Print this Article


ද්වේශය: සතුට සැනසීම නසන ද්වේශය

ද්වේශය:

සතුට සැනසීම නසන ද්වේශය

"ද්වේශය නිසා පුද්ගලයා දැවෙයි. තැවෙයි. නිතරම දුකින්, සන්තාපයෙන්, කටයුතු කරයි. සතුට සැනසීම ඔවුන් සිත් තුළ නැති තරම් ය. මේ නිසා ම ගුණවත්කම් පිරිහී අගුණ වර්ධනය වෙයි. සුහදතාවය අතුරුදහන් වෙයි.'

සිතෙහි හටගන්නා වූ, සිත වසා ගන්නා වූ ද්වේශය පහසුවෙන් දුරු කළ හැකි නොවේ. ද්වේශය වනාහී දණ්ඩෙන් පහරලත් සර්පයෙකු සේ අන්‍යයන් නැසීමට, විනාශ කිරීමට සිතෙහි උපදින අකුසල් සිතිවිල්ලකි.

 

" ද්වේශය නිසා පුද්ගලයා දැවෙයි. තැවෙයි. නිතරම දුකින්, සන්තාපයෙන්, කටයුතු කරයි. සතුට සැනසීම ඔවුන් සිත් තුළ නැති තරම් ය. මේ නිසා ම ගුණවත්කම් පිරිහී අගුණ වර්ධනය වෙයි. සුහදතාවය අතුරුදහන් වෙයි.'

සිතෙහි හටගන්නා වූ, සිත වසා ගන්නා වූ ද්වේශය පහසුවෙන් දුරු කළ හැකි නොවේ. ද්වේශය වනාහී දණ්ඩෙන් පහරලත් සර්පයෙකු සේ අන්‍යයන් නැසීමට, විනාශ කිරීමට සිතෙහි උපදින අකුසල් සිතිවිල්ලකි.

එමෙන් ම ගින්නක් සේ රෞද්‍ර වූ ද, සියලු තන්හි දවා විනාශ කරන්නා වූ ද, ද්වේශයෙන් පිරි පුද්ගලයා අනුන් නසන්නට සිතමින් කටයුතු කරයි. එය තමාට මෙන් ම අනුන්ටද අහිතකර වෙයි.

ද්වේශය නිසා පුද්ගලයා දැවෙයි. තැවෙයි. නිතරම දුකින්, සන්තාපයෙන්, කටයුතු කරයි. සතුට සැනසීම ඔවුන් සිත් තුළ නැති තරම් ය. මේ නිසා ම ගුණවත්කම් පිරිහී අගුණ වර්ධනය වෙයි. සුහදතාවය අතුරුදහන් වෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ උතුම් ධර්මය අවබෝධ කරගැනීමට ඇති විශාල ම බාධකය ද්වේශයයි. ධර්මය අවබෝධ කර ගැනීමට හැකි වනුයේ සන්සුන් වූ සිතකටය. ද්වේශය නිසා පුද්ගලයාට සත්‍ය නොතේරෙයි. හොඳ නරක අවබෝධ නොවෙයි. තමාට අයිති යමක් හොරු රැගෙන යන්නා සේ ද්වේශය තම මානසික සුවය අහිමි කරයි. ද්වේශය පාලනය කර ගැනීමට නොහැකි නිසා සතර අපායන්ට වැටෙයි. ද්වේශ සිතිවිලි සහිත පුද්ගල මනස, මානසික රෝගයන්ට පමණක් නොව කායික රෝගයන්ට පවා ගොදුරු විය හැකියි.

බුදු රජාණන් වහන්සේ දේශනා කරනුයේ තම මව, පියා හෝ වෙනත් නෑදැයෙක් තමාට යහපතක් සිදුකරනවාට වඩා තැන්පත් කරගත්තා වූ සිත තමාට යහපතක් සිදුකරන බවයි. පුද්ගල මනසෙහි ආවේගයන් පාලනය නොකරගැනීම තුළ පරලෝක වශයෙනුත් දුක්ඛිත තත්ත්වයන්ට පත්වන බව ධර්මයේ සඳහන් වෙයි. මරණින් මතු නිරය, තිරිසන්, පේත, අසුර ලෝකවල ඉපදීම, තම ජීවිතයට පරලෝක වශයෙන් කිසිදු සැනසීමක් නොමැති වීම, අනුන්ගේ දෝෂාරෝපණයන්ට ලක් වීම, අනුන්ගේ කරදර පීඩාවන්ට ලක් වීම. ආදිය ද්වේශයේ ප්‍රතිඵල වේ.

යමෙක් තුළ ද්වේශය වැනි මානසික ආවේගයන් ඇති වන අවස්ථා කිහිපයක් බුද්ධ දේශනාවේ අන්තර්ගත ය. යම් පුද්ගලයෙකු මෙලෙස කල්පනා කළ හැකි ය. මට කෙනෙක් අනර්ථයක් හෝ අයහපතක් කළේ ය, මාගේ හිතවතාට අයහපතක් හෝ අනර්ථයක් කළේ ය, ආදී වශයෙන් කිසිදු පිළිගත හැකි හේතුවක් නොමැතිව අස්ථානයේ කෝපය හෝ ද්වේශය ඇති කර ගැනීමට පුළුවනි. බොහෝ දෙනෙක් තුළ ද්වේශ සහගත මානසික ස්වභාවයන් ඇති වනුයේ මේ අයුරිනි. සමහර පුද්ගලයන් කිසිදු හේතුවක් නොමැතිව තවත් අයෙකු සමඟ වෛර බැඳ ගනී. එපමණක් නොව ස්වභාව ධර්මයා සමඟ පවා, එනම් අව්ව, වැස්ස, සුළඟ ආදිය සමඟ ද මිනිසුන් කෝපයෙන් යුතුව කටයුතු කරයි. බොහෝ දෙනෙකු, බොහෝ අවස්ථාවල කෝපයෙන් කටයුතු කරන්නේ තමාගේ ප්‍රශ්න නිසා නොව සමාජයේ ප්‍රශ්න නිසා ය. අපගේ සිතෙහි කෝපය හට ගැනීමට ප්‍රථම ව මා ක්‍රෝධ කරනුයේ, මට අදාළ දෙයකටද, මට අවශ්‍ය දෙයකට ද, මට අනවශ්‍ය දෙයකට ද, කුමන හේතුවකට ද යන්න පිළිබඳ ව කල්පනා කිරීමේ දී අවබෝධ වනුයේ ක්‍රෝධය සැබැවින් ම අනවශ්‍ය පාපකාරී සිතුවිල්ලක් බව යි.

ද්වේශ සහගත පුද්ගලයාට තමන්ගේ වගකීම් හා අරමුණු කවරේ ද යන්න පිළිබඳ ව අවබෝධයක් නොමැත. ඔහු ක්‍රියා කරනුයේ මානසික හැඟීම්වල දාසයෙකු ලෙසිනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන “අංගුත්තර නිකායේ ආගාත පටිවිනය සූත්‍රයේදී” යම් පුද්ගලයෙකුගේ සිතට ද්වේශ සහගත සිතිවිල්ලක් හෝ වෛරයක් හෝ තරහවක් ඇති වූ අවස්ථාවක දී ඒ පුද්ගලයා කෙරෙහි,මෛත්‍රිය වැඩීම, කරුණාව ඇති කරගැනීම, මැදහත් සිතක් ඇති කර ගැනීම, ඒ පිළිබඳ කල්පනා කිරීමෙන් හෝ සිතීමෙන් වැළකීම නැතහොත් අමතක කර දැමීම. ඔහුගේ ස්වභාවය හඳුනාගෙන, ඔහු අපට වෙනස් කළ නොහැකි, ස්වභායෙන් ම දුර්වලතා ඇති පුද්ගලයෙකු යැ යි සිතා ඔවුන් ගැන තරහවක් ඇති කර නොගැනීම යනුවෙනි.

මෙලෙස ද්වේශය යටපත් වූ කළ සිතට පහසුවක් දැනේ. පසුතැවිල්ලක් නොමැත. සියල්ලන්ගේ ම ආදර සැළකිලි ලබයි. දකින්නට සියල්ලෝ කැමති වෙත්. මුහුණ පැහැපත් වෙයි. විශ්වාසවන්තයෙක් වෙයි. සිල් රැකීමට පහසු වෙයි. රාගය, පරුෂ වචන, විවේචනය, භය, ජීවිතය පිළිබඳ කළකිරීම ආදියෙන් වැළකේ. ක්‍රෝධය යටපත් කිරීම යනු හොද ගුණාංගයකි. එබැවින් අන් අයට මෛත්‍රී කළ යුතු ය. අනුන්ගේ වරදට අනුකම්පා කළ යුතු ය. සියලූ ම සත්ත්වයන් කෙරෙහි මෛත්‍රිය දැක්විය යුතු ය. කරණීය මෙත්ත සූත්‍රයෙහි දී බුදුන් වහන්සේ වදාළේ,

“මාතා යථා නියං පුත්තං ආයුසා එකපුත්තමනුරක්ඛේ

එවම්පි සබ්බ භූතේසූ මානසං භාවයෙ අපරිමාණං”යනුවෙනි. මව තම එකම පුතු හට දක්වන කරුණාව මෙන් සියලු සත්ත්වයන්ට එක හා සමාන ව කරුණාව, මෛත්‍රිය දැක්විය යුතු ය. මෙලෙස ද්වේශයෙන් තොර වී මෛත්‍රියෙන් ජීවත් වීම තුළ පුද්ගලයාට මෙලොව පරලොව ජීවිතය සාර්ථක කර ගත හැකි වේ.