මුල
අමතක කිරීම
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ,
සිංහල අංශයේ,
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය,
අත්තනායක
එම්. හේරත්.
පසුගියදාක මතුගම ප්‍රදේශයේ සම්මන්ත්‍රණයකට සහභාගි වෙන්නට අවස්ථාව ලැබුණා. පහ
ශ්‍රේණියේ ඉගෙන ගන්නා දරුවෝ ඒ දරුවන්ගේ මවුපියවරු එක් දහස් පන්සියයක් පමණ ඊට සහභාගි
වී සිටියා. ශාලාවේ කෙළවරින් පුංචි කටහඬක් ආවා.
“සර්, ශිෂ්‍යත්ව විභාගයට ‘බුද්ධ ධර්මය’ විෂයයෙන් එකම ප්‍රශ්නයක්වත් නො දෙන්නේ ඇයි?”
ඒ දරුවාට ප්‍රශ්නයක්. කතෝලික, හින්දු, මුස්ලිම් දරුවන්ටත් මේ වගේම හිතෙනවා ඇති. ආගම
විෂයෙන් ප්‍රශ්නයක් නො සෑදෙන නිසා ඒ ශ්‍රේණියේ ඉගෙන ගන්න දරුවන්ට පමණක් නොවෙයි. හතර
වසරේ ඉගෙන ගන්න දරුවොත් දහම් පාසලට යවන්න. පසු බසින්නේ අම්මලා, තාත්තලා. “ළමයින්ට
පාඩම් කරන්න වෙලාවක් නෑ.” ප්‍රශ්නයට පිළිතුරත්, අම්ම, තාත්තගෙන්ම ලැබෙනවා. දහම්
පාසල, දරුවන්ට විනය, ශික්ෂණය, හැදියාව, ඉවසීම, ගරු කිරීම, සමඟි සම්පන්නව ජීවත්වීම
උගන්වන තැනක්. පුරුදු පුහුණු කරන තැනක්. ඒත් ශිෂ්‍යත්ව විභාගය නිසා මවුපියෝ දරුවන්
දහම් පාසල්වලට යොමු කරන්නේ නෑ.
ඉතින් මේ දරුවෝ ඉවසීම ඉගෙන ගන්නේ කොතැනින් ද? ‘දැන් ළමයි ප්‍රචණ්ඩයි’ හැමෝම
මැසිවිලි කියනවා. ප්‍රචණ්ඩ, ළමයි නොවෙයි. වැඩිහිටියන්ගේ අදහස්. ආකල්ප, දරුවා නිසි
තැනට, නිසි කලට යොමු නො කිරීමේ දඬුවමයි මේ.
වැරැදීමකින් ඇඟේ හැපුණත් කෝප වෙනවා. පහර දෙනවා. මෙය අලුත් අත්දැකීම් නොවේ. අප කුඩා
කාලයේ අද ශිෂ්‍යත්ව විභාගයට තිබෙන උනන්දුව තිබුණේ නෑ. බොහොම නිදහසේ ළමා කාලය
ගෙවුණා. අපි ජීවත් වුණේ අපූරු සුන්දර ලෝකයක. පොත පතෙහි අපිට ඉගෙන ගන්න ඕනෑ තරම් කවි
තිබුණා. ළමයි හැමෝම ඒවා කටපාඩම් කළා. කුඹුරේ කිරි වඳින ගොයම් කරල්, හේනේ පීදෙන මුං,
කවුපි කරල් කඩන්නට එන ගිරව් රෑන් එළවා හරින්නට පුංචි අපි හැන්දෑවරුවෙම ගත කළේ
ගෙදරින් පිට. බත්පත පිරෙන්නේ මහන්සි වුණොත් කියලයි අපි තේරුම් ගත්තේ හේනේදී
කුඹුරේදී. ඒත් සතුටින් මවුපියන්ට උදව් උපකාර කළා. ඔවුන්ගේ ජීවන මෙහෙවරට යාන්තමින්
හරි අත දුන්නා. ඒ කාලය අපතේ ගියේ නෑ. හේනේදී කුඹුරෙදී අපි කවි කටපාඩම් කළා. ටිබෙට්
ජාතික එස්. මහින්ද හාමුදුරුවෝ, ආනන්ද රාජකරුණා, චන්ද්‍රරත්න මානවසිංහ, පී.බී.
අල්විස් පෙරේරා, ආදී මහා කවියන්ගේ කවි කටපාඩම් කළා. ඒවායේ වටිනාකම් ජීවිතයට එක්කර
ගත්තා.
‘ඇසෙන්නෙ කා කා හඬ සෑම පැත්තෙන්’
‘සමන් පිච්ච මල් ඉහිරුණු ...
නිල් තණකොළ පිට්ටනියක්’ ...
‘මොනවද අම්මේ අකුරු ජාතියක්
මල් පෙතිවල කවුදෝ ලියලා’ ...
මේ කවිපද සිහිවෙන විට අපේ හිත්වල ලස්සන සිතුවම් ඇඳුනා.
‘බුදු හාමුදුරුවන් ඉස්සර වඩින කොට
මම හිටියනම් යනවා කැලයට දරට
වන මල් නෙළා අතුරා සිරි පතුල වට
වැඳ වැටෙනවා ගෙට නොගිහින් වරුවකට
මේ කවි ගායනා කරන හැම මොහොතකම බුදු හාමුදුරුවෝ අපේ සිත්වල මැවුනා.
එදා අපි හිතුවේ සැබැවින්ම හේනක් මැදින් බුදුහාමුදුරුවෝ වඩිනවා කියලයි. එය කවියාගේ
අදහසක් බව වැටහුණේ පසු කාලෙකදීයි. ළමා ලෝකයේ එදා අප ජීවත්වුණු සුන්දර ලෝකය අද දරුවෝ
දකින්නේ නෑ. යන්ත්‍ර සූත්‍ර වගේ. කවර ආගමක වුණත්, කවර ජාතියක වුණත් ඒ ජාතිය, ආගම හා
බැඳුණු සංස්කෘතියක දායාදයන් තිබෙනවා. කවිය, ගීතය ද ඊට අයත්. දරුවන් සාහිත්‍යයෙන්
ඈත් කරන්න එපා. ආගමෙන් දුරස් කරන්න එපා. එය භයානකයි. අපේ බස සමහර දරුවන්ගෙන් ඈත්
වෙලා. ඒත් ආකල්ප වෙනස්වෙලා.
උසස් පෙළ විභාගයට, බෞද්ධ සංස්කෘතිය, සිංහල භාෂාව, සාහිත්‍ය තෝරා ගන්න පිරිස්
අඩුවෙලා. තාක්ෂණවේදය වගේ විෂයයන් ජනපි‍්‍රය කරලා. මේ විදේශීය කුමන්ත්‍රණයක ප්‍රතිඵල
නොවේ. අපේ සමහර ගුරු, වැඩිහිටියන්ගේ ආකල්පයන්ගේ වරද, සිංහල ‘බස නො දන්නා සිංහලයෝ’
කියන මාතෘකාවත් හෙට අනිද්දා සමාජ ගත වෙන්න පුළුවන්. අනගාරික ධර්මපාලතුමා, වලිසිංහ
හරිශ්චන්ද්‍රතුමා බොහෝ කලකට පෙර අනතුරු ඇඟෙව්වේ මේ ගැනයි.
කුමාරතුංග මුනිදාසයන් ඉංගී‍්‍රසි බස හොඳින් දැන සිටියා. ඒත් මව් බස අමතක කළේ නෑ.
විකෘති කළේ නෑ. මේ දෙසට මේ බසට, මේ රැසට හැර අන් වෙන කිසි දෙසකට, බසකට, රැසකට හිස
නොනමන බවයි ඔහු කීවේ. ඔහු අපේකම ඉගැන්වූයේ එලෙසයි. එය මාහැඟි සදූප දේශයක්. ජපානය,
චීනය, ඕස්ට්‍රේලියාව වැනි රටවලට යන්නට අපේ සමහර තරුණ දරුවන්ගේ හීනයක් තිබෙනවා. මේ
විදේශයන්ට රැකියාවට ඉගෙන ගන්නට යන හැම කෙනෙක්ම ඒ රටේ බස ඉගෙන ගැනීම අනිවාර්යයි.
ඔවුන් මුල අමතක කර නෑ. ඒ ජාතීන් නැඟී සිටින්නේ තමන්ගෙ බස, තමන්ගේකම ද සමඟයි.
රමණී සුබසිංහ |