Print this Article


මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව පෝදා මිහින්තලා පුදබිමේදී

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව පෝදා මිහින්තලා පුදබිමේදී

මෙවර දායකත්වය වේයන්ගොඩ ලක්ෂ්මන් දිසානායක හා අනුලා දිසානායක සහ අත්තනගල්ල ඩයමන්ඩ් ස්ටාර් සිංහ සමාජයෙන්

මිහින්තලා ලේක්හවුස් කප්රුක් පූජාව මෙම වප් පුර පසළොස්වක පෝදා මිහින්තලා රජ මහා විහාරාධිපති හා භාරකාර වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවැත්වේ.

වේයන්ගොඩ කුරිකොටුවේ පදිංචි ලක්ෂ්මන් දිසානායක මහතා සහ අනුලා දිසානායක මහත්මිය ඇතුළු අත්තනගල්ල ඩයමන්ඩ් ස්ටාර් සිංහ සමාජය මෙවර එම පින්කමේ දායකත්වය දරනු ලැබේ.

ලක්ෂ්මන් දිසානායක මහතාගේ සහ අනුලා දිසානායක මහත්මියගේ පරලොව සැපත් දයාබර මව්පිය දෙපළටත් පින්කමට සහභාගිවන පින්වතුන්ගේ නමින් පරලොව සැපත් සැමටත් පින් අනුමෝදන් කිරීමටත් සහභාගිවන සැමට සෙත් පැතීමත් එහිදී සිදු කෙරේ.

අත්නගල්ල ඩයමන්ඩ් ස්ටාර් සිංහ සමාජයේ සභාපති සිංහ දමයන්ති මුණසිංහ, ලේකම් සිංහ සනත් වීරසූරිය භාණ්ඩාගාරික සිංහ නිලන්ත මහානාම මහත්ම මහත්මීන්ගේ සහභාගීත්වයෙන් තෝරාගත් පිරිසක් වෙත වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් පිරිනැමීම ද එදින මිහින්තලා මැදමළුවේදී සිදු කෙරේ.

එහිදී කුරීකොටුව ලියසරණ කාන්තා සමිතිය මගින් තේ පැන් සංග්‍රහයක් ද පවත්වනු ලැබේ.