Print this Article


බුදුසරණ: බොදු පුවත් | මාපලගම සිරි සෝමිස්සර නා හිමි සමරා පින්කම්

මාපලගම සිරි සෝමිස්සර නා හිමි සමරා පින්කම්

කොහුවල ශ්‍රී ධාතුමළු විහාරාධිපතිව වැඩ විසූ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා ලේඛකාධිකාරී මාපලගම සිරි සෝමිස්සර නාහිමියන්ගේ 25 වන වාර්ෂික ගුණසමරු පින්කම මෙම 27 සහ 28 වන දා පැවැත්වේ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත නාපාන පේමසිරි මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් ධාතුමළු විහාරයේ දී එම පින්කම පැවැත්වේ.