Print this Article


බුදුසරණ: බොදු පුවත් | ගිරාඹේ ආනන්ද අනු නා හිමියන්ට සෙත් පතා පින්කම්

ගිරාඹේ ආනන්ද අනු නා හිමියන්ට සෙත් පතා පින්කම්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අනුරාධපුර ශ්‍රී සාරානන්ද පිරිවෙන් විහාරාධිපති පණ්ඩිත ගිරාඹේ ආනන්ද නා හිමියන්ට නීරෝගී සුවය සහ දීර්ඝායුෂ පතා අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ රුවන්වැලි මහා චෛත්‍යය අසලදී සතියක් පුරා පින්කම් රැසක් පැවැත්වේ. පින්කම් මාලාවේ මූල්‍ය දායකත්වය මංජුල පතිරණ මහතා සහ එම මහත්මිය විසින් දරනු ලැබේ.

දින හතක් එම පින්කම් පවත්වා 18 වන දින මහා සංඝ රත්නය සියක් නමකට සාංඝික දානය පිරිනැමේ. ගිරාඹේ ආනන්ද නාහිමිපාණන් හට නීරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම, කථානායක කරු ජයසූරිය මහතාට සහ එම මහත්මියට දිගාසිරි පැතීමද කරු ජයසූරිය මහතාගේ මිය ගිය දියණියට පින් අනුමෝදන් කිරීම, මංජුල පතිරණ මහතාට සහ එම මහත්මියට දීර්ඝායුෂ පැතීම එම පින්කමේ අරමුණු අතර වේ.