Print this Article


බුදුසරණ: බොදු පුවත් | සේරුවාවිල දී පින්කමක්

සේරුවාවිල දී පින්කමක්

සේරුවාවිල ඓතිහාසික මංගල මහා චෛත්‍ය රාජයාණන් වහන්සේට මල්වර්ග ලක්ෂයක් පූජාකිරීම සහ විදුලි බුබුලු පහළොස් දහසකින් චෛත්‍ය ඒකාලෝක කිරීමේ ලලාට ධාතු පූජෝත්සවය සැප්තැම්බර් (02) දා සවස සේරුවාවිල මංගල රජමහා විහාරස්ථානයේදී පැවැත්වේ. විහාරාධිපති ආචාර්ය මුංහේනේ මෙත්තාරාම හිමියන්ගේ අනුශාසකත්වයෙන් කැලණියේ අජිත හිමියෝ එම ආශිර්වාද පින්කම් මෙහෙයවති. කප්රුක් පූජා, අෂ්ඨ පරිස්කාර පුජා, අෂ්ඨපාන පූජා, සුවඳ මංජුසා පූජා සහ කිරි ආහාර ඇතුළු පූජා රැසක් මෙදින දවස පුරා පැවැත්වීමට තිරිවානේගම කළගෙඩිහේන ශ්‍රී සර්වඥධාතු වන්දනා පදනම මෙම පින්කම සංවිධානය කර ඇත.