වසර 2324ක් සපිරෙන මහා විහාරවංශික උපසම්පදාව හෙවත් වසර 264ක්
සපිරුණු
මහා විහාරවංශික
ස්‍යාමෝපාලී මහා නිකායේ උපසම්පදාව
සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ
නියෝජ්‍ය හා වැඩබලන ලේඛකාධිකාරි,
පේරාදෙණිය
විශ්වවිද්‍යාලයේ
විශ්‍රාමික කථිකාචාර්ය හා වැඩබැලු අංශාධිපති
ආචාර්ය
සෝමවතී රජමහා
විහාරාධිපති,
පහමුණේ ධම්මකීර්ති ශ්‍රී සරණංකර සුමංගල නා හිමි
ඉන් පසුව ඒ ගොඩපොල නුවරින් ඒ උන්නාන්සේලා වැඩමවාගෙන ඇවිත් අලූත් ගංතොටින් මෙගොඩ වන
අවස්ථාවට මහත් වූ රාජානුභාවයෙන් ඇමති සේනා පිරිවරා ඒ අලූත්ගංතොට කරන ලද පරණ ශාලාවට
කීර්ති ශ්‍රී රාජසිංහ මහා රාජෝත්තමයාණෝ වැඩමවා සක්විති රුවනක් සම්භ වුනාක් මෙන් හේ
සගරුවන් කෙරෙහි මහත් වු ගෞරව උපදවා දැක වැඳ සුවදුක් විචාරීමෙන් පිළිසඳර කථාකොට
නිමවා අපමණ රාජෝත්සවයෙන් ඒ වැඩිය උපාලි මහා ස්ථවිරාධි වූ උපසම්පන්න සෑමදෙනා
වහන්සේලාම යානාවලින්ම මල්වත්තේ විහාරයට වැඩමවාගෙන ඇවිත් ලැගුම්ගෙවල් පිළිගන්වා
වදාළාය”යනුවෙන් සංඝරාජ සාධූ චරියාවෙහි හා ස්‍යාමෝපසම්පදා වතෙහි සඳහන් පරිදි කීර්ති
?ශ්‍රී රාජසිංහ මහ රජතුමා අපමණ සතුටට පත් වූයේ තමාගේ මල්වත්ත භික්ෂූන් වහන්සේ උදෙසා
පූජා කරමින් භික්ෂූන් වහන්සේ උදෙසා ලැගුම්ගෙවල්ද සාදවා උන්වහන්සේලාට මල්වතු
විහාරයෙහි පෝයමළු විහාරයෙහි වැඩ විසීමට සැලැස්වීය. රා.ව. 1753 ජූලි 15 දින ඇසළ පුර
පුන්පොහෝදා මල්වත්තෙහි පිහිටුවා තිබූ රාජකීය ශාලාව පොහොය සීමාවක් බවට පත්කොට උපාලි
මහා ස්වාමීන්ද්‍රයන් ප්‍රධාන විංශත් වර්ගික භික්ෂූන්වහන්සේ එකී පෝය සීමාවට වැඩමවා
කීර්ති ශ්‍රී රාජසිංහ මහරජතුමන් ප්‍රධාන ඇමති මණ්ඩලය සහිත සැදැහවතුන් මධ්‍යයේ
පෝයමළු විහාරයෙහි නායක ධුරය දැරූ කොබ්බෑකඩුවේ සාමණේරයන් පළමු කොට ද ඒ සමගම වැලිවිට,
හුලංගමුවේ ,බඹරදෙණියේ, තිබ්බටුවාවේ යන සාමණේරයන් වහන්සේලා පස් නම හා අස්ගිරි
විහාරයේ නායක පදවිය දැරූ නාවින්නේ සාමණේරයන්ද උපසම්පදා කොට වර්තමාන සම්බුද්ධ ශාසනයේ
ප්‍රථම උපසම්පදා විනය කර්මය සිදු කරලීමෙන් ශ්‍රී ලංකා ධරණිතලයම අපමණ සතුටට
පත්කරලමින් මහෝත්සව පැවැත්වීය. උපසම්පදාව පිහිටුවීමට පොහොය සීමාවක් අත්‍යවශ්‍ය වූ
හෙයින් එදා මිහිඳු මා හිමියන් දේවානම්පියතිස්ස රජතුමාගේ අනුග්‍රහය ලබාගෙන පොහොය
සීමාවක් සම්මත කළාක් මෙන්ම උපාලි මාහිමියන් ද කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජතුමාගේ
අනුග්‍රහය ලබාගෙන සම්මත කරන ලද මල්වතු මහා විහාරයීය උපෝෂතාගාරයෙහි අද දක්වාම වසර
264ක් මුළුල්ලෙහි මහා විහාරවංශික ස්‍යාමනිකායික භික්ෂූන්වහන්සේගේ උපසම්පදාව සිදු
කරලමින් භික්ෂූන්වහන්සේ සහිත රාජාරාජ මහාමාත්‍යාදි සැදැහැවතුන්ගේ නොමද ගෞරවයට
පාත්‍රව පවතී. මේ අයුරින් ආරම්භ වූ උපසම්පදාව ආරක්ෂා කර ගැනීම සම්බුද්ධ ශාසනයේ ද
ආරක්ෂාවයි. |