මරණය අනිවාර්ය නම්
එය නිවැරැදිව අවබෝධ කර ගත යුතුයි
හෝමාගම මුල්ලේගම ශ්‍රී සීලාලංකාර මාවත
ආර්ය නිකේතන නිර්මාතෘ
අමරපුර විද්වත්
සංඝ සභාවේ ලේඛකාධිකාරී
ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි
" මරණයකදී අප කල්පනා කරන කරුණු අතිශයින්ම බොළඳයි. මරණය පිළිබඳව බුද්ධිමය සංවාද
නැහැ. හැඟීම් බර ප්‍රකාශ කරමින් සෝක උපදවන කතා පමණක් අසන්න ලැබෙයි.එම නිසා අප
නිවැරැදි විය යුතුයි. කුමන ආකාරයෙන් හෝ ඇත්ත තේරුම් ගැනීමට උදවු කළා මිස සත්‍ය වසන්
කිරීමට බුදුරජාණන් වහන්සේ කිසිවිටෙකවත් උත්සාහ කළේ නැහැ. මරණය පිළිබඳ සත්‍ය වටහා
නොගැනීම තුළ තමාගේ අධ්‍යාත්මය විනාශ වී යයි."
අප බලාපොරොත්තු නොවන අනපේක්ෂිත සිදුවීම් ජීවිතය තුළ සිදුවන විට එය වටහාගැනීම
අපහසුයි. අපේක්ෂා කරගෙන සිටි,අප දැනුවත්ව සිටි සිදුවීම් සිදුවෙනවා නම්,එම දේවල්
දරාගැනීම දුෂ්කර කාර්යයක් බවට පත්වන්නේ නැහැ. නමුත් අප නොසිතන දේවල් ජීවිතය තුළ
සිදුවුවහොත් එය වටහාගැනීම හා විඳගැනිම අතිශයින් දුෂ්කර කාර්යයක් වෙයි.
මරණය පිළිබඳව අප තුළ ගැඹුරු අවබෝධයක් ගොඩනඟා ගත යුත්තේ ද එම නිසයි. සාමාන්‍යයෙන්
වයසට ගිය පුද්ගලයෙකු හෝ රෝගී තත්ත්වයෙන් සිටි පුද්ගලයෙකු මරණයට පත්වුවහොත් අප එය
සාමාන්‍ය මරණයක් ලෙස සිතමින් කම්පනයට පත් නොවෙයි. තරුණ හෝ ළාබාල පුද්ගලයෙකුගේ
මරණයක් සම්බන්ධව අප සිතන්න පුරුදු වි තිබෙන ආකාරය නිවැරැදිම නැහැ. බැඳිම හා දේවල්
සමඟ තිබෙන සම්බන්ධකම් ප්‍රබල වෙන කොට යම් යම් කාරණා විග්‍රහ කරගැනීම අපහසු වෙයි.
නමුත් මරණය සඳහා වයස අනිවාර්ය කාරණාවක් නොවන බව නිවැරැදිව අර්ථකතනය කර ගත යුතුයි.
මරණය සඳහා වයස අනුපිළිවෙල හෝ ශරීර රෝගයක්ම බලපානු ලබන්නේ නැහැ.
මරණය ඔහු හෝ ඇය වෙත එයි කියා කිසිවෙකු කල්පනා නොකරන්නේ තම තමන්ගේ වයසත් සමඟ සසඳන
නිසයි. බුදුදහමට අනුව මරණය සඳහා සාමාන්‍ය වයස් සීමාවක් නැති බව අප විග්‍රහ කරගත
යුතු නිවැරැදි කාරණාවයි. කිසියම් දේවල් සමඟ තිබෙන සම්බන්ධකම් සමඟ යමි යම් කාරණා
විග්‍රහ කරගැනීම අපහසු වෙයි. අනපේක්ෂිත අවස්ථාවක අප නොසිතූ පරිදි මරණයක්
සිදුවුවහොත් අප මුහුණ දිය යුත්තේ කෙසේද?
මරණ ධර්මය ඉක්මවා යන්න බැරි බව නිතර මෙනෙහි කළ යුතු තත්ත්වයක් බව බුදුරජාණන් වහන්සේ
දේශනා කළා.මරණය මරණයකට පසුව මෙනෙහි කළ යුතු ධර්මතාවක් ලෙස බුදුදහම සාකච්ඡා කර
නැහැ.ජීවත්වීෙමිදී සම්බන්ධකමක් ගොඩනැඟෙන අවස්ථාවෙහිම එය වෙනස් වන බවත්, සදාකාලික
නොවන බවත්,අප තේරුම් ගත යුතුයි. මරණය නිතර මෙනෙහි කරනවා යනු මරණයට පත්වෙනවා කියන
කාරණාව පිළිබඳව අප වරින් වර තේරුම් ගැනීමට උත්සාහ කිරීමයි. මරණය මඟහැර යාමට උත්සාහ
කරන අවස්ථා වැඩියෙන් පැවතුණත් මරණය මඟහැර යාහැකි කිසියම් සීමාවක්ද තිබෙනවා.එය අප
අවබෝධ කරගත යුතුයි.බාහිර උපක්‍රම මාර්ගයෙන් මරණය මගහැර සිටියත් එය වලංගු කාලය සීමා
සහිතයි. අප සතු ඕනෑම වස්තුවක් පරිහරණය කළ හැකි වුවත්, එය ඊට අදාළ සිමාවක් දක්වා
පමණක් පවතිනවා කියන කාරණය දැනගත යුතුයි. කිසියම් භාණ්ඩයක් පරිහරණය කළ කාල සීමාව
අවසන්් වුවාට පසුව එය විනාශ වෙයි. එතනින් එහාට එය වලංගු නැහැ . ජීවිතය පිළිබඳවත්
බුදු දහම ඒ ආකල්පයම යථාර්ථය ලෙස ගෙනහැර දක්වයි. මේ ලෝකයට යමක් නිෂ්පාදනය කරන
අවස්ථාව තුළදීම එය සදාකාලික නොවන බව අප නිවැරැදිව වටහා ගත යුතුයි.
මරණය කිසිවෙකුටත් වැළැක්විය නොහැකියි. අප වෙත ළඟාවන මරණය මතු දවසක ඉතා සතුටින්
බාරගැනීම අවශ්‍ය වෙයි. එය තමාට හෝ තමාගේ සමීපතමයෙකුට විය හැකියි. මරණය මගහැරයාමෙන්
මරණය පිළිබඳව නිවැරැදිව තේරුම් ගැනීමට තිබෙන අවස්ථාව මඟ හැරී යයි. එසේ නොවිය
යුතුයි.
අඩුම වශයෙන් මරණ යක් සිදුව තිබෙන ගෙදරකදීවත් අප මැරෙණ බව සිතන්නේ නැහැ. එම
ස්ථානයෙහි හොඳටම වයසක තැනැත්තෙකු හෝ තැනැත්තියක රැඳී සිටියා නම්, එම වයස් මට්ටම
පිළිබඳව සළකමින් එම තැනැත්තා හෝ තැනැත්තිය මරණයට පත්වන බව සිතනවා හැර තමන් මරණයට
පත්විය හැකි බව සිතන්නේ නැහැ. මරණය පිළිබඳව සිතන සෑම අවස්ථාවකම තමන් අතහැර අනෙකා
පිළිබඳව පමණක් සිතයි.
තරුණ හෝ ළාබාල මරණයක් සිදුවුවහොත් එම මරණය අපරාධයක් නේද ? තව ටික කාලයක් ජීවත් වීමට
අවස්ථාව තිබුණා නේද? යනුවෙන් විග්‍රහ කරනවා හැර එහි සත්‍ය ස්වභාවය වටහා නොගනී එය
මනුෂ්‍ය ස්වභාවයයි. මරණය මට අදාල දෙයක් නොවන බවට නිතර සිතන්න කැමැතියි.අප මරණය
අසීමාන්තික බියක් දක්වනවා. එම තත්ත්වය තමාගේ ඥතියෙකුට හෝ සමීපතමයෙකුට සිදුවුවහොත්
එම මරණය විග්‍රහ කරගැනීම අතිශයින් දුෂ්කර වෙයි.මරණ ධර්මය කෙතරම් දුකක් උත්පාදනය
කරයිද? බැඳීමේ සාපේක්ෂ ඝනත්වය මත මරණයේ් දුක තීරණය වෙයි.
එම දෙයට තිබෙන තෘෂ්ණාව මත දුක උරුම වෙයි. ෙවිදනාව යනු තෘෂ්ණාවයි.
අවුරුදු අසූවක තැනැත්තෙකු හෝ තැනැත්තියක මිය ගිය පසු අප අඬන ආකාරය සහ තරුණ හෝ බාල
තැනැත්තෙªකු මිය ගිය පසු අඬන ආකාරය සහ දුක ප්‍රකාශ කරන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස්
ස්වරූපයක් දක්නට ලැබෙයි.
මරණයකදී අප කල්පනා කරන කරුණු අතිශයින්ම බොළඳයි. මරණය පිළිබඳව බුද්ධිමය සංවාද නැහැ.
හැඟීම් බර ප්‍රකාශ කරමින් සෝක උපදවන කතා පමණක් අසන්න ලැබෙයි.එම නිසා අප නිවැරැදි
විය යුතුයි. කුමන ආකාරයෙන් හෝ ඇත්ත තේරුම් ගැනීමට උදවු කළා මිස සත්‍ය වසන් කිරීමට
බුදුරජාණන් වහන්සේ කිසිවිටෙකවත් උත්සාහ කළේ නැහැ. මරණය පිළිබඳ සත්‍ය වටහා නොගැනීම
තුළ තමාගේ අධ්‍යාත්මය විනාශ වී යයි. කිසියම් පුද්ගලයෙකුගේ මරණය හොඳයි හෝ නරකයි
යනුවෙන් විග්‍රහ කළ නොහැකියි.
කිසියම් මරණයක් තුළ මරණකාරයාට වඩා ජීවත්ව සිටින පුද්ගලයන්ට ඇතිවන ප්‍රශ්න විශාල ලෙස
බලපායි. මරණයකට පසු බොහෝ දෙනා විඳවන්නෙ එම කාරණාව නිසයි.
- හේමමාලා රන්දුනු |