බුදුපිළිමයේ උපත - 56:
ලංකාවෙන් හමුවූ අමරාවතී සම්ප්‍රදායේ බුද්ධ ප්‍රතිමා සහිත මූර්ති ඵලක
පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ
පුරාණ ආන්ද්‍ර ප්‍රදේශ් (දකුණු ඉන්දියාව) අප රටේ බෞද්ධ කලාවට බලපා ඇති අන්දම සහ එහි
විශේෂයෙන් බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය පමණක් නොව ඊට අමතරව තවත් බොහෝ කලා කෘති
හමුවී ඇති බව පුරාවිද්‍යාත්මක කැණීම්වලින් සාක්ෂි වී ඇත. ශිලාමය මූර්ති පමණක් නොව
ලෝකඩ මුර්ති සඳහාද ආන්ද්‍ර ප්‍රදේශ්හි අමරාවති හා නාගර්ජුනකොණ්ඩ බෞද්ධ පුදබිම්
ප්‍රමුඛ නිර්මාණවල බලපෑම ඉතා පැහැදිලිය. අනුරාධපුර වැනි අප රටේ පැරණිතම රාජධානිය
මෙන්ම අගනුවර ආශි‍්‍රතව පමණක් නොව එයින් බැහැර ප්‍රදේශවල පුදබිම්වලින්ද අමරාවති
සම්ප්‍රදායේ බුදුපිළිම නිර්මාණ හමුවී ඇත.
නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි කුච්චවේලි ,වෙල්ගම් වෙහෙර වැනි පුදබිම්වලින්ද මෙවන්
බුද්ධ ප්‍රතිමා වහන්සේ හමුවී ඇති බවට සාක්ෂි ලැබී ඇත.
සීගිරිය අසල පිහිටි පිදුරන්ගල පුදබිම ද ඉතා පුරාණ කාලයේ සිටම පැවත එන පුදබිමක් බව
එහි කඳු ආශි‍්‍රත ප්‍රදේශයේ ඇති පුරාණ ලෙන් වලින්ද පැහැදිලි වේ. අමරාවතී බෞද්ධ කලාව
ආශි‍්‍රත වු එම ලක්ෂණ අනුව නිම කරනලද බුද්ධ ප්‍රතිමා පමණක් නොව බෝධිසත්ව පිළිම ද
අල්ප උන්නත ලෙසින් නිර්මාණය කර ඇති අන්දම දැකගත හැකිය.
අමරාවති හා නාගර්ජුන කොණ්ඩ පුදබිම් ආශි‍්‍රත එම අල්ප උන්නත මූර්තිවලට සමාන වූ ඒ
ශෛලීය අනුව නිර්මාණය කරන ලද මූර්තිඵලක රැසක්ම පිදුරංගල පුදබිමෙන් හමුවී ඇත.
ක්‍රිස්තු වර්ෂ 4 හෝ 5 වන සියවස්වලට අයත් ලෙසින් කාල නිර්ණය කරන ලද අල්ප උන්නත
මූර්ති ඵලක ත්‍රිත්වයක් පිදුරංගල පුදබිමෙන් හමුවී ඇත.
මෙහිදී අප විශේෂ අවධානය යොමු කර වන්නේ පිදුරංගලින් හමු වී ඇති එකම ශිලා ඵලකයක අල්ප
උන්නතව නෙළා ඇති අමරාවතී සම්ප්‍රදායේ බුද්ධ ප්‍රතිමා වහන්සේ ත්‍රිත්වය ගැනයි. මෙම
බුද්ධ ප්‍රතිමා වහන්සේ ත්‍රිත්වයට පොදු ලක්ෂණයක් නම් මේ බුද්ධ ප්‍රතිමා ත්‍රිත්වය
පද්ම පීඨයක් මත සිටින සේ නිර්මාණය කර තිබීමයි. අමරාවති පුදබිමෙන් හමුවී ඇති මෙහි පළ
කර ඇති ඵලකයෙහිද බුදුපිළිමය නිර්මාණය කර ඇත්තේ පද්ම පීඨයක් (නෙළුම් මලක්) මතය.
පිදුරංගලින් හමුවු මෙම මුර්ති ඵලකයෙහි අමරාවති සම්ප්‍රදායේ බුද්ධ ප්‍රතිමා මූර්ති
නිර්මාණයේදි දක්නට ලැබෙන සියලුම අංගයන් මෙහිද දක්නට ලැබේ. ඒ අනුව මෙහි සිවුරු
නිර්මාණය ඇති ආකාරය පමණක් නොව මුද්‍රාවන්ද අමරාවති බුදු පිළිම කලාවට අයත් ලෙසින්
දක්නට ලැබේ. මේ නිසා මෙම මුර්ති ඵලකය අමරාවති බෞද්ධ කලා සම්ප්‍රදාය අනුව නිර්මාණය
කරන ලද බව ඉතා පැහැදිලිය. මෙහි සඳහන් වන අමරාවතී බුදුපිළිම ඵලකයෙහි මෙන්ම
පිදුරංගලින් හමුවූ බුදුපිළිම තුන නිර්මාණය කර ඇති ඵලකයේද පොදුවු ඉතා වැදගත්
ලක්ෂණයක් මෙහිදී මතු වී පවතී. එනම් බුදුපිළිම වටා ඇති රශ්මිවලල්ලයි. එයද අමරාවති
සම්ප්‍රදායේ මෙහි දැක්වෙන අල්ප උන්නත මූර්ති ඵලකයෙහි නිර්මාණයට සමානතාවයක් දක්නට
ලැබේ.
මීට අමතරව මෙම බුදුපිළිම වහන්සේලා තුනම නිරූපණය කර ඇති මුද්‍ර්‍යාව ආශිර්වාද
මුද්‍රාව ලෙසින් සැළකේ. එයද අමරාවති මූර්ති ඵලකයෙහි ඇති අන්දමට සමානය.
පිදුරංගලින් හමුවු බුදුපිළිම ති‍්‍රත්වය පිළිබඳව සඳහනක් ගැනද මෙහිදී අවධාරණය කළ
යුතුව ඇත. මෙයින් නිරූපණය වන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ මෙන්ම ඊට පෙර බුදුවූ
කාශ්‍යප බුදුරජාණන් වහන්සේ සහ මතු බුදුවන මෛත්‍රි බුදුරජාණන් වහන්සේ යැයි සැළකේ.
පිදුරංගලින්ම හමු වූ තවත් අල්ප උන්නත මූර්තිඵලක දෙකකි. එයින් නිරූපණය වන්නේ
බුදුරජාණන් වහන්සේ ශ්‍රාවස්තියෙහි පෑ ප්‍රාතිහාර්යක් ලෙසින් සැලකේ.
පිදුරංගල පුදබිමෙන්ම හමු වූ තවත් මූර්ති ඵලකයක් නිරූපණය වෙන්නේ මෛත්‍රි බෝධිසත්වයන්
වහන්සේ සහ අවලෝකේශ්වර බෝධිසත්වයන් වහන්සේය. බෝධිසත්ව පිළිම ලංකාවේ බහුල ලෙසින්
හමුවී ඇත. ශිලාමය මෙන්ම ලෝකඩ බෝධිසත්ව ප්‍රතිමාද හමුවී ඇත. මෙහි නිරූපිත බෝධි සත්ව
ප්‍රතිමාවලද නිර්මාණ ලක්ෂණ අමරාවති බෞද්ධ මූර්ති සම්ප්‍රදාය අනුව නිරූපිත බව
විද්වතුන් විසින් පිළිගෙන ඇති කරුණකි.
මේ අනුව ආන්ද්‍ර දේශයේ අමරාවතී සම්ප්‍රදායේ බෞද්ධකලාව අප රටේ බුදුපිළිම වහන්සේලා
නිර්මාණය සඳහා පමණක් නොව මූර්තිඵලකවල අල්ප උන්නත මූර්ති සඳහාද බලපා ඇති බව මෙතෙක්
කරන ලද විස්තරවලින් පැහැදිලි වන කරුණකි. මේ නිසා අප රටට ඉතාම සමීප දකුණු ඉන්දියාවේ
ආන්ද්‍ර ප්‍රදේශ්හි මෙම සබඳතාවය නිසා ලංකාවේ මූර්ති කලාව කෙරෙහි මෙන්ම බෞද්ධ ධර්මය
කෙරෙහිද බලපා ඇති බව සඳහන් කළ යුතුව ඇත.
|