කුසලයට බර රැකියා ලාභියා වාසනාවන්තයෙක්
විනයානුකූල සිවුරු මැසීමේ නිරත
සුනිල් ගෝනාපීනුවල
අටමහා කුසල් අතර අටපිරිකර පූජාව සුවිශේෂියි. එහෙත් එයට අවශ්‍යය විනයානුකූල සිවුරු
කර්මාන්තයේ යෙදෙන්නෝ අද ලොවේ දුලබය. එවන් කුසලයට බර රැකියාලාභියා භාග්‍යවන්තයෙක්
වෙයි. අද සමාජයේ දෝරේ ගලායන ව්‍යාපාරික රැල්ලට මං මුලා නොවී අතරමං නොවූ ඔහු සුනිල්
ගෝනාපීනුවල මහතාය.
මොහු තම ජීවන මං පෙතේ වෘත්තිමය පරිච්ඡේදය අප හමුවේ තැබුවේ මෙසේය. මා පළමුව මැණික්
ගල් ඔප දැමීමේ කර්මාන්තයේ නියැළුණා. නමුත් මගේ ජීවිතය මැණික් ගලකට වඩා ඔප වැටුණේ
සිවුරු මැසීම නිසයි. මේ කර්මාන්තයේ මා අවුරුදු තිස්දෙකක කාලයක සිට නියැළෙනවා. මගේ
සීයා වූ නාහිංගල් මුදලාලිගෙන් උරුම වූ සිවුරු කර්මාන්තයට නිසි මඟ පෙන්වූයේ
ගෝනාපීනුවල අභිනවාරාමාධිපති අපවත් වී වදාළ සෝමාලෝක හිමියෝය. උන්වහන්සේගේ සෙවණේ
සිටිමින් ඇප උපස්ථාන කළ මා සිවුරු මැසීමේ පුහුණුවට බොරතුඩුවේ අමරසිරි හිමියන් වෙත
යොමු වුණා.
නිවැරැදිව විනයානුකූලව සිවුරක් මසා ගන්නා මුල්ම පාඩම එදා ඉගෙන ගත් හැටි මට අද වගේ
මතකයි. ආටිගල සුද්දල්ලාව ආරණ්‍ය සේනාසනයේ භික්ෂු අභ්‍යාස ආයතනයේ රාජකීය පණ්ඩිත
බද්දේගම බුද්ධසාර හිමියන් මා විසින් ඉරට මැස්මෙන් නිමකරන ලද මුල්ම සිවුර අගයකර මා
කල්‍යාණි යෝගාශ්‍රමයේ නා උයනේ අරිධම්ම නාහිමියන් වෙත යොමු කළා. එහිදී උන්වහන්සේ මා
නිමාකළ සිවුරේ සුළු අඩුපාඩුකම් කිහිපයක් බොහොම කරුණාවෙන් පෙන්වා දුන්නා. එතැන් සිට
මා සිවුරු මැසීමට බොහොම හොඳින් යොමු වුණා. මෙහිදී මම, අපවත් වී වදාළ නා උයනේ
අරියධම්ම නාහිමියන්ටත් , කඩවැද්දුවේ ජිනවංශ හිමියන්ටත් හෘදයාංගමව පින් දෙමි.
අප යමක් කරනවා නම් නිවැරැදිව ශාස්ත්‍රානුකූලව කළ යුතුයි. පැරැණි ක්‍රමයට අනුව
සිවුරු මැසීම ස්වාමීන් වහන්සේ විසින් සිදු කරනු ලැබුවත් අද එය ගිහි ව්‍යාපාරිකයන්
දක්වා ව්‍යාප්ත වී තිබෙනවා. ඇතැම් ව්‍යාපාරිකයෝ වෙළෙඳපොළ ආක්‍රමණය කරන්න උත්සාහ කළද
විනයානුකූල සිවුරක තිබිය යුතු අංග නොදන්නා නිසාදෝ, මගෙන් මිලදී ගන්නා සිවුරු
ප්‍රමාණය බහුල වෙලා. වංචාවෙන් , කපටිකමින් මේ කර්මාන්තය ප්‍රමිතියට නොකළොත්
අපායගාමී වනබව මා දන්නවා. ඒ නිසා බොහොම ශ්‍රද්ධාවෙන් මේ කර්මාන්තය කළ යුතුයි.
අට පිරිකරට අවශ්‍ය සිවුර සැකසීම මා නිමකරන්නේ පැරැණි ක්‍රමයටයි. සිවුරක උස , පළල
ප්‍රමිතියට ගන්නේ අතක වැලමිටේ සිට මාපට ඇඟිල්ල දක්වා දිගය. මෙය පැරැණි යුගයේ ලාපට
නමින් හැඳින්වූවා. ආරණ්‍ය ස්වාමීන් වහන්සේට පඬුපොවා සකසන සිවුර පහළොස් කඩ(දෙපට
සිවුර),විසිපස් කඩ, තිස්පස් කඩ, හතළිස්පස් කඩ , පනස් එක් කඩ, හැත්තෑපස්කඩ, එකසිය
පනස් කඩ ආදී වශයෙන් වෙනවා. මේ සඳහා චැලෙන්ජර්, කොට්න් සහ ඉන්දියන් මල් පීස් වැනි
රෙදි වර්ග යොදා ගෙන ප්‍රමිතියට සැකසිය යුතුයි. මේ කර්තව්‍ය උදෙසා ජාති ආගම් භේදයක්
නැතිව මට අවශ්‍ය රෙදි පිළි ලබා දීමට සහාය වන්නේ හින්දු ජාතිකයෙක්. මා තිස් දෙවසරක්
පුරා කඨින පින්කම් වෙනුවෙන් ලබා දුන් සිවුරු ප්‍රමාණය අපමණයි. ඒ සඳහා මා කිසිදු
මුදලක් අය කරන්නේ නැහැ.
ප්‍රමිතියට සකසන සිවුරු මැසීම නිසා මා 2004 දකුණු පළාතේ හොඳම ව්‍යවසායක සහතිකයත්
,2006දී ආගමික ශාසනික හා සාමාජික මෙහෙය අගයා ශාසන සේවා කීර්ති ධර්ම වත්ථු ලංකා
පුත්‍ර ගෞරව නාමයෙන් ද පිදුම් ලැබුවා.
මෙතෙක් මගේ දියුණුවට අතහිත දුන් පැවිදි, ගිහි සියලු දෙනා ගෞරවයෙන් සිහිපත් කරනවා.
මා පැමිණි ගමන් මඟ බොහෝ දුෂ්කරයි. කැළෑ රොදවල් මධ්‍යයේ ආරණ්‍යය සේනාසන වෙත මා
සිවුරු රැගෙන ගියේ බොහොම ශ්‍රද්ධාවෙන්. තමන් යනමඟ කටුකොහොලින් පිරී තිබුණත්
ශ්‍රද්ධාව සහ ප්‍රඥාව ඇත්නම් පැමිණෙන අභියෝග සැහැල්ලුවෙන් ජය ගත හැකි බව මගේ
විශ්වාසයයි.
- ජම්මික ප්‍රබෝධනී වැලිකල |