|
|
මෙරට ප්‍රකට
යතිවරුන්ගේ අප්‍රකට කතා ඇසුරින් ලක්බිම
ප්‍රධාන උපකර්තෘ ධර්ම ශ්‍රී තිලකවර්ධන
මහතා විසින් රචිත ‘ගුරු පාරෙන් බෝ මළුව
කෘතිය’ පසුගිය දා මරදාන සාහිත පොත් පියසේ
දී එළිදැක්විණි. එහි දී කතුවරයා විසින්
කෘතිය කොළඹ මාළිගාකන්ද විද්‍යෝදය පිරිවනේ
ආචාර්ය රාජකීය පණ්ඩිත වල්පොළ සිරි පියරතන
හිමියන්ට පිළිගැන්වූ අයුරු. කොළඹ මහානාම
විදුහලේ ආචාර්ය සියඹලාගොඩ ධම්මින්ද
හිමියෝද මෙහි වෙති. |
|
|
|
|
කොළඹ තරුණ බෞද්ධ සංගමයේ ත්‍යාග ප්‍රදානෝත්සවය 30 දා
කොළඹ තරුණ බෞද්ධ සංගමය වාර්ෂිකව සංවිධානය කරන සමස්ත ලංකා පාසල් සහ දහම් පාසල් අතර
පැවැත්වෙන ගද්‍ය, පද්‍ය, ගායනා, රචනා, චිත්‍ර, කථික සහ ධම්ම, අභිධම්ම , පාලි
තරගාවලියේ ජයග්‍රාහකයන්ට ත්‍යාග ප්‍රදානෝත්සවය සැප්තැම්බර් මස 30 සෙනසුරාදා සවස
2.00 ට තරුණ බෞද්ධ සංගම් ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහි ප්‍රධාන
ආරාධිතයා වනුයේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්ය අගලකඩ සිරිසුමන ස්වාමින්
වහන්සේ ය.
ඉතිරිය» |
|
වප් පුර අටවක පෝය
වප් පුර අටවක පෝය සැප්තැම්බර් මස 27 වනදා බදාදා අපරභාග 07.08 ට ලබයි. 28
වනදා අපරභාග 09.36 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම සැප්තැම්බර් මස 28 වනදා
බ්‍රහස්පතින්දා ය.
මීළඟ පෝය ඔක්තෝබර් මස 05 වනදා බ්‍රහස්පතින්දා ය
|
|
|
|
|
|
|