අම්පාර සිව්මුණි සෑ වෙහෙර
විහාරස්ථානයේ දී ඉකුත් 31 වෙනි දින කුල දරුවෙකු සසුන් ගත
කරන ලදී. නැගෙනහිර පළාත් ප්රධාන සංඝ නායක තලාගංගොඩ
ධම්මරතන නා හිමි, ශාස්ත්රපති රිදියගම ඤාණතිලක නා හිමි,
අම්පාර සිව්මුණි සෑ වෙහෙර විහාරාධිපති ඇත්පිටියේ චන්දානන්ද
නා හිමියන්ගේ ආචාර්ය උපාධ්යායත්වයෙන් අයි.ජී. චමින්ද
කුමාර හා පී.ජී.ඩබ්ලිව්. ශිරෝමි ලක්මාලි යන දෙපළගේ එකම
පුතනුවන් වන අයි.ජී. චමුතිත ලක්ෂාන් කුමරුවා හොරේවෙල
චමෝදානන්ද හිමි නමින් පැවිදි බිමට පත්විය. |