රජයේ සංවර්ධන ව්‍යාපෘති රාශියක්
ආරම්භ කෙරෙන 2017 නව වසර වෙනුවෙන් අගමැති රනිල්
වික්‍රමසිංහ මහතා ඉකුත් දා (2) වැඩ ආරම්භ කළේය. ඒ
නිමිත්තෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති චාම් උත්සවයට
මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය, මැති ඇමැතිවරුන්, සිවිල්
සංවිධාන නියෝජිතයන්, දේශපාලන පක්ෂවල නායකයන් ඇතුළු
නියෝජිතයන්, අමාත්‍යංශ ලේකම්වරුන්, අග්‍රාමාත්‍ය කාර්යාලයේ
කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගි වූහ. අග්‍රාමාත්‍ය
රනිල් වික්‍රමසිංහ මහතාට එහිදී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය
පිරිනමමින් මහ සඟරුවන සෙත් පිරිත් සජ්ඣායනා කළහ. |