UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ධර්ම දේශනාව:

නොතැවෙන්නට නොදැවෙන්නට නම්...

පව් කරන්නා සැමවිටම ශෝක කරයි. මෙපමණ කලක් මම අකුසල් ම කළෙමි. කුසල් නොකෙළෙම්’යි ශෝක වෙයි. තවත් කෙනෙක් තමන් කළ පාප කර්ම ගැන කිසිවිටෙක නොසිතයි. ඒවා මිහිරියි, සුව ගෙනදෙතැයි සිතයි. එසේ සිතමින් පවෙහිම නිරත වෙයි. කළ පව් අමතක කළත් ඒවා සිහියට නැගෙන මොහොතක් එළඹෙයි. ඒ අවසන් මොහොතයි. එය ඒකාන්තයෙන්ම කළ පව් සිතට නැඟෙන අවස්ථාවයි. මරණ මොහොතේදී ඔහුගේ හෝ ඇය ගේ සිතට කම්ම , කම්ම නිමිති, ගති , ගති නිමිති පහළ වෙයි.එය වූ කලී සවස් කාලයෙහි කඳු සෙවනැල්ල පෙර දිගට නතුව වැටෙන්නාසේ මරු ඇඳෙහි හෝනා සත්ත්වයා කරාම පැමිණෙයි. මේ ශෝකය මව්පිය ඥාති මිත්‍රාදින්ගෙන් ඇතිවන්නක් නොව තමා විසින්ම කළ කර්මයේ විපාක තමා කරාම එන අවස්ථාවයි. තමා කළ කර්ම මෙතෙකැයි ප්‍රමාණ කළ නොහැකිය. ඊළඟ භවයෙහි උපත ලැබීමට නියත වු ප්‍රතිසන්ධිජනක කර්මය ,කර්ම නිමිත්තාදිය ඔහු කරා එළඹෙයි. සත්ත්වයා උපදවනු ලබන්නේ කර්මය විසින් බව“ කම්ම යෝනි” යන්නෙන් පැහැදිලි වේ. සත්වයා විසින් වැඩි වශයෙන්ම පුරුදු පුහුණු කළ කර්ම ඉදිරිපත් වන්නේ මරණ මඤ්චකයේදීය. ඒවා ආචිණ්ණ කර්ම නමින් හඳුන්වයි.

ඉතිරිය»

 

දුරුතු අව අටවක පෝය

දුරුතු අව අටවක පෝය ජනවාරි 19 බ්‍රහස්පතින්දා අපරභාග 02.37 ට ලබයි. 20 වන දා සිකුරාදා අපර භාග 04.54 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බ්‍රහස්පතින්දාය.

 

මීළඟ පෝය ජනවාරි 27 සිකුරාදායි.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 19

Full Moonඅමාවක

ජනවාරි 27

First Quarterපුර අටවක

පෙබරවාරි 04

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 10


2017 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2017 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]