මෝහය:
නිවන් දොර
වසන මෝහාන්ධකාරය
පොල්පිටි මුකලානේ
පඤ්ඤාසිරි හිමි
" මිනිස්සු ඇසින් සුන්දර රූපයටත්, කනෙන් ශබ්දයටත් ආශා කරති. නාසයෙන් සුගන්ධයටත්,
දිවෙන් රසයටත් ලොබ බැඳ ගනිති. සුවපහසු ස්පර්ශය සොයමින් කය වෙහෙසටම පත් කර ගනිති.
මෝහයෙන් මුලා වු සිත මිරිඟුව පසුපස යන මුවෙකු මෙන් සැප ලුහුබඳී. යථාර්ථය අවබෝධ කර
නො ගනී. අවසානයේ දුකටත්, වෙහෙසටත් පැමිණේ."
මිනිසා භවයෙන් භවය විවිධ ආත්මයන් ලබමින් සසරේ ගමන් කරයි. විටෙක මිනිසෙකු ලෙස ද,
විටෙක වෙනත් සත්වයෙකු ලෙස ද මෙලොව උපදියි. මතුව ද උපදී. ගමන අවසන් නොවේ. ආත්මය එක්
නැවතුමකි. නවතින්නේ ද කය පමණි.
මිනිස් චිත්තය එක් නැවතුමකින් නික්ම තවත් නැවතුමක් සොයා යයි. උපදින සෑම භවයක දී ම
නිමක් නැති දුක්දොම්නස් වි¼දියි. උපත ලබන සැමට මරණය නියත ය. එය දුකකි චක්‍රයකි. ඉන්
පලායාමට කිසිවකුට නොහැකි ය. දුකින් මිදිමට ඇවැසි නම් කළ යුත්තේ ගමන නැවතීම යි. ගමන
නැවතිය හැකිවන්නේ නිර්වාණය සාක්ෂාත් කරගැනීමෙනි. නිවන ලැබීම අති දුෂ්කර
ව්‍යායාමයකි. බෝසතාණන් වහන්සේ කල්ප කාලයක් පුරා අනේකවිධ දුක්ගැහැට විඳීමින්,
පෙරුම්දම් පුරමින් ශ්‍රී සම්බුද්ධත්වය ලැබුහ. උන්වහන්සේගේ මඟ යමින් නිවන් සුවය
ලැබීමට නම් අප ද දහසකුත් කැප කිරීම් කළ යුතු ය. අනුවණකම් දුරලිය යුතු ය.
මෝහය මිනිස් චිත්තයේ හටගන්නා අනුවණ අකුසලයකි. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට අනුව
මිනිසුන් සසරේ බැඳ තබන ප්‍රධාන අංග තුනකි. ඉන් එකක් මෝහයයි. අනෙක් අංග දෙක වන්නේ
ලෝභ සහ ද්වේෂයයි. මෙම අකුසල් චිත්තයන් අවිද්‍යාවන් ය. අවිද්‍යාව නම් විද්‍යාව
නොදන්නාකම ය. ඇතැමෙක් මෙය ද්‍රව්‍ය පිළිබඳ නො දැනීම ලෙස හඳුන්වයි. එය අසත්‍යයකි.
බුදුදහමේ විස්තරවන අවිද්‍යාව චතුරාර්ය සත්‍යය නො දන්නා බවයි. මෝහය පිරුණු සිතෙහි
සම්මා සතිය, සම්මා සමාධිය නැති වේ. නිවැරැදි දැක්මක් නොමැති සිත මුලාවෙන් පිරී
තිබේ. වැරැදි නිවැරැදි බව වෙන්කර හඳුනාගත නො හැකි වේ. ලෞකිකව මෙන් ම ලෝකෝත්තර
වශයෙන් යම් යම් ගැටලු ඇතිවන්නේ නිවැරැදි දැක්මක් නොමැතිකමෙනි. ශ්‍රද්ධා, ශීල,
සමාධි, ප්‍රඥාා ගුණයන් මිනිස් චිත්තයේ රෝපණය කරගැනීමෙන් මෝහයෙන් මිදීමට අවස්ථාව උදා
වේ. ප්‍රඥාාව වර්ධනය වු සිත දුක, දුක ලෙසත් අනාත්මය අනාත්ම ලෙසත් හඳුනා ගනී. දිනෙන්
දින ක්ෂය වන කය දැක යමෙකු දුකට පත්වේ ද හේ අනාත්මය නො දන්නෙකි. ශරිරය දිරාපත් වීම
ස්වභාවයක් බව දන්නේ නම්, එය අනාත්ම බව දැනගැනීම යි. ලෝක ස්වභාවය තේරුම් ගැනීම යි.
මෝහයෙන් මුලා වු තැනැත්තා පංචකාමයෙහි නිරන්තරව ඇලී සිටි. බුදු වදනට අනුව පංචකාමයන්
ලෙසින් සැළකෙන්නේ ඇස, කන, නාසය, දිව, ශරිරයයි.
මිනිස්සු ඇසින් සුන්දර රූපයටත්, කනෙන් ශබ්දයටත් ආශා කරති. නාසයෙන් සුගන්ධයටත්,
දිවෙන් රසයටත් ලොබ බැඳ ගනිති. සුවපහසු ස්පර්ශය සොයමින් කය වෙහෙසටම පත් කර ගනිති.
මෝහයෙන් මුලා වු සිත මිරිඟුව පසුපස යන මුවෙකු මෙන් සැප ලුහුබ¼දී. යථාර්ථය අවබෝධ කර
නො ගනී. අවසානයේ දුකටත්, වෙහෙසටත් පැමිණේ. වරද අවබෝධ කරගන්නා විට ප්‍රමාද වී වැඩි
ය. මිනිස් භවයක් ලැබීම අති දුර්ලභ භාග්‍යයකි. මිනිසකු ලෙස ජන්මය ලැබීම කණ කැස්බෑවකු
විය සිදුරෙන් අහස දැකීම තරම් දුර්ලභ වුවක් බව බෞද්ධ ඉගැන්වීම යි.
මනුසත් භවය එතරම් දුර්ලභ නම්, නිවන් සුවය කෙලෙසින් විස්තර කළ හැකි ද? නිවන දුරස්ථ
ඉලක්කයකි. එහි සමීපතම අරමුණ යහපත් දිවිපැවැත්ම යි. නුතන අර්ථයෙන් මිනිසුන්
නොමිනිසුන් ව ඇත්තේ මෝහාන්ධකාරයෙන් මනස වැසී ඇති බැවිනි. මව් පිය ගුණ නො දැනීම,
කර්මවල ඵල විපාක නො දැනීම, වැනි අනුවණකම් සිදුවන්නේ මෝහය නිසා ය. දියෙන් කිරි
වෙන්කරගන්නා හංසයකු මෙන් වරද දැක වරදේ නොඇලී නිවැරැදි විය යුතු ය. ප්‍රඥාාවන්තයන්
ඇසුරු කළ යුතු ය. ලැබු මිනිස් භවයට අර්ථයක් එක්වන්නේ එවිට ය.
- සුපුන් පී ජයසිංහ |