බුදුපිළිමයේ උපත - 52:
අමරාවතී සම්ප්‍රදායේ
මූර්ති කැටයමක්
පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ
"සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය පුරාණ භාරතීය මූර්ති කලාවේ නිරූපණය කෙරෙන විශේෂ වූ
සිදුවීමකි. විශේෂයෙන් ක්‍රිස්තුවර්ෂ 2 වැනි සියවසේ දී වයඹ දිග භාරතයේ බිහි වූ
ගන්ධාර මූර්ති කලාව අනුව නිරූපිත මූර්ති ඵලකවල සිදුහත් කුමරු හා මහාමායා දේවියද
පරිවාර කාන්තාවන්ද අල්ප උන්නත ලෙසින් නිරූපණය කර ඇත. අමරාවතී සම්ප්‍රදායේ මෙම
මූර්තිඵලකයෙහි දැක්වෙන කාන්තා රූප තුනකි."
ආන්ද්‍ර ප්‍රදේශ්හි ප්‍රමුඛතම ඉතා පුරාණ බෞද්ධ පුදබිම් දෙක ලෙසින් අමරාවතී සහ
නාගර්ජුණ කොණ්ඩ ප්‍රකටය. ආන්ද්‍රප්‍රදේශ්හි ඇති සියයකට අධික වූ පුරාණ බෞද්ධ
පුදබිම්වල ඇති මූර්ති කැටයම්වල මෙන්ම බුදුපිළිමවල ද සමානතාවයක් දක්නට ලැබීම එහි
අනන්‍යතාවය ගැන ඉතා වැදගත් කාරණයක් ලෙසින් පුරා විද්‍යාඥයින්, ඉතිහාසඥයින් මෙන්ම
පුරාණ කලා විචාරකයන් විසින් ද ඒකමතිකව පිළිගෙන ඇති කරුණකි.
|
අමරාවතී
සම්ප්‍රදායට අයත් අනුරාධපුර ජේතවනාරාම පුරා විද්‍යා කැණීමකදී
හමු වූ කැටයමකි |
අමරාවතී පුදබිමෙහි ඇති බෞද්ධ කලා සම්ප්‍රදායට අයත් වන බුදු පිළිම කලාව බෞද්ධ කලාව
අතර ලොව ප්‍රකටය. ආන්ද්‍ර ප්‍රදේශ්හි පමණක් නොව විශේෂයෙන්ම අපේ රටේ පුරාණ හිටි
බුදුපිළිම කලාවටද මෙම සම්ප්‍රදාය බලපා ඇති නිසාම ඒ බෞද්ධ ප්‍රතිමා කලාව විශේෂයෙන්
බුදුපිළිම අමරාවතී සම්ප්‍රදාය ලෙසට නම් කිරීම පවා දැකිය හැකි වන්නේ ය.
පුරාණ ලංකාව සහ ආන්ද්‍ර ප්‍රදේශ්හි අමරාවතී පුදබිම ආශි‍්‍රත වූ මෙම බුදුපිළිම කලාව
පමණක් නොව අමරාවතී (දාගැබ දැනට විනාශ වී එහි පාදම පමණකි) දා ගැබෙහි අණ්ඩය හෙවත්
දාගැබේ බඳ ප්‍රදේශයට සම්බන්ධ කරන ලද අල්ප උන්නත මූර්ති කැටයම් විශාල සංඛ්‍යාවක්
අමරාවතී පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි දක්නට ලැබේ. මෙම අල්ප උන්නත (
(Bas Relief බා
රිලීෆ්) මූර්ති කැටයම්වල සමාන මූර්ති කැටයම් මෙන්ම එම මූර්ති කැටයම් නිර්මාණය කරන
ලද හුනුගල් විශේෂයට සමාන වූ හුනු ගලින් නිමවන ලද මූර්ති ඵලක රැසක්ම අප රටේ ඉතා
ප්‍රකට පුදබිමක් වූ අනුරාධපුර ජේතවනාරාම දාගැබ ආශි‍්‍රත පුරාවිද්‍යා කැණීම්වලින්
හමුවී තිබීම ඉතා වැදගත්ය. ක්‍රිස්තු වර්ෂ හතර වන සියවසේ දී මහසෙන් රජතුමාගේ
අනුග්‍රහයෙන් ගොඩනගන ලද අනුරාධපුරයේ ජේතවනාරාම දාගැබ පමණක් නොව ආශි‍්‍රතව වූ විහාර
බෝධිඝර, පිළිම ගෙවල්, ඡන්ටාඝර, පෝය ගෙවල්, ආදී බෞද්ධ පුදබිමකට අවශ්‍ය බොහෝ
ගොඩනැගිලි අවශේෂ දැකිය හැකිය. ඉතා විශාලතම දාගැබ වූ ජේතවනාරාම දාගැබ ආශි‍්‍රතව
ශ්‍රී ලංකා යුනෙස්කෝ සංස්කෘතික ත්‍රිකෝණය විසින් කරන ලද පුරාවිද්‍යා කැණීම්වලදී රෝම
හා බටහිර ආසියානු රටවල් හා සම්බන්ධ වූ මැටි බඳුන් හා විවිධ වර්ගයේ පුරාවස්තු රැසක්ම
හමු වී ඇත. අප අද මෙහිදී විශේෂයෙන් හඳුන්වා දෙන්නේ ජේතවනාරාම දාගැබ අසළ පුරාවිද්‍යා
කැණීමේ දී හමු වූ අල්ප උන්නත මූර්තිඵලකයකි. (The
Cultural Triangle Unesco – 1993 – P 82 )
|
සිද්ධාර්ථ කුමාරෝප්පත්තිය පුරාණ භාරතීය මූර්ති කලාවේ නිරූපණය කෙරෙන විශේෂ වූ
සිදුවීමකි. විශේෂයෙන් ක්‍රිස්තුවර්ෂ 2 වැනි සියවසේ දී වයඹ දිග භාරතයේ බිහි වූ
ගන්ධාර මූර්ති කලාව අනුව නිරූපිත මූර්ති ඵලකවල සිදුහත් කුමරු හා මහාමායා දේවියද
පරිවාර කාන්තාවන්ද අල්ප උන්නත ලෙසින් නිරූපණය කර ඇත. අමරාවතී සම්ප්‍රදායේ මෙම
මූර්තිඵලකයෙහි දැක්වෙන කාන්තා රූප තුනකි. මෙම කාන්තා රූප අතර මධ්‍යයෙහි සිටින්නේ
මහාමායාදේවිය ලෙසින් සැලකේ. මහාමායාදේවිය ලුම්බිනි උයන වෙත කැඳවාගෙන යන කාන්තාවන්
දෙදෙනෙක් මෙයින් නිරූපිත වන්නේයැයි මතයක් මූර්ති කලා විචාරකයන් අතරේ පවතී.
මෙහි වැදගත්කම වන්නේ මෙම කාන්තාරූප තුනෙන්ම ඉතා මැනවින් නිරූපණය වන්නේ අමරාවතී
දාගැබෙන් හමුවූ අමරාවතී සම්ප්‍රදායේ කාන්තා රූපවල සමානත්වයක් දැරීමයි. මෙම මූර්ති
ඵලකය ජේතවනාරාමය දාගැබ අසල කැණීමෙන් හමුවීම මෙහිදී තවත් විශේෂත්වයක් වන්නේ ය.
මෙම කාන්තා රූප තුන සහ අමරාවතී මූර්තිඵලකවල ඇති කාන්තා රූපවල ස්වරූපය පැහැදිලි වන
අන්දමේ සිදුහත් උපතට පසු නිරූපණය කෙරෙන මූර්තිඵලයකයක් ද මේ සමඟ දැක්වේ.
මෙම මූර්ති ඵලකයේ සහ ජේතවනාරාම දාගැබ අසල කැණීමෙන් හමුවූ කාන්තා රූප නිරූපිත මූර්ති
ඵලකයේ සමානතාවය මෙයින් මැනවින් පැහැදිලි වේ. මහාමායා දේවිය සිදුහත් උපතට පසු
අවස්ථාවක ස්නානය සඳහා කැඳවාගෙන යන අන්දම මෙම අමරාවතී මූර්ති ඵලකයෙන් නිරූපණය
වන්නේය. මෙය ක්‍රි.ව. 4 – 5 සියවස්වලට අයත්වේ.
මෙම මූර්තිඵලකවල කාන්තාවන්ගේ ඇඳුම් ආයිත්තම් පමණක් නොව ඔවුන්ගේ දෙපා සරසා ඇති
වළලුවලින්ද අඟ පසඟ වලින්ද මේ සමානතාවය ඉතා මැනවින් නිරූපණය වන්නේය
(Amaravati Prof p.r ramachandra rao - Andrapradesh p – 119 (2002)
ආන්ද්‍ර ප්‍රදේශ්හි අමරාවතී පුදබිමට අයත් මෙම මූර්ති කලා සම්ප්‍රදායට අයත්වන තවත්
මූර්ති රැසක්ම ලංකාවෙන් හමුවී ඇත.
|