අරහං භගවා බුදු හිමි වඳිමි
වඳිමි වඳිමි අරහං ගුණ වඳිමි
වඳිමි වඳිමි භගවා ගුණ වඳිමි
වඳිමි වඳිමි සම්බුදු ගුණ වඳිමි
අරහං භගවා බුදු හිමි වඳිමි
යූ. කේ ජයසේන
ශ්රී පුෂ්පාරාමය, තෙල්ලඹුර
නාකියාදෙණිය
උදාරයි හිමියනි,
වළඳන්නට යමක් හෝ පැන් පොදක් පවා
නොමැති ව දින ගණන් කුසගින්නේ සිටියා
කර කොළ වළදමින් බැමිණිටි සාය පුරා
මහ සඟරුවන ධර්මය සුරැකිව විසුවා
නැතුවත් දකින්නට අප බුදු පියාණන්
සඟ පරපුර වෙසෙති බුදු හිමි අනුව යමින්
ධර්මය වඩා එය රකිනා මුර දෙටුවන්
වන්නේ ඔබ යි හිමි බබළන කසාවතින්
සුදත් විජේසුන්දර
නො 353 ඇම්හර්ස්ට් රෝඩ්, බ්ලේචර් ටවුන් ,
අමරිකා එක්සත් ජනපදය
බුදු පුතුනේ
ගොම්මන් වේලේ පන්සල් වත්තෙන්
හනිකට ගෙ පැලට පැන ආවේ
ඇයි ද මගේ බුදු පුතුනේ
පොඩි සාධු වී පිළිවෙත් පිරීම
සුමානෙකින් අවසන් වී දෝ
ලොකු හාමුදුරුවො බුදුන් පුදන්නට
විහාරයට ගිය නිමේෂයේ
හනිකට ආවේ මගෙ සුදු අම්මට
මේ බත්පත ගෙනවිත් දෙන්න යි
සමාවෙන්න මගෙ සුදු අම්මේ
දහවල් දානෙන් සැමට ම රහසේ
බත් පත සැඟවූවා අම්මේ
පෙරදා වාගේ අද රෑ යාමෙත්
මගෙ සුදු අම්මා බඩගින්නේ බව
මට දැනෙනවා ආදර අම්මේ
ඔබ මතු දිනයක බුදු වේවා! පුත
ඒ භවයෙත් අම්මා වෙන්නම්
නියත විවරණ යි පුංචි පුතේ මගෙ
හනිකට පන්සල් යන්න පුතේ
කිතුල්ගල
රත්නසේකර රූපසිංහ
ස්වර්ණමාලි මහා සෑරදුන්
රුවන් මිණි පබළු තැන්පත් කළ සෑ ය
ගුවන් ගැබ පුරා රැස් විහිදෙන සෑ ය
ලෙවන් සිත් බැතිනි පිබිදී උතුරා ය
මෙවන් පින් බිමක් ලොව තව තැනි සේ ය
අස්ගිරි වල්පොල
විමලසේන හෙට්ටිආරච්චි
තෙරුවන් වන්දනාව
තෙරුවන් ගුණ තුළින් සැම සිත් සැන සේවා
මරුවන් පරදවා භව දුක දුරු වේවා
සිරිලක් මෑණියන් යහමින් වැජ ඹේවා
සිරි සෙත් සුවය ලැබ නිවනට සැම යේවා
පසිඳු ගිම්හාන රනිස්වල,
කළගෙඩිහේන |