ප්‍රශ්නය
සිල්වත්කම මිනිසාට සම්පතකි. (පංච ආනිසංසා සීලවතො සීලසම්පදාය) මෙලොව හා පරලොව
සිල්වතෙකු ලබන සම්පත් පහකි. ඒ මොනවාද?
පිළිතුර
භෝග සම්පත් – යහපත් කීර්තිය, අභිත තේජස් බවින් පිරිස් මැද සිටී. මනා සිහියෙන් යුතු
මරණය පවා සිදුවෙයි. මරණින් මතු දෙව්ලොව උපත ලැබීමේ සම්පතද සිල්වත් බවින් ඔහු ලබා
ගනී.
ප්‍රශ්නය :– සංයුක්ත නිකාය පච්චය සූත්‍රාගත දේශනා පාඨයකි මේ. ‘ඉති අයංච – ජරා ඉදං ච
මරණං ඉදං වුච්චති භික්ඛවෙ ජරාමරණං’ මෙසේ මේ ජරාවද – මේ මරණයද –මේ ජරා මරණ යයි කියනු
ලැබේ. ධර්මානුකූලව මේ ජරාමරණ යන දුක් විවරණය කරන්න.
පිළිතුර :–සත්ත්වයන්ගේ සත්ත්ව නිකායෙහි දිරීමක්, දත්වැටීමක්, කෙස් පැසීමක්, ඇඟ රැළි
වැටීමක්,ආයු පිරිහීමක් ,ජරා යැයි කියනු ලැබේ. ඒ ඒ සත්වයන්ගේ යම් වෙන්වීමක්.
විඳීමෙක් අතුරුදන් වීමක් සිදු වේ නම් මරණය සම්මුති මරණය නමින්ද? පංචස්ඛන්ධයන්ගේ
විඳීමක් ජීවිතීන්ද්‍රියාගේ සිඳීමක් වෙයිද එය මරණය නම් වෙයි.
ප්‍රශ්නය :– ආරාමික වත් පිළිවෙත් මෙන්ම පැවිදි වත් පිළිබඳවද විවිධ සංඝකර්ම මෙම කාලය
තුළ සිදුවෙයි. මේවා අතුරෙන් ආවසික ගුණධර්ම බොහොමයක් විනය මහාවග්ග ග්‍රන්ථයෙහි සඳහන්
වෙයි. පැහැදිලි කිරීමක් කරන්න.
පිළිතුර
සුත්‍රාගත දේශනා අනුව ආවාසික භික්ෂූන් වහන්සේ විසින් සකස්කරගත යුතු පිළිවෙත්
රාශියක් දක්වා ඇත.
1.ආකල්ප වශයෙන් ගිහි පැවැත්මෙන් අනන්‍ය විය යුතුය
2.දෛනික විහාර වත් ආදී පිළිවෙතින් යුක්ත වීම
3.බහුශ්‍රැත වීම
4.සුතධර වීම
5.යෝගාවචර පිළිවෙතින් සමීප වීම
6.කාය– වචී, මනා සුසික්ඛිතබව
7.දේශනය හා පැවැත්ම අතර විෂමාචාර පැවැත්මක් නොතිබීම
8.සීලය, ඤාණය, හා පිළිවෙත් නිරතුරුව සමගාමීවීම
9.වරදෙහි බිය දක්නා සුළු බව
ප්‍රශ්නය
බුදුරජාණන් වහන්සේ දහම් දෙසීමෙහිදී ‘ආනුපුබ්බී කථා” හෙවත් අනුපිළිවෙළ කථා පිළිවෙළ
අනුව ධර්මය දේශනා කළහ. පාලි දේශනා පාලිය උපයෝගී කරගෙන මෙම දේශනා නය පැහැදිලි කරන්න.
පිළිතුර
ආනුපුබ්බී කථා පිළිවෙළ කථා නමින් සඳහන් වන්නේ ශ්‍රාවක හමුවකදී බුදුරජාණන් වහන්සේ
අනුගමනය කළ සංවාද ක්‍රමයයි.
යම් අවස්ථාවක යම් පුද්ගල හමුවකදී බුදුරජාණන් වහන්සේ අවස්ථානුකූලව හා පුද්ගල චරිත
කෙරෙහි වඩා අවධානයකින් දහම් දෙසීම සිරිතයි. සෑම දෙනාටම එකම දහම් දෙසීමේ පිළිවෙතක්
නැත. ඒ නිසාම ආනුපුබ්බී කථා පිළිවෙළ නමින් දාන කථා, සීල කථා, සග්ග කථා, කාමයන්හි
ආදීනව හා එහි නික්මීම, (දාන කථාව, සීල කථාව, සග්ග කථාය නෙක්ඛම්මේ ආනිසංස ඔකාරෙ
සංකිලෙසා) ආදී වශයෙන් ශ්‍රාවක මනස අගාරික ජීවිතයෙන් අනගාරික දිවි පෙවෙත වෙත
යොමුකරයි. |