UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

සිරි මහ බෝ සමිඳුන් වැඩම කරවූ උඳුවප් පුර පොහෝ දිනය

සිරි සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ සිරිලකට වැඩම කිරීම ද සිරි මහ බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව වැඩම වීම ද, මෙහෙණි සසුන ඇරඹීම ද, සිරි පා වන්දනාව පටන් ගැනීම ද වැනි වටිනා ශාසනික සිදුවීම් රැසක් උඳුවප් පුර පසළොස්වක පොහෝදා සිදුවී ඇත. ගොවිතැනින් ජීවත් වූ ලක්වැසියා සීතල කාලය ඇරඹෙන මාස් කන්නයේ උඳු වගා කළ බැවින් මේ මාසයට උඳුවප් යනුවෙන් කියන ලදැයි පැවසේ. ගොවිතැනින් ඉසුරුමත් වූ ලක්වැසියා උසස් ආගමික දිවිපෙවෙතකට යොමු වූයේ සඟමිත් මහ රහත් තෙරණින් වහන්සේ ගේ වැඩමවීමත් සමඟ ම ය . එතුමියගේ කුළුණු බර මෙත් සිත නිසා ම ලක්දිව මෙහෙණි සසුන පිහිටුවීමට හැකි වූ අතර සංඝමිත්තා මෙහෙණින් වහන්සේ වඩමවන ලද සිරි මා බෝ සමිඳුන්ගේ අනුහස නිසා මෙරට සදහම් දිවයිනක් වීමේ කටයුත්ත ද සිදුවිය. අනුබුදු මිහිඳු මා හිමියන් සිරිලකට වැඩම කිරීමෙන් පසු දේශිත මුල්ම බණ දෙසුම් ඇසූ අනුලා දේවිය ඇතුළු පන්සියයක් කාන්තාවන් පැවිදි කරවන ලෙස උන්වහන්සේගෙන් ඉල්ලා සිටියත්, එසේ කිරීම භික්ෂූන්ට නුසුදුසු යැයි මා හිමියෝ දෙසූ සේක. ඒ අනුව කාන්තාවන් පැවිදි කරවීමට සඟමිත් මහ රහත් තෙරණිය වැඩම කරවා ගැනීමටත්, ඒ සමඟ ම සිරි මා බෝ සමිඳුන්ගේ දක්ෂිණ ශාඛාව වැඩම කරවීමටත් තීරණය විණි.

ඉතිරිය»

 

උඳුවප් පුර පසළොස්වක පෝය 


උඳුවප් පුර පසළොස්වක පෝය දෙසැම්බර් 03 වන දා ඉරිදා පූර්ව භාග 00.57 ට ලබයි. එම දා අපර භාග 9.16 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම දෙසැම්බර් 3 වන දා ඉරිදා ය.
 

මීළඟ පෝය දෙසැම්බර් 10 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 03

Second Quarterඅව අටවක

දෙසැම්බර් 10

Full Moonඅමාවක

දෙසැම්බර් 17

First Quarterපුර අටවක

දෙසැම්බර් 26


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]