වල්පොල ශ්‍රී සඳුන් විහාරයේ රන් වැට සහිත බෝධි ප්‍රාකාරය විවෘත
කිරීම 18 වන දා
පලල්ලේ සරණජෝති හිමි
යක්කලමුල්ල වල්පොල ශ්‍රී සඳුන් විහාරය 1974 දී වල්පොල ශ්‍රී ගෞතමාරාමාධිපති ශ්‍රී
දේවානන්ද මා හිමියන්ගේ පෞද්ගලික ඉඩමක ආරම්භ කරන ලදී. වල්පොල ශ්‍රී ගෞතමාරාම පුරාණ
විහාරාධිපති වල්පොල විජිත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේද නොමඳ ආශිර්වාදය මැද 1998
තල්පේ පත්තුව ප්‍රධාන අධිකරණ සංඝ නායක නියෝජ්‍ය විදුහල්පති ශාස්ත්‍රපති අක්මීමණ
පඤ්ඤාසාර නා හිමියන් සඳුන් විහාරයට වැඩම කරලීමත් සමඟ සියලු විහාරාංගයන්ගෙන්
පරිපූර්ණ දැකුම්කළු විහාරයක් බවට පරිවර්තනය කරන්නට මහත් උත්සාහයක් ගත්හ.
2005 දී එම විහාර භූමිය සාංඝික ඔප්පුවක් මගින් පඤ්ඤාසාර නා හිමියන්ට පූජා කරන ලදී.
එම පින්බිමේ වැඩ සිටින බෝධීන් වහන්සේට දර්ශනීය ප්‍රාකාරයක් සහිතව රන් වැට
සැදැහැවතුන්ගේ පරිත්‍යාග මත ඉදි කොට නිමවා විවෘත කිරීමේ පුණ්‍ය මහෝත්සවය නොවැම්බර්
මස 18 වන දින පස්වරු 2.00 ට පල්ලත්තර සුමනජෝති නා හිමියන්ගේ අනුශාසනා පරිදි මහා
විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක සාහිත්‍ය
චක්‍රවර්තී නියංගොඩ ධර්ම කීර්ති සංඝරක්ඛිත විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන්
වහන්සේගේ සුරතින් විවෘත කිරීමට නියමිතය. |