන්දනාකරුවාගේ පිළිවෙත ය.
- දීපා පෙරේරා |