උයන්වත්ත මේධංකරාරාමය
ලක්දිව රාජ්‍යත්වයට පත් කීර්ති ශ්‍රී මේඝවර්ණ රජ දවස හේමමාලා දන්ත කුමරුන් විසින්
දඹදිව සිට මෙරටට දළදා වහන්සේ වැඩමවීමත් සමඟ ලක්දිව රාජ්‍ය පාලකයාගේ රාජ්‍යත්වය
පිළිගැනීමේ ප්‍රධාන සුදුසු කමක්සේ දළදා වහන්සේගේ භාරකාරත්වය ලැබීම සැලකීය. එනිසාම
දළදාවහන්සේ තමන් ආසන්නයේම වඩා හිඳුවා ගෙන මහත් පුදසත්කාර කරන්නට ඔවුන් වඩාත්
පෙළඹිණි. දඹදෙණිය මෙරට අගනගරය බවට පත් කරගත් ධ්ධ්ධ් වන බුවනෙකබාහු මහරජු මෙන්ම ඔහු
දෙටු පුත් පණ්ඩිත පරාක්‍රමබාහු මහ රජතුමන් ද තම රාජ මාලිගාව ආසන්නයේම පිහිටි ශ්‍රී
විජයසුන්දරාරාම විහාරස්ථානයේ අගනා අලංකාර දළදා මැදුරක් තනවා එහි දළදා වහන්සේ
තැන්පත් කර පූජෝපහාර පැවැත්වීම සිදුකළ අතර ප්‍රදේශයේ විවිධ ගම් දනව් වෙත විවිධ
වගකීම් සහ කාර්යභාරයන් ද පවරා තිබූ බව සඳහන් වේ.
දඹදෙණි රාජධානියට ආසන්නව ලාහුගල වෙහෙර කන්ද බඹර කන්ද ආදි කඳු පන්තීන්ගෙන් වට වුණු
මාහෝ නදී තීරයෙහි පිහිටි සොදුරු බිම් කඩක් වු මල්ගමුව නම් සොඳුරු ගම්මානයේ ගම්
වැසියනට දළදා මැදුරට මල් සැපයීම බාරවී තිබූ බව සඳහන් වේ. ඒ සඳහා ඔවුන් වර්තමානයේ
උයන්වත්ත නමින් හඳුන්වන ප්‍රදේශයේ අලංකාර මල් උයනක් කරවා දිනපතා දළදා මැදුරට මල්
සැපයීම මහත් ගෞරවයෙන් සිදු කළ බව කියවේ. කාලයාගේ ඇවෑමෙන් විවිධ රාජ්‍ය පාලකයන්
ආරක්ෂක හේතුන් මත රටේ අගනුවර වෙනස් කිරීමත් සමඟ දළදා වහන්සේද ‘වෙනත් ප්‍රදේශ වෙත
වැඩමකරවීමත් සමඟම මල්ගමුව ගම තුළ පිහිටි මල් උයනද කෙමෙන් වල්බිහිවිය.
මහනුවර යුගයේදි මෙරට ශාසනික පුනරුදයට නායකත්වය දුන් වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ
මහා නාහිමියන්ගේ ශිෂ්‍ය නමක්වූ ගිනිගත්පිටියේ සංඝරක්ඛිත නාහිමියන්ගේ ශිෂ්‍යානු
ශිෂ්‍ය පරපුරෙන් පැවත එන සුපේෂල ශික්ෂාකාමී සුපූජිත මහායතිවරයාණන් වහන්සේ නමක් වූ
මස්නොරුවේ බෝධිසීහ මහා ස්වාමින්ද්‍රයාණන් වහන්සේ 1953 මෙම බිමට වැඩමවීමත් සමඟ මෙම
භූමිය පුණ්‍ය භූමියක් බවට පත්විය.
එතැන් පටන් උන්වහන්සේගේ ද, උන්වහන්සේ වටා ඒකරාශි වූ දායක කාරකාදීන්ගේද නොමඳ කැපවීම
මත උයන්වත්ත ශ්‍රී මේධංකරාරාමය නමින් වර්තමානයෙහි හඳුන්වනු ලබන මෙම විහාරස්ථානයට
සකලාංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් විය.
1994 වර්ෂයේ මෙම විහාරස්ථානයේ ආදි කර්තෘ මස්නෝරුවේ බෝධිසීහ මහා ස්වාමීන්ද්‍රයාණන්
වහන්සේගේ අපවත්වීමෙන් පසු වර්තමාන පරපුර විසින්ද දර්ශනීය නව විහාර මන්දිරයක් අනාගත
පරපුර වෙත පිදෙන තිළිණයක් ලෙසින් ඉදිකර ඇති ගැමි කෞතුකාගාරය ඉපැරණි සහ නූතන ගෘහ
නිර්මාණ ශිල්පයේ එකතුවක් ලෙසින් ගොඩ නගා ඇති පියගැට පෙළ, වාහල්කඩ සහිත රමණීය
ප්‍රාකාරයද දුටුවන්ගේ නෙත් පැහැර ගන්නා පරිසර පද්ධතියද මෙම භූමියට ගෙන එන්නේ අනල්ප
වටිනාකමකි.
කොළඹ කුරුණෑගල අංක පහ මාර්ගය සහ අංක 34 මීගමුව කුරුණෑගල මාර්ගය එකතු වෙන ගිරිඋල්ල
නගරයේ සිට මැද්දේපොල මාර්ගයේ කිලෝමීටර් 1.5 පමණ ඉදිරියට පැමිණෙන විට හමුවෙන මෙම
මනස්කාන්ත පුණ්‍ය භූමියේ ඇති දර්ශනීය කඳු මුදුන මත විශාලතම සමාධි බුද්ධ ප්‍රතිමා
වහන්සේ නිර්මාණය කෙරෙමින් පවතී.
පෙබරවාරි 19 වන ඉරු දින සවස 3.30 ට එහි පත් ඉරු තැන්පත් කිරීම සිදු කිරීමට නියමිතය.
බොදුනුවන්ගේ අත්පොත සේ සැලකෙන ධම්මපදයේ ගාථා රත්නයන් තඹ පත් ඉරු මත ලියා
ප්‍රතිමාවහන්සේගේ ළයමඩල මත තැන් පත් කෙරෙන පුණ්‍ය මහෝත්සවය විහාරාධිපති හිමියන්ගේ
අනුශාසනා පරිදි දායක සභාවත් බුදුරුව සංවර්ධන සමිතියත් සංවිධානය කර ඇත. |