දැමුණු නොදැමුණු සිතෙහි ස්වභාවය
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
බෞද්ධ හා පාලි අධ්‍යයන අංශයේ මහාචාර්ය
පාතේගම ඤාණිස්සර හිමි
බුදුරජාණන් වහන්සේ බුද්ධ කාලයෙහි දී ඇතිවුණ කිසියම් සිද්ධියක් මුල්කරගෙන පොදු
මිනිස් සිතෙහි අවලක්ෂණ ස්වභාවය සහ උපශාන්ත මිනිස් සිතෙහි ස්වභාවය පිළිබඳව වදාළහ. එය
චුල්ල තිස්ස හිමියන් සම්බන්ධ සිදුවීමකි. චුල්ලතිස්ස ස්වාමීන් වහන්සේ බුදුරජාණන්
වහන්සේට ඥාති සම්බන්ධකමක් ද පැවතුණි. සිදුහත් කුමරුගේ පියාගේ සහෝදරියගේ පුතණුවන් ය.
එසේ වුව ද අධ්‍යාපනික මට්ටම අතින් බොහෝ පහළ මට්ටමකය. ශරීර ස්වභාවය අතින් ද
බුදුරජාණන් වහන්සේට තිබෙන ඥාතිත්වය අතින් ද බොහෝ උසස් චුල්ල තිස්ස හිමියන්
අධ්‍යාපනික මට්ටම ද ගුණ සම්පන්න බව ද අඩු නිසාම බුදුරජාණන් වහන්සේ පිළිබඳව ද කල්පනා
කරනු ලැබුයේ වැරැදි ආකාරයෙනි. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ළඟම ඥාතිත්වය නිසාම ශාසනික
සියලුම භික්ෂූන්
වහන්සේලා තමන්ට ද ගෞරව පූර්වක ලෙස සිටිය යුතු බවය. නමුත් බුදු දහම
තුළ එවැනි ආකාරයේ සැලකිලි පිළිවෙතක් බුදුරජාණන් වහන්සේ අනුමත නොකළහ. චුල්ල තිස්ස
හිමියන්ගේ සාවද්‍ය චිත්ත ස්වභාවය අනුව උන්වහන්සේ කටයුතු කරති. බුදුරජාණන් වහන්සේට
ලැබෙන රසවත් ආහාරපාන සුවසේ වළදා චුල්ල තිස්ස හිමියන් ශරීර ස්වභාවයෙන් ස්ථූල ගති ඇති
වූ නමුත් උන්වහන්සේ් වත් පිළිවෙත් නොපිරූ කෙනෙකි. සිල් ගුණය අඩු ස්වාමීන් වහන්සේ
නමකි.
එක් දිනක් පන්සල ඉදිරිපිට ලොකු පුටුවක වාඩිවී පන්සලේ ප්‍රධාන හාමුදුරුවන් මෙන් එහි
වැඩ හිදිමින් උජාරු ලීලාවෙන් කල් ගෙවන්නට වුහ. එම අවස්ථාෙවිදී දුර බැහැර
ප්‍රදේශයකින් ස්වාමීන් වහන්සේලා පිරිසක් ද ආරාමයට වැඩම කළහ. සාමාන්‍යයෙන් භික්ෂූන්
වහන්සේ නමක් තවත් භික්ෂුන් වහන්සේ නමක් මුණ ගැසුණු විට දැන් වස් කීයද? යන ප්‍රශ්නය
විමසනු ලබයි. ඒ තුළින් අදහස්් වන්නේ වැඩිමහල්ලා කවුදැයි සොයාගෙන ගරුසරු දැක්වීමයි.
වස් ප්‍රමාණය අඩු භික්ෂුව පැවිද්දෙන් බාලය. දුර බැහැර සිට පන්සලට වැඩම කළ භික්ෂූන්
වහන්සේ පන්සලෙහි ලොකු පුටුවක උජාරු ලීලාවෙන් වැඩ සිටින බුදුරජාණන් වහන්සේට ළඟම
ඥාතිත්වයක් ඇති චුල්ල තිස්ස හිමියන්ගෙන් වස් විචාරනු ලැබීය. චුල්ල තිස්ස හිමියන්ගේ
වස් ප්‍රමාණය අඩු නිසා අනෙක් හිමිවරු චුල්ල තිස්ස හිමියන්ට වැඳුම් පිඳුම් නොකර සිය
කටයුත්තට වැඩම කළහ. ශාසනික පිළිවෙත අනුව වැඩිමහලු භික්ෂුවට වැඳුම් පිඳුම් කිරීම කළ
යුතු වුවද එසේ නොකළ චුල්ල තිස්ස හිමියන් කල්පනා කළේ බුදුරජාණන් වහන්සේට සමීප ඥාති
සම්බන්ධකමක් තිබෙන තමන්ට මොවුන් ගරුසරු නොදැක්වීම මහා මදිපුංචිකමක් ලෙස ය. වහාම
ගොස් බුදුරජාණන් වහන්සේ වෙත වැඳ වැටී මේ අවනඩුව කියා ඥාතිත්වයේ නාමයෙන් ආගන්තුක
භික්ෂූන් වහන්සේට දඩුවම් කරන ලෙසට චුල්ල තිස්ස හිමියෝ බුදුරජාණන් වහන්සේගෙන් අයැද
සිටියහ. ආගන්තුක භික්ෂූන් වහන්සේ අනුගමනය කළ ක්‍රියා පිළිවෙත නිවැරැදි බවට
බුදුරජාණන් වහන්සේ චුල්ල තිස්ස හිමියන්ට වදාළහ.
චුල්ල තිස්ස හිමියන් තමන් වහන්සේගේ ඥාති වුව ද කළ ක්‍රියාව වැරැදි බව ඇසූ චුල්ල
තිස්ස හිමියෝ බුදුරජාණන් වහන්සේට නිගරු වන ආකාරයෙන් කටයුතු කළහ. බුදුරජාණන් වහන්සේ
ඥාතිීන්ට නොසලකන කෙනෙක් බවට චෝදනා කළහ.
බාලයාගේ මනැස හැසිරෙන ආකාරය ත් එහි ස්වභාවයත් හේතු කාරණා ඇතිව පැහැදිලි කිරීමට
බුදුරජාණන් වහන්සේට හේතු වූයේ එම කරුණයි. නුවණැති පුද්ගලයා අසවලා මා දිනා ගත්තේය..
අසවලා මාගේ වස්තුව පැහැර ගත්තේය. යන සිද්ධි තමන්ගේ මනසින් නැවත නැවත නොසිතන
ලෙසය.එවිට ඔහුගේ සිතෙහි අන්‍යා පිළිබඳව වෛරය ඇතිවන්නේ නැත.
මිනිස් සිතෙහි ස්වභාවය නිවැරැදිව හඳුනා ගැනීම ඉතා වැදගත්ය. එය වැදගත් වන්නේ තමාටමය.
තමා කරන, කියන ලබන දේ ඉතා මැනවින් ඉෂ්ට කරගැනීමට පහසු වීමයි. මනැස දකින්නට අපහසු
වුවද, විචාරශීලීම විමසා කටයුතු කරනේ සිතෙහි පවතින දැමුණු සහ නොදැමුණු ස්වභාවයන්
අනුවය. බුදුු දහමෙන් පැහැදිලි කරනු ලබන්නේ එකී ස්වභාවය වහාම හඳුනා ගත යුතු බවය.
වෛරී සහගත පුද්ගලයාගේ ස්්වභාවය ජීව අජීව සියලු දෙය කෙරෙහිම වෛරය පැතිරවීම ය. සිත
දමනය කළ හෝ දමනය කරගැනීමට උත්සාහ කරනු ලබන පුද්ගලයා කල්පනා කරනු ලබන්නේ තමන්ගේ සිතට
ආ නරක සිතිවිල්ල වුව ඉක්මනින් පහකර හැර සමාජයට මෛත්‍රිය පතුරුවන්නේ කෙසේද? කියාය.
බුදුරජාණන් වහන්සේ ආසිවිසෝපම සූත්‍රයේ දී මිනිස් මනැසේ පවතින මෙකී ස්වභාවය සර්පයන්
හා සම්බන්ධ උපමාවක් භාවිත කරමින් සර්ප විස කොටස් හතරකට බෙදා දක්වා පැහැදිලි කර
තිබේ.
දෂ්ට කරන විට විෂ සහිත දෂ්ට කළාට පසුවත් මාරාන්තික විෂ සහිත සත්තු.
දෂ්ට කරන අවස්ථාෙවි විෂ සහිත දෂ්ට කළ පසුව විෂ නැතිවී යන සත්තු.
දෂ්ට කරන මොහොතේ විෂ නැති දෂ්ට කළාට පසු මාරාන්තික විෂ සහිත සත්තු.
දෂ්ට කරන මොහොතේ විෂ නැති දෂ්ට කළාට පසුවත් විෂ නැති සත්තු
මේ ආකාරයට දක්නට ලැබෙන වර්ගීකරණය සර්ප විෂ පිළිබ ඳවය. එම සූත්‍රයේ දී පසුව දක්වන්නේ
මිනිස් සිත පිළිබඳවය. මහණෙනි, මේ ලෝකයේ මේ ආකාරයෙන් සිව් වර්ගයක මිනිසුන් දක්නට
ලැබෙයි. එනම්,
වහා කිපෙන ,පසුවත් කිපිනු සිතින්ම කටයුතු කරන මිනිස්සු
වහා කිපෙන පසුව එය අමතක කර දමන මිනිස්සු
වහා කිපෙන්නේ නැති ස්වභාවය පෙන්වන පසුව එය නැවත නැවත සිතා සිතා පලිගන්නා මිනිස්සු
වහා නොකිපෙන , පසුවත් ඒ ගැන සිත සිතා කේන්ති නොගන්නා මිනිස්සු
මේ අනුව ලෝකයේ ජීවත් වන සෑම පුද්ගලයෙක්ම මේ පුද්ගල ස්වභාවය අනුව කිසියම් වූ
ප්‍රතිචාරයක් දක්වන අය වෙති. ඇතැම්හු එම ප්‍රතිචාර තමාගේ ද සමාජයේ ද අයහපත පිණිස
පතුරුවන්නෝ වෙති. තවත් පුද්ගලයෙක් තමන්ගේද සමාජයේද යහපත හිත සුව පිණිස ප්‍රතිචාර
දක්වති. බුදු දහමට අනුව මිනිසා පිළිබඳව සහ මිනිස් සිත පිළිබඳව නැවත ද නැවත ද මෙනෙහි
කර බලන පුද්ගලයාට විශේෂත්වයක් හිමි වේ. එය එසේ වන්නේ එම පුද්ගලයා තමා තුළ තිබෙන
වැරැදි හැකි ආකාරයෙන් අවම කර ගැනීමට උත්සාහ ගනු ලබන නිසයි.
දුර්ජන මිනිසා සහ සුදන මිනිසාත් සමාජය තුළ දක්නට ලැබෙයි. එම ස්්වභාවයන් අඩු වැඩි
වශයෙන් පවතින විවිධ ස්වභාවයන් සහිත පුද්ගලයන් සාමාජයේ ජීවත් වෙති. ඇතැම්හු තමන්
දන්න හඳුනන තැනැත්තාට ඥාතිත්වය සහිත තැනැත්තාට තමන්ට ලාභ ප්‍රයෝජන ලැබෙන තැනැත්තාට
වැඩිපුර සැලකීම ද අන්‍යයන් හෙළා දැකීම ද කරති. සමහරු නිවැරැදි ක්‍රියාව සහිත
පුද්ගලයාට එම ක්‍රියාව නිසාම සැලකිලි කරති. ලාභ ප්‍රයෝජන දැන හැඳුනුම්කමි ඥාති
බන්ධන නොසලකති. සමාජගත ජීවිතයේ දී දුර්ජන මිනිස් ඇසුරෙන් ඈත් විය යුතු බව බුදු දහම
දක්වයි. දුර්ජනයා හඳුනා ගැනීම පිළිබඳ ගැටලුවට විසඳුම් ලබාගත යුත්තේ එම පුද්ගලයන්
ඇසුරු කිරීමෙන්ම මිස වෙනත් ක්‍රමයකින් නොෙවි. දුර්ජන මිනිස් සිත සහිත පුද්ගලයන්ගේ
කොපමණ දුරකට ඈත් විය යුතු ද යන්න බුදු දහමෙහි මෙවැනි ආකාරයෙන් දක්වා ඇත.එනම් ,
ඉර පායන තැන සහ ඉර බැස යන තැන අතර පවතින දුර ප්‍රමාණය මැන කිව හැකි ද?
හඳ පායන තැන සහ හඳ බැස යන තැන අතර පවතින දුර කිය හැකිද?
මහ පොළොව සහ අහස අතර පවතින දුර මැන කිව හැකිද?
එවැනි තත්ත්වයන් කිව නොහැකි වුවද, කිව්වා යැයි සිතමු. නමුත් දුර්ජන ඇසුරින් ඈත්වීම
හෙවත් දුර්ජනයාට වඩා කොපමණ දුරකින් ඈත්වී සිටිය යුතු ද යන්න කිව හැකි නොවේ. මිනිස්
සිත යහපතට වඩා අයහපතට නැඹුරු කිරීමේ හැකියාව පවතින්නේ එම පුද්ගලයාටමය. බුදු දහමෙන්
මිනිසා යොමු කරන්නේ යමක් කීමට සහ කිරීමට ප්‍රථම මනැසින් හොඳින් සිතා බලා කීම සහ
කිරීම කළ යුතු බවය.
-
හේමමාලා රන්දුනු |