කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම
මහා සංඝ සභාවේ
උපසම්පදා විනය කර්මය 2017
ශ්‍යාමෝපාලි වංශික මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ
වාර්ෂික උපසම්පදා මහෝත්සවය 2017 ජූනි 28, 29, 30 හා ජූලි 01 යන දිනයන් හි කෝට්ටේ
රාජ මහා විහාරස්ථ සිරිමංගල උපෝසථාගාරයේ දී හා උපසම්පදාපේක්ෂක නේවාසික පුහුණුව 2017
ජූනි මස 17 සහ 18 දිනවල ගෝනදූව දක්ෂිණ චේතියාරාම විහාරස්ථානයේ දී පැවැත්වේ.
මෙවර උපසම්පදාව සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන එම සංඝ සභාවට අයත්
ස්වාමීන්ද්‍රයන් වහන්සේලා අදාළ ඉල්ලුම්පත් සම්පූර්ණ කර 2017 මැයි මස 15 වන දිනට පෙර
උපසම්පදා ලේඛකාධිකාරීන් වහන්සේ වෙත ලැබෙන්නට සැලැස්විය යුතු බව දන්වා සිටියි.
නියමිත දිනට පසුව ලැබෙන ඉල්ලුම්පත් පාර්ශව භේදයකින් තොරව ගෙන අවසාන දිනයේ දී
උපසම්පදාව සඳහා යොමුකරනු ලැබේ.
නියමිත ඉල්ලුම්පත් උපසම්පදා ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති ජ්‍යෙෂ්ඨ
කර්මවාගාචාර්ය මකුරුප්පේ සෝමාලංකාර හිමි, ශ්‍රී මහා චේතියාරාමය, කිඳෙල්පිටිය,
වැල්මිල්ල හන්දිය (බණ්ඩාරගම) යන ලිපිනයෙන් ලබාගත හැකි බවද කියයි. |