Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය

බුදුන් වහන්සේ කුරු රට කම්මාසදම්ම නම් නියම් ගමෙහිදී ශ්‍රාවක පිරිස අමතා ‘මහා සතිපට්ඨාන සූත්‍ර දේශනාව දේශනා කරමින් ආර්ය අෂ්ඨාංගික මාර්ගය මෙසේ විස්තර කළහ.

මහණෙනි, දුක් නැති කිරීමේ පිළිවෙත. නම් වූ ආර්ය සත්‍යය කුමක්ද? එය නම්, සම්මා දිට්ඨි, සම්මා සංකප්ප , සම්මා වාචා , සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති හා සම්මා සමාධි නම් වු ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි. මෙම මාර්ගයෙහි පළමු අංගය වූ සම්මා දිට්ඨි හෙවත් නිවැරැදි දැකීම පිළිබඳව ධර්ම විවරණයක් කරන්න.

පිළිතුර

සම්මා දිට්ඨි හෙවත් නිවරැදි දැකීම යනු දුක පිළිබඳ නුවණ දුකට හේතුව පිළිබද නුවණ දුක නැතිවීම පිළිබඳ නුවණ හා දුක නැතිකිරීමේ මඟ පිළිබඳ නුවණ යන නිවැරැදි දැකීම යි.

නිවැරැදි දැකීම දෙආකාරයි. එනම් ආශ්‍රව සහිත කුසලභාගිවූ විපාකයට පදනම් වූ සම්මා දිට්ඨිය හා ආර්ය වූ ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර වූ මාර්ග අංගයක් වූ සම්මා දිට්ඨියයි.

ප්‍රශ්නය

මහබෝසතාණෝ, හිමි ඔබ හා එක් බඳුවූ පුතුණු කෙනෙක් උපන්හයි” පුවත අසා රථයට නැග කිඹුල්වත් පුරයට එන අතර මග බෝසතුන් වීථියෙහි වඩනා ලීලාව හා ඵෙශ්චර්ය දුටු එක්තරා රාජකන්‍යාවක් මෙසේ පී‍්‍රති වාක්‍ය පහළ කළාය.

මෙවන් පුතු ඇති යම්

මවුපිය දෙදෙන නිවියහ

බිරිඳද මෙවැනි හිමි සතු

නිවුනීය ඕ සැනසී

නිබ්බුතා නූන සාමාතා

නිබ්බුතා නූන සො පිතා

නිබ්බුතා නූන සා නාරී

යස්සායං ඊදිසො පති

පී‍්‍රති වාක්‍ය ඇසූ බෝසතාණෝ “මව ගේද පියාගේද භාර්යාවගේද හෘදය නිවේ” යැයි මොතොමෝ කියති.

මේ ප්‍රකාශය කළ රාජ කන්‍යායවගේ නම කුමක්ද?

පිළිතුරු

කිසාගෝතමී

ප්‍රශ්නය

බුදුන් වහන්සේ කිඹුල්වතට වැඩි තුන්වනදා නන්ද කුමරා පිළිබඳව ඔටුනු පළදනා මඟුලය. ගෙවදන මඟුලය විවාහ මඟුලයයි. තෙමඟුලක් විය. බුදුහු එදින නුවර පිඬුසිඟා වඩින ගමනේ. රජ ගෙයිදී දන් වළඳා පාත්‍රය නන්ද කුමරුන් අතට දී ගමන් ගත්හ. නන්ද කුමාරයාද .....දැන් පාත්‍රය ගනිති. දැන් පාත්‍රය ගනිතියි සිත සිතා පසුපස්සේ ගියේය. එසේ යද්දී නන්ද කුමරුන් හා සමඟ විවාහ ගිවිස සිටි තරුණිය, “ගියත් හිමියනි වහා එන්නැයි” කීවාය.ඒ වදන් නන්ද කුමරු ගේ සිත්හි “දිවුල් ලාටු මුසු සායමක්” සේ තදින් කාවැදී ගියේය. ඉහත සඳහන් ප්‍රකාශය කළ තැනැත්තියගේ නම කුමක්ද?

පිළිතුර

ජනපද කළ්‍යාණි නම් කුමරිය

ප්‍රශ්නය

එක් දිනක බුදුන් වහන්සේ වෙත ගිය අනුරුද්ධ තෙරුන් වහන්සේ කවර හේතුන් නිසා කාන්තාවන් මරණින් මතු” මනාප කායිකා “ නම් දෙවඟනන් බවට පත් වන්නේදැ’යි විචාළහ. බුදුන් වහන්සේ පැනයට පිළිතුරු දෙමින් කාන්තාවක් මෙලොව කරන යහපත් ක්‍රියා නිසා මනාපකායිකා දෙවඟනක් වන්නේයැ’යි වදාළහ. පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර

දේශනා පාලියෙහි සඳහන් වන පරිදි කාන්තාවකට මරණින් මතු “මනාපකායික” දෙවඟනක් වන කරුණු අට මෙසේය.

1.ස්ත්‍රිය තම සැමියාට කලින් අවදිවී සියලු කටයුතු නිමවා නින්දට යා යුතුය. සැමියාට මෙන්ම සියලු ඤාතීන්ට පි‍්‍රය වදනින් කතා කළ යුතුය.

2.වැඩිහිටියන්ට ගරු කළ යුතුය. දෙපාර්ශ්වයේම දෙමව්පියන් ට ගරු කළ යුත.ුය.

3.සැමියාගේ කටයුතුවලදි සාහායකව අනලස්ව කටයුතු කළ යුතුය.

4.දැසි දසුන් හා ගේ දොර පිවිතුරු බව පිළිබඳව අවබෝධයෙන් සිටිය යුතුය.

8.සැමියා උපයන ධනය අපතේ යා නොදී ආරක්ෂා කළ යුතුය.

6.තෙරුවන් සරණ යා යුතුය.

7.පස්පවින් වැළකිය යුතුය.

8.පරිත්‍යාගශීලි වීම මෙන්ම නිරතුරුව දානාදී පින්කම්හි නියැළිය යුතුය.

(අං.නි. උපොෂථ වග්ග අනුරුද්ධ මනාපකායික සූත්‍ර හා – විශාඛා මනාපකායික සූත්‍ර)

ප්‍රශ්නය

පෙළ දහමට අනුව කර්මය විපාක දීමෙහිදී සම්පත්ති විපත්ති වශයෙන් දෙකොටසකට බෙදේ. පැහැදිලි කිරීමක් කරන්න.

පිළිතුර

අකුසල කර්ම විපාක වැළැක්වීමෙහිදි සම්පත්ති” නමින් මිනිසාගේ පැවැත්මේ ස්වභාවය අනුව කර්ම විපාකය වෙනස් වෙයි. අකුසල කර්ම විපාක වළක්වන කරුණු සතරෙකි.

1.ගති සම්පත්ති

2.උපධි සම්පත්ති

3.කාල සම්පත්ති

4.ප්‍රයෝග සම්පත්ති

යනුවෙනි

1.ගතිය නිසා මිනිස් ලොව ඉසුරුමතෙකු වීම කළ පව් පලදීමට අවස්ථාවක් නො ලැබී යන්ට ඉඩ තිබේ. ගතිය නිසා පව විපාක වැළකී යයි.

2. පවින් දාසියක වී උපත ලබා රූ සිරියෙන් දාස බවින් මිදී සැප ලබයි.

3.සුඛිත මුදිත යුගයක උපත ලබා නිරාහාරව සිටීමට ඉඩක් නැත.

4.සම්‍යක් ප්‍රයෝග – සුදුසු අවස්ථාවන්හිදී නුවණ මෙහෙයවා කටයුතු කළවිට ප්‍රයෝග සම්පත්ති වශයෙන් අකුසල් විපාක වැළකී යයි. කුසල කර්ම විපාක වළක්වන කරුණු සතරක් දැක්වෙයි.

1.ගති විපත්ති

2.උපධි විපත්ති

3.කාල විපත්ති

4. ප්‍රයෝග විපත්ති

ගති විපත්ති

දුගතිගාමී උපතින් කුසලයෙහි විපාක ලැබීමට අවස්ථාව නොලැබීයයි.

2.කුසල විපාක වශයෙන් උසස් උපතක් සිදු වුවත් අබාධිත වීම කුසල විපාක වළක්වාලයි.

3.දුර්භික්ෂ කාලයක උපත සිදුවීමෙන් සැප විපාක නොලැබීයයි.

4.තැනට සුදුසු සේ නුවණ නොයෙදීම කුසල විපාක ලැබීමට බාධාවක් වෙයි.

ප්‍රශ්නය

බුදුන් වහන්සේගේ ශරීරාලංකාර දැක උන්වහන්සේ වෙතින් නෙත් ඉවතට ගැනීම බලවත් දුකක් සේ සැලකූ “වක්කලී” තෙරුන් වහන්සේට වදාළේ තම සිරුර දෙස නොව තම ධර්මය දෙස බැලිය යුතු බවයි. යො ධම්මං පස්සති සො මං පස්සති. යමෙක් ධර්මය දකීද හේ මා දකී. මේ අදහස ඇතුළත් දේශනාවක් පොදු ශ්‍රාවක හමුවෙහි ද බුදුන් වහන්සේ වදාළහ. එබඳු අවස්ථාවක් සූත්‍රාගත දේශනා මගින් සනාථ කරන්න.

පිළිතුර

ඉති වුත්තක පාලි පංචම වග්ගල සංඝාටිරණ්න සුත්‍ර පාඨයන්ට අනුව මහණෙනි, යම් භික්ෂුවක් මාගේ සඟල සිවුරු කොන අල්ලාගෙන මා පසු පස පියවරක් පාසා එන නමුත්. අධික ලෝභීව කාමයන්හි තද ඇලුම් ඇතිව විපරීත සිත් ඇතිව දූෂිත චිත්ත සංකල්පනාවෙන් යුතුව. සිහිමුළාවන, සම්‍යක්ප්‍රඥා විරහිතව, සිතෙහි සමාධියක් නැතිව සිත වික්ෂිප්තව ඉන්ද්‍රිය සංවර නැතිව පසුවන්නේ නම් ඔහු මට බොහෝ ඈතින් සිටින්නෙකි. මමද ඔහුට ඈතින් සිටින්නෙමි. ඊට හේතුව ඔහු ධර්මය නො දැකීමය. ධර්මය නොදක්නේ මා නොදකියි.

වක්කලී හිමියන්ට දේශනා කළ ධර්මය පොදු දේශනාවලදී ද බුදුන් වහන්සේ අවධාරණය කළ සේක.