සිල් සුවඳ අනුත්තරයි
මල් සුවඳ පිවිතුරුයි
කැලණිය විශ්ව විද්‍යාලයේ
සංස්කෘත අධ්‍යයන අංශයේ
මහාචාර්ය
ඉඳුරාගාරේ
ධම්මරතන හිමි
මෙම ලිපියේ
කොටසක් මැදින් අව අවටක පෝදා (මාර්තු 20 ) පත්‍රයේ පළවිය
අදහස් ලෝකයට ලබාදෙනවා නම්, කෙතරම් සොඳුරු අදහස් ප්‍රමාණයක් ලෝකයට ලබාදිය
හැකිද?ආදරණීයව ලස්සනට දූවා දරුවන් හදා වඩා ලෝකයට දායාද කිරීමෙන් කෙතරම් වටිනාකමක්
දිය හැකිද?ගහකොළ ඇළ දොළ නිර්මාණය කරමින් කෙතරම් වටිනාකමක් ලෝකයට එකතු කළ හැකිද? වස
විෂ නැති එළවළු,පලතුරු වවමින් ලෝකයට කෙතරම් වටිනාකමක් එකතු කළ හැකිද? කුඹුරු යායවල්
වවමින් මුලු ලෝකයට කෙතරම් සහල් ප්‍රමාණයක් දිය හැකිද? වටිනා සුන්දර අදහස් ලියමින්
පොත් පත් කෙතරම් ප්‍රමාණයක් මුද්‍රණය කරමින් ලොවට දායාද කළ හැකිද? කෙතරම් සොඳුරු
වැකිවලින් කවි ගී ලිවිය හැකිද?මලක වටිනාකම දැනෙන්නේ වර්ණයෙන් සහ සුවඳෙන්
නම්,මිනිසෙකුගේ වටිනාකම දැනෙන්නේ ශාරීරික ශක්තිය සහ ගුණය යන දෙක තුළයි.
ගුණ නැණ
අපගේ ඉතිහාසය අපට උගන්වා තිබෙන්නේ කුමන ආකාරයේ ළමයෙක් වීමටද?අපගේ දරුවන් කුමන
දරුවන් බවට පත් කරන්නද?ගුණ නැණ බෙලෙන් යුතු පුතුමය යන දෙකින් යුක්ත විය යුතුයි.
සාමාන්‍යයෙන් වර්තමාන දරුවාට ලැබෙන්නේ නැණ නැණ පමණයි. ගුණ ලැබෙන්නේ නැහැ. නැණ පමණක්
ලබාදුන් විට ඇතැම් විට දරුවන්ට නැණ පමණක් ඉතිරිව ඇණ බවට පත්වෙයි.ගුණ නැතිව යයි. ගුණ
නැතිව ගිය විට සුවඳ නැති ප්ලාස්ටික් මලක් වගෙයි. ලස්සනට පෙනෙනේනේ තනි මලද? ,මල්
පොකුරද ? යනුවෙන් අහන ප්‍රශ්නය වැරැදියි. එසේ වුවත්, එක එක වර්ගයේ මල් වර්ග විශාල
ප්‍රමාණයක් තිබෙන විට ලස්සනක් නැතිවාම නොවෙයි.
අප බුදුරජාණන් වහන්සේට මල් පූජා කරනු ලබයි. මේ ලෝකය තුළ මල් පූජා කරනු ලබන්නේ අප
පමණයි. වෙනත් කිසිම රටක මල් පූජා කරන්නේ නැහැ. ඉන්දියාව, එංගන්තය, අමෙරිකාව මල්
පූජා කරන්නේ නැහැ. වෙනත් රටවල අපට වඩා මල් තිබුණත් ඔවුන් එය අලංකාරය සඳහා යොදා ගනී.
ඉන්දියාවේ දහස් පෙතියා මල් ලක්ෂ ගණන් උපයෝගි කරගෙන මල් වියන් නිර්මාණය කරයි. එතරම්
මල් තිබුණත් ඔවුන් පූජා කරන්නේ නැහැ. දෙවියන් ළඟ මල් මාලාවක් ලෙස තබනවා මිස,අප වගේ
මල් පුජා කරන්නේ නැහැ. යුරෝපීයයන් රෝගීන් බැලීමට යාමේදී මල් කළඹක් රැගෙන ගොස් සුබ
පතයි. අප නම්, රෝගියාට අවශ්‍ය දෙයක් රැගෙන යයි. නැතහොත් යම්කිසි මුදලක් හෝ බෙහෙතක්
ලබාදෙයි.
මලක වටිනාකම
අතීතයේදී අපේ සංස්කෘතිය තුළ ආදරය ප්‍රකාශ කිරීම සඳහා කොහිකිරිල්ල පොකුරක් හෝ මාදං
පොකුරක් රැගෙන ගියත් යූරෝපීය ජාතිකයන් එම සංස්කෘතිය තුළ ආදරය ප්‍රකාශ කිරීම සඳහා
රෝස මලක් රැගෙන යයි. බුදුපියාණන් වහන්සේ ඉදිරිපිට අප මල් පූජා කරන ගමන් එම මලත් සමඟ
අප ප්‍රාර්ථනාවක් කරයි. එම මලෙහි වටිනාකම මනිනු ලබන්නේ මලෙහි තිබෙන මුදල්මය
වටිනාකමෙන් නොවෙයි. පෙබරවාරි දහ හතර වන විට ලෝකයේ රෝස මල් විශාල ලෙස ගණන් යනු
ලබන්නේ ඒ සඳහා මූල්‍යමය වටිනාකමක් ලබාදී ඇති නිසයි.බුදුරජාණන් වහන්සේට දිය හබරල
මලක් පූජා කරමින් දිව්‍ය ලෝකයෙහි ගිය අයෙක් පිළිබඳව බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වෙයි.
මලෙහි සුවඳ හරියට කීර්තිමත්වීම වගෙයි. සෑම අයෙකුටම කීර්තිය අවශ්‍යයි. දරුවන්ට
කීර්තිය අවශ්‍යයි. දෙමවුපියන්ට කීර්තිය අවශ්‍යයි. අප එයින් අප්‍රමාණ සතුටකට පත්ව
හෘද ස්පන්දනය වැඩිකරගෙන රෝගී වීමට අවශ්‍ය නැහැ.නමුත් අප කීර්තිමත් වීම අවශ්‍යයි.
”සීල ගන්ධෝ අනුත්තරෝ” සිල් සුවඳ අනුත්තර බව බුදුපියාණන් වහන්සේ දේශනා කරයි. සිල්
සුවඳ අනුත්තර වන්නේ කෙසේද?මම සතුන් මරන්නේ නැහැ, අනුන්ගේ දෙයක් සොරකම් කරන්නේ නැහැ
කාමයෙහි වරදවා හැසිරෙන්නේ නැහැ, බොරු කියන්නේ නැහැ, මත්පැන් පානය කරන්නේ නැහැ.
යනුවෙන් තමා පිළිබඳ ආත්ම අභිමානයක් ඇති කර ගැනීම වගේම ඒ පිළිබඳ දැනගන්නා ලෝකවාසීන්
වගේම සමාජය විසින් එම තැනැත්තා කීර්තියට පත්කර ගනී.අප යම්කිසි වැරැදි වැඩක් කර
තිබෙනවා නම්, රට සමාජය විසින් අප අපකීර්තියට පත්කරයි. අප කිසියම් ආකාරයක යහපත්
දෙයක් කර තිබෙනවා නම්, එම රට සමාජය විසින් කීර්තිමත් භාවයට පත්කරයි. මගේ
ක්‍රියාකාරකම් නිසා අනෙක් පිරිස ඉදිරියේදී මම කීර්තිමත් වෙයි. අන් පිරිස අතර
අපකීර්තියට පත්වන්නේද,මාගේ ක්‍රියාකාරකම් නිසයි.එම නිසා සිල් සුවඳ අනුත්තරයි.
මල් සුවඳ පිවිිතුරුයි.එම මල් සුවඳවගේ ජීවත් විය යුතු බවට බුදුපියාණන් වහන්සේ එය
ගාථාවෙන් පෙන්නුම් කරයි.පෙර සඳහන් කර ඇති පරිදි මල සුවඳ නම්, පරවෙයි. සුවඳනම්,
පරවෙන්නේ ගුණයක් පවතින නිසා පමණක් නොවෙයි. ඇත්ත මලක් නම්, නැතිවී යයි. අපගේ
ජීවිතයත් ඒ වගෙයි. අප මල් වගේ ජීවත් වීමට අවශ්‍ය කරන්නේ පරවෙන තුරු සුවඳ හමන මලක්
වගෙයි.මියෙන කම්, යහපතක් දෙන මලක් ලෙසයි. මියෙනතුරාවට සෑම මලක්ම පරවීයයි. සෑම මලක්ම
නටුවෙන් ගිලිහී යයි. සැම මලක්ම මී මැස්සන්ට බමරුන්ට පැණි ලබාදෙයි. එසේ ලබාදීමෙන්
අනතුරුව අවසාන වශයෙන් මල පරවී යයි. අපත් ඒ වගෙයි.
යමිකිසි පුද්ගලයෙක් සමස්ත ජීවිත කාලය පුරාවටම ෙමි රටින් කාල බීලා ,රටෙහි තිබෙන දේ
පරිභෝග කරල රටට යමිකිසි දෙයක් නොදී මියැදී ගියහොත් රටෙන් ලබාගත් දේවලටත් ණයක්
ඉතිරිකර මියැදීමක් වෙයි.අප සාමාන්‍ය වශයෙන් රටෙහි දේ ආහාරයට ගනී.අප ඇඳුම් ලෙස
පරිහරණය කරනු ලබන්නේ රටෙහි දේ. අප අධ්‍යාපනය ලබන්නේ රටෙන්. බොහෝ දේ උපයෝගී කරගෙන
එක පුද්ගලයෙක් ගොඩනැඟෙයි.
මලක් හැදෙනවා වගේමයි. මලක් හැදීමට අත්තක් තිබිය යුතු සේම අත්තට කොළ තිබිය යුතුයි.
අත්ත හැදෙන්න ගසක් තිබිය යුතුයි. ගහ හැදීමට මුලක් තිබිය යුතුයි. මුල හැදිල වැඩෙන්න
නම්,වතුර තිබිය යුතුයි. වගේම පොහොර තිබිය යුතුයි. එම ගස හැදීමට තවත් බොහෝ දෙනෙක්
සිටිය යුතුයි. අපත් ඒ ආකාරයි. අප මෙතනට පැමිණීම සඳහා කී දෙනෙක් නම්, දායක වෙන්නට
ඇතිද?අම්මා අප්පච්චි පමණක් නොවෙයි.
අපව හැදුවේ අම්මා තාත්තා පමණක් නොවෙයි. ගුරුවරුන් කී දෙනෙක් අපට ඉගැන්වුවාද? ඒ
ගුරුවරුන්ට පඩි දීමට අප කෙතරම් ප්‍රමාණයක් බදු ගෙව්වාද?අපට අධ්‍යාපනය සඳහා කෙතරම්
ප්‍රමාණයක් පොත් පත් ලියුවාද?අපට බෙහෙත් ලබාදීමට කෙතරම් ප්‍රමාණයක් බෙහෙත්
හැදුවාද?ඒ බෙහෙත් ලබාදීමට වෛද්‍යවරුන් කෙතරම් වෙහෙස වූවාද?අප මේ තැනට පැමිණීමට
ඇඳුම් සපත්තු සෙරෙප්පු කෙතරම් ප්‍රමාණයක් අවශ්‍යද? එය නිෂ්පාදනය කිරීම සඳහා කී
දෙනෙක් දායක වුවාද?
රටට ණයවීම
පුද්ගලයෙක් දවස් තුනකට හාල් කිලෝ එකක බත් කෑව හොත් මාසයකට හාල් කිලෝ දහයක් අවශ්‍ය
වෙයි. අවුරුද්දකට හාල් කිලෝ එකසිය විස්සක බත් කෑවොත් පනස් අවුරුද්දක් යන විට
මිනිස්සු හාල් කිලෝ හයදහසක බත් ආහාරයට ගෙන තිබෙයි.අවුරුදු පනහ පැනලා නම්, නිකම්
සිටියා වගේ පෙනුනාට අඩුම වශයෙන් හාල් කිලෝ හයදාහකවත් බත් ආහාරයට ගෙන සිටී. අප කෑවේ
කාගේ බත්ද?දෙවියන්ගේ හාල් කැවුනේ නැහැ. අප ආහාරයට ගනු ලැබුෙවි වවපු බතක් නම්, ඒ
සඳහා කී දෙනෙක් දායක වී ඇතිද?මේ කුසට බත් ඇට දහයක් පහළොවක් වැටීමට මිනිසුන් දාහක්
දෙදාහක් වත් අවශ්‍ය වෙයි. එම නිසා අප හැදෙනේනේ මලක් හැදුනා වගෙයි.ගසට මුලක් තිබෙනවා
නම්, එම මුලට වතුර, පොහොර දැමිය යුතුයි.ඒ සඳහා මිනිසුන් සිටිය යුතුයි. ඒ සඳහා අව්ව
වැස්ස සුළඟ ආරක්ෂාව අවශ්‍ය වෙයි.ගසක මල් හැදෙන්න අවශ්‍යයි.
කළගුණ සැලකීම
මල හැදෙන අත්ත හැදෙන්න වැඩෙන්න අවශ්‍ය වගේම මල් නැති අතුත් හැදෙන්න අවශ්‍යයි.මල්
පොකුරු හැදෙන්න අවශ්‍යයි. මලේ පෙති හැදෙන්න අවශ්‍යයි. මලට ගුණයක් නැද්ද? අත්තට
කළගුණ සැළකීමට . ගහට මුලට කළගුණ සැලකිමට මලට ගුණයක් තිබිය යුතු නැතිද? අප මල් වගේ
පිපෙන්නේත් සමාජය නමැති දැවැන්ත අතුවල ලෝකය නමැති මහ දැවැන්ත පොළොවෙහි රට නමැති
කඳේ සමාජය නමැති අතුවල අප මල් වගේ පිපෙයි. එම මහා දැවැන්ත සමාජයෙන් වියුක්තව අප
අපේ පාඩුවේ කාටත් කරදරයක් නැතිව ඉන්නව කියලා කිසිවෙකුට තනියම සිතන්න බැහැ. මේ ඉන්න
ටිකේ හොඳට සිටිනවා කියලා හැකි තරම් කාල කනවාටත් වඩා බීලා අපට පවතින්න බැහැ. එම නිසා
හැමවිටම මල අත්තට කළගුණ සළකන්නා සේ අප විසින් අපේ වටිනාකම තබාගත යුතුයි.
- - හේමමාලා රන්දුනු |