Print this Article


පහන් සිතක කවි

සුසානය

තැනක් තිබේ
එතැන කොතැන
ආව ගියෝ
ගිය ඒ තැන
පොදි අරගෙන ආ ඇත්තන්
බැඳගත් පෙ ාදි කර වත්තන්
කරෙන් උරෙන් වැරෙන් රැගෙන
යයි එතැනට නෙත් පිස පිස
මෙලොව එලොව
බැඳෙන බඳින
නිමාව තුළ
යළි අරඹන
ගිමං නිවන
සොඳුරු බිම ය


වන අරණේ උතුමා

වන අරණේ
බණ අසමින්
කල් ගෙවනා
උතුමාණෝ
භාවනාවක
සිත යොමුකොට
නිහඬ වන අරණෙහි
දහම් මඟ සොයන්නේ
මල් ඵල
පුරවාගෙන
අනෙකාට
සේවයකි කරන්නේ
එවැනි
වන අරණෙහි වසන්නේ
උතුම් මඟ සොයන්නේ


නො මැකෙන නාමය

බුදුන්ගෙ අසිරිය
නැණින් දකිනු මැන
පොතින් පතින්
ඒ ගැන කියවා
නිවන් දකින්නට
එයින් ඔබට හැක
බුදුන් පිරිනිවී
දෙදහස් ගණනක්
ගතවී යනවා
තෙදින් බලෙන් සොමි ගුණෙන්
බුදුන්ගේ නාමය
අදටත් බැබළෙනවා


පව් සිතිවිලි

පින් සිතිවිලි ම නිතර ම ඇත හද ගැඹරේ
සැනසුම ඇත්තේ එනිස යි දැන ගනු මිතුරේ
සිත්වල සතුට ලැබුවත් කෙලෙසුන් පවුරේ
පව් සිතිවිලි ය දිගු කරනුයේ සංසාරේ


සසල සිත

සිත දමනය කර ජීවිත සමනය කර වා
සිතිවිලි ගංඟාව රැලි බල අඩු කර වා
මහිමි දෙසූ මඟ යන්නට අපෙ ඇස් අර වා
තවමත් නො හැකි විය බුදු පියෙ භග වා


නමක් නැති මල

නැහැ මේ මලට වෙන මල් සේ නියත නමක්
ඒ හින්දම යි දෝතින් මල නෙළුවෙ මමත්
රූපෙන් නමෙන් කිමදැ’යි ඵල ලොව ජීවත්
වෙන කල අහිංසක ලෙස නොම කර අදහම්

යම් සේ මෙ’ මල පරවී යන ලෙස සැම දම්
නොම පවතීවි තිර ලෙස සැම කැලේ නම්
අප සැම දෙනා ලොව තුළ රඟනා රැඟුමන්
නිම වෙයි කොයි මොහොතෙ හෝ නො පැතුව විලසින්


සෙල් කරුවා

ගලක මෙලෙක මතු කළ මුනි ගුණය කවා
දෙදණෙහි සඟළ සිවුරෙහි හැම රැළි හරවා
දෙවුරෙහි සමතුලිත බාවය ඇත කරවා
නිවනෙහි දොර විවර කර ඇත සෙල් කරුවා


වැයේ බුදු ගුණ

ජීවමාන බුදු රදුන් නැතුවත් අප අතරේ
දෙසූ ඒ දහම් ලොව දස අත පැතිරේ
බිහි කළ සඟ සසුන උතුමන් නිරන්තරේ
බුදු ගුණ වයති එන තුරු කල්පාන්තරේ


සිය වස් ගත දිවි කුමට

සිතට ම වහල් කම් කළ පසිඳුරන් නැසේ
බව දුක නසන තුරු සිත නොනැ සේ ය එසේ
කුසලට පවට සිත ම ුල් වන ෙ හ්තු රැසේ
පලයකි උපත බවකඩ ඉම දකිමු කෙසේ


තෙරුවන් බලෙන්

පළමුව බුදු සමිඳු වැඳ නමදිමි සාධු
දෙවනුව අනඟි සදහම් ශ්‍රවණය සාධු
තෙවනුව අරිය මහ සඟ ගණ වැඳ සාධු
තෙරුවන් බෙලෙන් නිවන ම පතනෙමි සාධු


හිමි දම් බලය

දළදා සමිඳුගේ ගුණ සම අසමාදී
ලෝ කෙම පැරැණි රුක වන සිරිමා බෝධී
දාගැබ් වෙහෙර බෝ මලු සෙල් පිළිමාදී
හිමි දම් බෙලෙන් පසු ලද හෙළ උරුමාදී

කරවන රට රජුන් තිසරණ සරණ වැඳ
පරයන මහ සයුර මෙන් වැව් අමුණු බැඳ
ගොවිතැන මුල්ව හෙළ සාහිත දියුණු වද
හිමි වුණ මෙ සිරිලක සමිඳුට ණය නො වෙද

අසූමහ සාර දහසක් පුද බිම් ද සෑදූ
මුලු දඹ දිවට අග රජ දම් සෝ නිරිඳු
සසුනට පළමු දෙවනුව ලක් බිමට පිදූ
සඟමිත් තෙරණි දියණිය පුත් හිමි මිහිඳු


මවක් සතු බලය

අම්මා නැති ගුණෙන් බාදක සියලු වැඩ
සම්මා දර සිතින් සැනසූ මිහිරි හඬ
නම්මා සිරස තබනෙමි සිරි පතුල උඩ
සම්මා සම් බුදුන් ගෙදරම සිටිති වැඩ

කරපිට තියාගෙන මහ සාගරය මැදින්
තරණය කළා වීරිය බල ඇතිව තදින්
මරණය පරදවා ගොඩ බිම දිනුව හොඳින්
පුරවා ගති පෙරුම් පළමුව මවගෙ හදින්

මව බේරා ගන්න තිබුණා සවිය ගතේ
මේ මහ සසරෙ ජය මිස පැරදුමක් නැතේ
අතගා සිරස පිරි මදිමින් වරම දෙතේ
බුදු බව ලැබේවා මෙ පිනෙන් උඹට පුතේ