UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

 

ඇසළ පොහෝ දින අසිරිය

ඇසළ පුර පසළොස්වක පෝය දින සමස්ත බෞද්ධ ජනතාවට වැදගත් වන්නේ ශාසන ඉතිහාසයේ සුවිශේෂී සිදුවීම් මාලාවකට මුල් වූ නිසාය.  එනම්. සිදුහත් බෝසතුන් මව්කුස පිළිසිඳ ගැනීම, මහා අභිනිෂ්ක්‍රමණය සිදුවීම, මංගල ධර්ම දේශනය පැවැත්වීම, මාතෘ දිව්‍ය පුත්‍රයාට අභිධර්මය දේශනා කිරීම ආදියයි.  සිද්ධාර්ථ බෝධිසත්වයෝ පූජනීය මවකගේ කුසෙහි පිළිසඳ ඇත්තේ මෙවන් ඇසළ පොහෝ දිනක දී ය. තුසිත දෙව්ලොව අවසන් භවය ගත කළ උන්වහන්සේ ඉන් චුතව උතුරුසල නැකතින් මව්කුස පිළිසිඳ ගත්හ. බෝසතුන් මහාමායා දේවිය කුස පිළිසිඳ ගත් අවස්ථාවේ සිදු වූ අසිරිමත් සිදුවීම් බුද්ධවංස අටුවාවේ මෙසේ දැක්වේ. දස දහසක් ලෝක ධාතු කම්පාවීම, දෙතිස් පෙර නිමිති පහළ වීම, බෝසත් මවට රාග සිත් පහළ නොවීම, සතරවරම් දෙවිවරු ආරක්ෂාව සැපයීම, මවට රෝගාබාධ පහළ නොවීම, බෝසතුන් වැඩ සිටි මාතෘ ගර්භයේ අන් සත්වයන්ට වාසය කළ නොහැකිවීම, හා දස මසක් කුස තුළ සිට මව සිටගෙන සිටිය දී දරු ප්‍රසූතිය සිදු වීම යනුවෙනි. මෙවැනි සුවිශේෂී ධර්මයන් සිදුවීම බෝධිසත්ව මාතෘධර්මතාව ලෙස අටුවාව විග්‍රහ කරයි. දීඝ නිකායේ මහාපදාන සූත්‍රයට අනුව සියලු බෝසතුන්ට පොදු ධර්මතා රාශියකි.

ඉතිරිය»

 

ඇසළ පුර පසළොස්වක පෝය


ඇසළ පුර පසළොස්වක පෝය ජූලි 08 වනදා සෙනසුරාදා පූර්ව භාග 7.31ට ලබයි. 09 වන දා ඉරිදා පූර්ව භාග 9.36 දක්වා පෝය පවතී සිල් සමාදන්වීම ජූලි 08 වන දා සෙනසුරාදාය.

 

මීළඟ පෝය ජූලි 16 වන දාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූලි 08

Second Quarterඅව අටවක

ජූලි 16

Full Moonඅමාවක

ජූලි 23

First Quarterපුර අටවක

ජූලි 30


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]