Print this Article


බුදුසරණ: බොදු පුවත් | දූනගහ සෑරදුන්ට මුල්ගල තැබීම 9 වන දා

දූනගහ සෑරදුන්ට මුල්ගල තැබීම 9 වන දා

දූනගහ පුරාණ මහ බෝධි විහාරයේ චෛත්‍යරාජයාණන් වහන්සේ සඳහා මුල්ගල් තැබීම මාර්තු 09 වැනි දින පෙරවරුවේ දී සිදුකෙරේ. කතානායක දේශබන්ධු කරු ජයසූරිය මහතා ප්‍රමුඛ ආරාධිතයෝ විශාල පිරිසක් එම අවස්ථාවට එක්වීමට නියමිතය. විහාරාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ චීන භාෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රාජකීය පණ්ඩිත නැදලගමුවේ ධම්මදින්න නා හිමියන්ගේ අනුශාසනා පරිදි හා විහාරාධිකාරී දර්ශනපති ඕවිටිගමුවේ මණිරතන නාහිමියන්ගේ මෙහෙයවීමෙන් චෛත්‍ය ඉදිවීමේ මහ පින්කම සිදු කරනු ලැබේ.