සිත:
සෑම ක්‍රියාවකටම මුල්වන සිත
මක්කානිගොඩ අස්සජි හිමි
" සිතක කාර්යය සිතීමය, අරමුණ සිතන්නේ සිතයි. සිතීම් මාත්‍රය සිතයි. සිතිවිලි
විසිතුරු කරන්නේ සිතයි. අරමුණ දැන ගැනීමේ ලක්ෂණයෙන් යුක්ත නිසා සිත යැයි කියයි.'
මනුෂ්‍ය ජීවිතයක සෑම ක්‍රියාවකට ම, සෑම සිතිවිල්ලකට ම ප්‍රධානවන සිත කිළිටි වූයේ ද
සිදු කරන ක්‍රියාවන් අකුසල ක්‍රියා වන්නේ ය. පිරිසුදු සිතින් කරන ක්‍රියා කුසල
ක්‍රියා වන්නේ ය. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලයන් මුල් වූ සිත කිළිටි වේ. අලෝභ, අදෝෂ,
අමෝහ යන කුසල මූලයන් මුල් වූ සිත පුණ්‍ය සිතිවිලිවලින් යුතු වේ. කුසල සිතක් වේ.
සිතක කාර්යය සිතීමය, අරමුණ සිතන්නේ සිතයි. සිතීම් මාත්‍රය සිතයි. සිතිවිලි විසිතුරු
කරන්නේ සිතයි. අරමුණ දැන ගැනීමේ ලක්ෂණයෙන් යුක්ත නිසා සිත යැයි කියයි.සිත යෙදෙන
ස්ථාන අනුව ද බෙදීම් සිදු කර ඇත. එනම් කාමාවචර, රූපාවචර, අරූපාවචර, ලෝකෝත්තර භූමිවල
ඇතිවන සිත් කාමාවචර, රූපාවචර අරූපාවචර, ලෝකෝත්තර සිත් හැටියට සඳහන් කර තිබේ.
කාමාවචර භූමිවල සිත් පනස් හතරක් පිළිබඳ සඳහන් ය. රූපාවචර, සිත් පහළොවක් ද අරූපාවචර
සිත් දොළොසක් ද, ලෝකෝත්තර භූමිවල සිත් අටක් පිළිබඳව සඳහන් ය.
සත්ත්වයාගේ මුල් සිත, එනම් භවාංග සිත, චුතියෙන් පසුව ප්‍රතිසන්ධියක් ලබන අවස්ථාව
චුති චිත්තයත්, ප්‍රතිසන්ධි චිත්තයත් සමඟ ගැළපෙන භවාංග සිත ඉතා පිරිසුදු ය. කෙලෙස්
නැති හෙයින් එම සිත ප්‍රභාෂ්වර ය. එහෙත් පසුව ආගන්තුකව බැහැරින් පැමිණෙන උප
ක්ලේෂයන් හේතුවෙන් එම සිත ටිකෙන් ටික කිළිටි වේ.
ලෝකය මෙහෙයවන්නේ සිත ය. සිත විසින් ම ලොව ඇදගෙන යනු ලබයි. සිත නම් වූ එක ම ධර්මයට
සියල්ලෝ ම වසඟව සිටිති. සිත හරිම ප්‍රබල ය. සිතට සෑම දෙයක් ම මෙහෙයවීමේ ශක්තිය
තිබේ. සෑම දෙයක් ම ක්‍රියාත්මක කිරීමේ ශක්තිය ද ඇත. එම නිසා සිත හොඳින් හදා ගත යුතු
ය. දමනය කර ගත යුතු ය. සිත මනාව සකස් කර ගැනීමෙන් යහපත් වූ ප්‍රයෝජනයන් ගැනීමට හැකි
ය. ධම්මපදයේ චිත්ත වග්ගයේ, සිත හරිම චපල ය, රැකීම බොහෝ අපහසු ය. එලෙස ම සිත තැන්පත්
ව සකස් කරගත් විට ඒ සිතින් කළ නොහැකි දෙයක් ද නැත යනුවෙන් විස්තර කර ඇත.
“හී වඩුවෙක් ඊතලයක් තමන්ට අවශ්‍ය ආකාරයෙන් යකඩය රත් කර නමා සාදා ගන්නේ යම් සේ ද අපේ
සිත ද අවශ්‍ය ආකාරයට සකස් කර ගත හැකි බව දහමේ පෙන්වා දී ඇත. ඒ වගේ ම “දියෙන් ගොඩ
දැමූ මාළුවෙක් සේ සැලෙන, වෙනස් වන මේ සිත සකස් කර ගැනීමට, සංවර කර ගැනීමට, දමනය කර
ගැනීමට හැකි තැනැත්තා මේ සසරෙන් මිදෙන බව ද සඳහන් කර ඇත. සිත බොහෝ දුර තනිව ගමන්
කරයි. තනිවම හැසිරෙයි. එලෙස ම රූප නමැති ගුහාවේ ජීවත් වේ. එවැනි වූ සිත තැන්පත් ව
සකස් කර ගන්නා තැනැත්තාට සසරෙන් මිදෙන්නට පුළුවන් බව ද ධම්ම පදයේ සඳහන් ය.
සිත සංවර කර ගැනීම සඳහාත්, තැන්පත් කර ගැනීම සඳහාත්, සමාධි කර ගැනීම සඳහාත්
උත්සාහවත් වන වැඩපිළිවෙල “තිට්ඨ සමාධි” ලෙස හඳුන්වයි. “තිට්ඨ සමාධි” ය සඳහා උදව්
වන්නේ සමථ භාවනාවයි. කවුරු හෝ සමථ භාවනාව වඩනවා නම් ඒ තුළින් තමන්ගෙ සිත
ක්‍රමානුකූලව හැඩගස්වා ගන්නට පුළුවනි.
කල්‍යාණවන්ත ගුරු උපදේශය මත තමන්ගේ චරිතයට ගැළපෙන කර්මස්ථානයක් තෝරාගෙන, ඒ අනුව
භාවනා කළ යුතු ය. භාවනා කිරීමෙන් කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ද, උද්ධච්ඡ
කුක්කුච්ඡ, විචිකිච්ඡා නම් වූ නීවරණ ධර්ම පහ යටපත් වේ. කාමච්ඡන්ද – කාම වස්තූන්
කෙරෙහි ඇති ආශාව, කැමැත්ත, ව්‍යාපාද – තරහව, ථිනමිද්දය - සිතේ හා කයේ කම්මැලිකම,
උද්ධච්ඡ කුක්කුච්ඡ - සිතේ පවතින නොසන්සුන් ස්වභාවය, විචිකිච්ඡා - බුද්ධාදී අට තැන
කෙරෙහි ඇති සැකය මේ නීවරණ ධර්ම යටපත් කිරීමෙන් ධ්‍යාන ලබන්නට හැකියාව උදා වේ.
අභිධර්මයෙහි සිත පිළිබඳව බොහෝම පැහැදිලි විග්‍රහයක් දක්නට ලැබේ. එනම් සිතිවිලි වැල්
ඇතිවන ක්‍රමයක් පිළිබඳව එහි සඳහන් ය. අභිධර්මයේ “චිත්ත වීති” - සිත්වැල් නමින්
හැඳින් වේ. එහි සිත මුල් කොටගෙන කාර්යයන් දහ හතරක් සිදුවන ආකාරය පැහැදිලි කෙරේ.
එනම් ප්‍රතිසන්ධි කෘත්‍යය – මරණින් ජීවිතය කෙළවර වන්නට ඉඩ නොදී නැවත උපතක් ඇති
කිරීම, භවංග කෘත්‍යය – ජීවිතය අතරතුරේ සිත් පරපුර සිඳී යෑමට ඉඩ නොදී දිගට ම
පවත්වාගෙන යෑම. ආවර්ණ කෘත්‍යය – කිසියම් අරමුණකට විෂයයකට සිත යොමු කිරීම, දර්ශන
කෘත්‍යය – රූපය දැකීම, ශ්‍රවණ කෘත්‍යය - ශබ්දය ඇසීම, ආඝ්‍රහණ කෘත්‍යය – ගඳ සුවඳ දැන
ගැනීම, ආශ්වාදන කෘත්‍යය – රස දැන ගැනීම, ස්පර්ශන කෘත්‍යය - සිරුරේ ගැටෙන දේ දැන
ගැනීම, සම්පත්ත්‍යෂණ කෘත්‍යය – ඉන්ද්‍රිය පද්ධතිය මඟින් ලද අරමුණු පිළිගැනීම.
සංකීර්ණ කෘත්‍යය – එසේ පිළිගත් අරමුණු විමසීම. ව්‍යවස්ථාපන කෘත්‍යය – විමසූ
අරමුණෙහි තත්ත්වය විනිශ්චය කිරීම. ජවන කෘත්‍යය – පූර්වෝක්ත ක්‍රියා පිළිබඳ වූ අධික
චිත්ත වේගය. තදාලම්භන කෘත්‍යය – ජවනයෙන් ගත් අරමුණ ග්‍රහණය කර ගැනීම. චුති කෘත්‍යය
– එක් එක් භවය කෙළවර කිරීම යන කාරණා දහ හතර සිතේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් ඉතා
වැදගත් බව විශේෂයෙන් සඳහන් කරන්නට පුළුවන.
චිත්තානුපස්සනාව යනු සිතේ ස්වභාවය පිළිබඳව කල්පනා කිරීම ය. සම්මා සමාධි යනු යහපත්
සිතේ එකඟකම යි. යහපත් සිත යනු භාවනා අරමුණක සිත පිහිටා, සිත සමාධි ගත කර ගැනීම සඳහා
උත්සාහවත් වීමයි. එසේ සිත සමාධි ගත කර ගත් පුද්ගලයාට, සම්මා ඤාණ, සම්මා විමුක්ති යන
අවස්ථා දෙක උදා කරගෙන නිවන දක්වා ම, තමන්ගේ භව ජීවිතය හසුරුවා ගන්නට පුළුවන් බව
ධර්මයෙහි පෙන්වා දී ඇත.
මේ නිසා අපි හැම දෙනා ම සිතේ වැදගත්කම තේරුම් ගෙන, සිත පාලනය කරගෙන, මේ සිත නිසි
ආකාරයට පාලනය කර ගනිමු. එසේ නැතිනම් තමන්ට ඒ තුළින් සිදුවන හානිය කොතෙක් ද කියා
දැඩි ලෙස කල්පනා කිරීමට අවශ්‍යය ය.වෛරී පුද්ගලයෙක්, තරහ පුද්ගලයෙක් තමන්ට කරන
හානියට වඩා වැඩි හානියක් කිළිටි වූ සිතෙන් සිදු වෙන්නට පුළුවන් බව ධර්මයේ පෙන්වා දී
ඇත. මේ සිත නරකට යෙදුණොත් ඉතා ප්‍රබල ය. “කුස තණ ගසක් අල්ලාගත් පුද්ගලයෙක් ගේ අත
කැපෙන ස්වභාවය යම් සේ ද?” එලෙස ම නරකට යෙදූ සිත අප විපතට පත් කරයි.
- දීපා පෙරේරා |