අනගාරික ධර්මපාලතුමා
රට, ජාතිය,ආගම ගැන ආදරයක් ඇති වීරයින් කාලයෙන් කාලයට ලොවෙහි බිහි විය. අනගාරික
ධර්මපාලතුමා ඒ අතරින් විශේෂ පුද්ගලයෙකි. එතුමා උපත ලැබුවේ මාතර හිත්තැටිය
ප්‍රදේශයේදී ය. අනගාරික ධර්මපාලතුමාගේ පියා දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමා වන
අතර මව මල්ලිකා හේවාවිතාරණ ළමා තැනීය.
අනගාරික ධර්මපාලතුමාද, ඉරුදින දහම් පාසල් ආරම්භ කළේ ය. දරුවන් යහමඟට ගන්නට එය
සුවිශේෂී මඟක් වන බව සිතුවේ ය. ගවමස් ආහාරයට නොගන්න යැයි කියමින් ජනතාව දැනුම්වත්
කළ එතුමා සතුන්ට පවා ජීවිත දානය දීමේ වටිනාකම පෙන්වා දුන්නේ ය. අනගාරික ධර්මපාලතුමා
අවසාන කාලයේ දී සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි විය.
අම්රා ඉසඩීන්
බප/ කො/ වුල්වන්දාල් බාලිකා මහා විද්‍යාලය,
කොළඹ 13
රුවන්වැලි මහා සෑ රදුන්...
දුටුගැමුණු මහ රජතුමා විසින් ඉදිකරන ලද රුවන්වැලි මහා සෑරදුන් බුදුරදුන්ගේ
ද්‍රෝණයක් ධාතුන් වහන්සේ නිදන් කොට ඇති පූජනීය ස්ථානයකි. මෙහි මුල් පියවර වූ පේසා
වළලු නිර්මාණය කිරීමේ දී එය හත්වරක් පොළව තුළට කිඳා බැස ඇත. එය මහා සෑයේ
කල්පැවැත්මට හා ආරක්ෂාවට සිදුවූ ආශ්චර්යයක් බවට පැහැදිලි වේ. මහත් වටිනා වූ පෞරාණික
පූජනීය වස්තුවක් වන රුවන්වැලි මහා සෑය අනුරාධපුරයේ පිහිටා ඇත.
“රන්වැලි මහා සෑ ගර්භය ආදී
තුන් බුදු මගුල් දින සුදු බුදු රැස් විහිදී
සදාකල් ගෙනේ රැකවරණය සෑදී
රකී තුන්ලොවම රන්වැලි මහ සාධූ
දුටුගැමුණු මහරජතුමා ස්වර්ණමාලී දෙව්දුවගේ විමානය වූ රන් තෙළඹු ගස පිහිටි ස්ථානය
චෛත්‍යය ඉදිකිරීමට යොදාගත් නිසා එම දෙව්දුවට උපහාර පිණිස එම සෑ රදුන්ට ස්වර්ණමාලි
යන නම ලැබුණේ ය. පසුව රුවන්වැලි මහා සෑය ලෙසද නම් විය.
එස්.කේ. නවාංජනා සිතුමිණි
9 වසර, මාතර මැද්දවත්ත, ඉසිපතනාරාම
දහම්පාසල
මගේ ආදරණීය
තාත්තා
මා කුඩා කල තාත්තා ආදරයෙන් මා තුරුළට ගෙන සුරතල් කළේ ය. කෙතරම් වෙහෙස වී සිටියද ඉතා
දයාවෙන් මගේ අධ්‍යාපනය වෙනුවෙන් තාත්තා කාලය වැය කළේ ය. මා යන එන සැමතැන මගේ තාත්තා
සෙවනැල්ලක් මෙන් මගේ ආරක්ෂාවට සිටියේ ය.
මා අතින් වන වරදක් දුටු විට කෝප නොවී
ආදරයෙන් වරද පහදා දෙමින් මා යහමඟට ගත්තේ ය. මගේ ආදරණීය පියාණන් මගේ ජීවිතයට යෝධ
ශක්තියකි. මගේ තාත්තාට මම සැමදාම ආදරය කරමි. ගෞරවය කරමි.
ඩී.කේ. ආදර්ෂා මේෂාලි
5 ශ්‍රේණිය
බප/ කො / වුල්වන්දාල් බාලිකා මහා විද්‍යාලය,
කොළඹ 13.
පූතිගත්ත තිස්ස
තෙරණුවන්ගේ කතාව
සැවැත්නුවර විසූ කුල පුත්‍රයෙක් බුදුන්වහන්සේ වෙතින් පැවිදිව උපසම්පදාව ලබා තිස්ස
තෙරණුවෝ යි ප්‍රසිද්ධියට පත් විය. පෙර ආත්ම භාවයක දී කරන ලද පාප කර්මයක් නිසා
උන්වහන්සේගේ ශරීරයේ සැරව ගෙඩි සෑදී පැසවා මුළු ශරීරයම වණ වී කුණු වී ගිය පසු
උන්වහන්සේ පූතිගත්ත තිස්ස නමින් ප්‍රසිද්ධියට පත් විය. එම සිරුර කෙතරම් පිළිකුල් ද
කියතොත් උපස්ථාන කරමින් සිටි භික්ෂූන් වහන්සේලා ද උන්වහන්සේ අතහැර යන්නට විය.
අලුයම අමාකරුණාවෙන් ලොව බැලූ බුදුන්වහන්සේට මේ අසරණ භික්ෂූනම දක්නට ලැබිණි. වෙනත්
කිසිවෙකු උන්වහන්සේට පිහිට නොවන බව දැන ගත් බුදුරජාණන් වහන්සේ තිස්ස තෙරුන් වැඩ
සිටි ආරාමයට වැඩම කළහ. ගිනිහල් ගෙට වැඩ සැළියක් සෝදා වතුර උණු කළහ. වතුර උණු වූ පසු
තිස්ස තෙරුන් ඇඳ පිටින් ගිනිහල් ගෙට ඔසවාගෙන පැමිණෙන්නට බුදුරදුන්ට ඉඩ නොතැබූ
භික්ෂූන් වහන්සේලා ඇඳ ඔසවා ගෙන ගියහ. පළමුව සිවුරු සේදීමට ඔරුවක් ගෙන්වා ගිලන්
තෙරුන්ගේ සිවුරු උණු වතුරෙන් සේද වූ බුදුපියාණෝ ඒවා මඳ අව්වේ වැනවූහ. ඉන් පසුව
බුදුන් වහන්සේ එම තෙරුන්ගේ ශරීරය අතුල්ලමින් උණු වතුරෙන් නාවා වේළී තිබූ සිවුරු
පෙරවූහ. එකඟ සිතින් යුතුව ඇඳෙහි සැතපී සිටි තිස්ස තෙරුන්ට ශරීරයේ අනිත්‍ය බව,
අනාත්ම බව හා අසාර බව පැහැදිලි කරමින් ධර්මය දේශනා කළ සේක.
යමෙක් ගිලනුන්ට උපස්ථාන කරන්නේ ද එය තමන් වහන්සේට උපස්ථාන කළා හා සමානයැයි
බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. අපි සියලු දෙනා එය ආදර්ශයක් කරගෙන ජීවිතය යහපත් කර
ගනිමු.
එස්.එච්. චන්න මිගාර,
කු/වයඹ සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගර මහා විද්‍යාලය,
මල්ලවපිටිය,
කුරුණෑගල
සසුන රැකුමට
ගැනුන පියවර
සුභද්‍ර භික්ෂුවගේ අභද්‍ර වචනය නිසා බුද්ධ පරිනිර්වාණයෙන් තෙමසකට පසු පළමු ධර්ම
සංගායනාව පැවැත්වුණි. මහකාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අජාසත් රජුගේ සහාය
ඇතිව මහරහතන් වහන්සේලා පන්සියයක් එක්ව සංගායනාව පැවැත්වුණි. රජගහනුවර වේහාර පර්වතයේ
සප්තපර්ණී ගුහාද්වාරයේ පැවැත් වූ මෙම සංගායනාව පංචසතිකා යන නාමයෙන් හඳුන්වන ලදී.
සංගායනාවෙන් සිදු වූ සේවාවන් ලෙස සූත්‍ර සමූහය ධර්ම නිකාය පහකට බෙදීම, විනය පස්
ආකාරයකින් සංග්‍රහ කිරීම, භාණක පරම්පරා නියම කිරීම දැක්විය හැක.
බුද්ධ පරිනිර්වාණයෙන් වසර සියයකට පසු දෙවන ධර්ම සංගායනාව පැවැත්විය. එයට හේතුව වූයේ
වජ්ජිපුත්තක භික්ෂූන් දස අකැප වස්තු කැපයැයි කීම ය. ඒ නිසා යස මහ තෙරුන්ගේ
ප්‍රධානත්වයෙන් කාලාශෝක රජුගේ සහාය ඇතිව විසාලා මහනුවර වාළුකාරාමයේ දී දෙවන ධර්ම
සංගායනාව පැවැත්වුණි. රහතන් වහන්සේ හත්සියයක පිරිස සහභාගීත්වයෙන් පැවැත් වූ මෙම
සංගායනාවේ ප්‍රතිඵල ලෙස වජ්ජිපුත්තක තෙරුන් සසුනින් නෙරපීම, ථෙරවාදය වෙනම
සම්ප්‍රධායක් ලෙස සංවිධානය කිරීම, දුර්මතධාරීන්ගෙන් ථෙරවාදී බුදුසසුන ආරක්ෂා
කරගැනීම දැක්විය හැකිය.
තෙවන ධර්ම සංගායනාව පැවැත්වූයේ බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236 කට පසුවයි.එම සංගායනාව
පැවැත්වීමට හේතුව වුයේ සැට දහසක් වූ අධර්මවාදීන්ගෙන් සසුන රැක ගැනීමය. එය
මොග්ගලීපුත්ත මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ධර්මාශෝක රජුගේ අනුග්‍රහයෙන් සිදු
කරන ලදී. දහසක් පිරිස සහභාගි වූ මෙම සංගායනාව සිදුකරන ලද්දේ පැළලුප් නුවර
අශෝකාරාමයේදී ය. අධර්මවාදීන් සසුනින් නෙරපීම, මොග්ගලීපුත්ත තෙරණුවන් විසින්
කථාවත්ථුපකරණය රචනා කිරීම නිසා නිසා ත්‍රිපිටකය සම්පූර්ණ වීම, සුසිල්වත් භික්ෂූන්ට
පොහොය කර්මය කිරීමට අවස්ථාව සලසාදීම, ථෙරවාදී බුදු දහම දේශ දේශාන්තරයන්හි ව්‍යාප්ත
කරවීම තෙවන ධර්ම සංගායනාවේ ප්‍රතිඵල විය.
ඩබ්ලිව්. යූ. නිශාලිකා පෙරේරා
මිනු / නාලන්දා බාලිකා ම. ම. වි.
9 ශ්‍රේණිය
|