|
|
අමරපුර මහා නිකායේ
උතුරු මැද පළාත් අධිකරණ සංඝ නායක
ශ්‍රාවස්තිපුර වෙහෙරබැන්දකුටිය රජ මහා
විහාරාධිපති වැලිසර ජිනවංශතිස්ස නාහිමියන්
විසින් 2018 වසරේ පාසල් යන දරුවන් 500
දෙනෙකුට සපත්තු, පාසල් බෑග් බෙදාදීම
පසුගියදා (10) සවස වෙහෙරබැන්දකුටිය රජමහා
විහාරස්ථානයේ දී සිදුකෙරිණි. |
|
|
|
|
උඩුගම ආශිර්වාද බෝධි පූජාව ජනවාරි 01 වනදා
ගාල්ල – උඩුගම ශ්‍රී ශාසනාලංකාරාරාම පුරාණ මහා විහාරස්ථානයේ දී රාජ්‍ය අනුග්‍රහය
සහිතව දඹදිව සිට මෙරටට වැඩම කරවා රෝපණය කරනු ලැබූ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස
වාර්ෂිකව සිදුකරනු ලබන ශ්‍රී මහා බෝධි පූජාව මෙවර ද 2018 ජනවාරි 01 දින රාත්‍රී
7.00 ට පැවැත්වේ.
වත්මන් විහාරාධිපති උඩුගම සමිත නා හිමියන්ගේ ආශීර්වාදයෙන් උඩුගම සාරානන්ද හිමියන්ගේ
මෙහෙයවීමෙන් එම කටයුතු සංවිධානය කර ඇත. රටට, ජනතාවට, ත්‍රිවිධ හමුදාවට, රජයට
සෙත්පතා නව වසරේ එම පූජාව පැවැත්වේ.
ඉතිරිය» |
|
උඳුවප් අමාවක පෝය
උඳුවප් අමාවක පෝය දෙසැම්බර් 17 වන දා ඉරිදා පූර්ව භාග 09.26 ට ලබයි. 18 වන
දා සඳුදා අපරභාග 12.00 න් ගෙවේ. 17 වන දා ඉරිදා සිල්.
මීළඟ පෝය දුරුතු පුර අටවක දෙසැම්බර් 26 වන දා අඟහරුවාදා
|
|
|
|
|
|
|