දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය – 2016 (2017) ආදර්ශ ප්‍රශ්නෝත්තර - ශාසන
ඉතිහාසය
උඩුහාවර ශ්‍රී විජයාරාමවාසී,
කොළඹ ඉසිපතන විද්‍යාලයේ ධර්මාචාර්ය,
රාජකීය පණ්ඩිත,
ශාස්ත්‍රපති
උඩුහාවර ඉන්දසිරි හිමි
ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න
01.
1. බුදුරජාණන් වහන්සේගේ මහාකරුණා ගුණය ප්‍රකටවන අවස්ථා 02 ක් නම් කරන්න.
2. බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවකයන්ගේ විශේෂ දක්ෂතා
හඳුනාගෙන තනතුරු වගකීම් පැවැරූ අතර එයට නිදසුන්
03 ක් ලියන්න.
3. බුදුරජාණන් වහන්සේගේ තාදි ගුණය හඳුන්වා දෙන්න
02.
1. බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ පැවැති පාලන ක්‍රම
02 නම් කරන්න.
2. බුදුන් වහන්සේ ජීවමාන සමයේ ශාසනයේ පැවැත්ම උදෙසා
දායකත්වය සැපයූ රජවරු තුන් දෙනෙකු නම් කොට ඔවුන්
පාලනය කළ රාජ්‍ය දක්වන්න
3. සොළොස් මහා ජනපද අතර මගධ රාජ්‍ය පිළිබඳ කෙටි
හැඳින්වීමක් කරන්න
03.
1. ප්‍රථම ධර්ම සංගායනාවට බලපෑ ආසන්නතම හේතුව
ලියන්න
2. ප්‍රථම ධර්ම සංගායනාවේ මූලිකත්වය, අනුග්‍රාහකත්වය,
පැවැත්වූ ස්ථානය, සහභාගි වූ පිරිස දක්වන්න
3. ප්‍රථම ධර්ම සංගායනාවේ ප්‍රතිඵල පෙන්වා දෙන්න
04.
1. අශෝක ධර්මය පිළිබඳ උගතුන් පළ කළ අදහස් 02 ක්
ලියන්න .
2. අශෝක ධර්මයේ සඳහන් ධර්ම ව්‍යවස්ථාවේ ප්‍රධාන කොටස්
04 හඳුන්වා දෙන්න
3. අශෝක රජුගේ විදේශ ධර්මදූත සේවය ඇගයීමට
ලක්කරන්න.
05.
1. මහින්දාගමනයට පෙර ලක්දිව පැවැති ඇදහිලි විශ්වාස
02 ක් ලියන්න
2. මිහිඳු මාහිමියන් සමඟ ලක්දිවට වැඩි දූත පිරිස නම් කර
ලක්දිවට වැඩමකොට දේශනා කළ සූත්‍රය නම් කරන්න.
3. මහින්දාගමනයෙන් ලක්වැසියන් ලද දායාද පැහැදිලි කරන්න.
06.
1. දළදා වහන්සේ පිළිබඳ තොරතුරු හමුවන මූලාශ්‍ර කෘති 02
නම් කරන්න
2. දළදා වහන්සේ උදෙසා පවත්වන පූජෝපහාර විධි 03
දක්වන්න
3. “දළදා වහන්සේ ලක් වැසියන්ගේ මුදුන් මල්කඩයි” මෙම
ප්‍රකාශය පැහැදිලි කරන්න.
07.
1. අභයගිරි විහාරය ආරම්භයට හා සංවර්ධනයට දායකත්වය
දැක්වු රජවරු 04 දෙනෙකු නම් කරන්න.
2. අභයගිරි විහාරයේ ආරම්භය පිළිබඳ කෙටියෙන් පැහැදිලි
කරන්න.
3. “මහා විහාරය ජාත්‍යන්තර වශයෙන් කීර්තියට පත්
ආයතනයකි” මෙම කියමන පැහැදිලි කරන්න.
08. කෙටි සටහන් ලියන්න
1. මහාථූපය
2. මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ
පිළිතුරු
1. පටාචාරාවට පිහිට වූ අවස්ථාව / සුනීතට පිහිට වූ අවස්ථාව
2. ධාරණ ශක්තිය ඇත්තවුන් අතරින් අග්‍රස්ථානය ආනන්ද
තෙරුන් වහන්සේ ,විනය ධර භික්ෂූන් වහන්සේ අතර අග්‍රස්ථානය උපාලි
මහ රහතන් වහන්සේ
මනෝමය රූප මවන්නන් අතර අග්‍රස්ථානය චුල්ලපන්ථක
මහරහතන් වහන්සේ
3. ලාභ, අලාභ, යස,අයස, නින්දා , ප්‍රශංසා, සැප, දුක, යන
අෂ්ටලෝක ධර්ම හමුවේ අකම්පිතව ඉවසීමෙන් හා
වීර්යයෙන් කටයුතු කිරීම තාදි ගුණය වේ, (මෙම අදහස
විස්තරාත්මකව ලිවිය යුතුයි)
02.1. රාජාණ්ඩු ක්‍රමය හා සමූහාණ්ඩු ක්‍රමය
2. බිම්බිසාර රජතුමා – මගධදේශය
කොසොල් රජතුමා – කෝසල රාජ්‍යය
උදේන රජතුමා – වත්ස රාජ්‍ය
3.බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ පැවැති රාජාණ්ඩු පාලන ක්‍රමය පැවැති රාජ්‍ය අතර
මගධ රාජ්‍ය සුවිශේෂී වේ.
උතුරෙන් ගංගා නදියත් , නැගෙනහිරින් චම්පා නදියත්, නිරිතින් වින්ද්‍යා කඳුවැටියත්,
බටහිරින් සෝණ නදියත් මගධයෙහි සීමාව වේ.මගධ රාජ්‍යයේ අගනුවර රජගහනුවරයි.
බිම්බිසාර රජු, අජාසත්ත රජු මෙහි පාලනය කළහ.
බුදුසසුනේ සුවිශේෂී සිදුවීම් රැසක් මගධ දේශය කේන්ද්‍රකොටගෙන සිදු විණි.
බිම්බිසාර රජු වේලුවනාරාමය පූජා කිරීම සිදු වූයේ මගධ දේශයේය
බුදුසසුනට ශ්‍රාවක ශ්‍රාවිකාවෝ රාශියක් මගධ දේශයෙන් එක් වූහ.
සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා, ඛේමා තෙරණිය භද්ද්‍රාකුණ්ඩල කේෂි, චාලා, උපචාලා
ආදිය මේ අතර වේ.
බුදුරදුන්ගේ මුල් දේශනා බොහොමයකට මධ්‍යස්ථානය වී ඇත්තේ මගධයයි.
වේලුවනය. කලන්දක ,නිවාපය, පාවාරික අඹවනය, ගිජ්ජකූඨ පර්වතය ආදි ස්ථාන මගධයේ පිහිටා
ඇත.
අංග ජනපදය ද මගධ දේශයට අයත් විය (ඉහත කරුණු විස්තරාත්මකව ලිවිය යුතුයි)
1.සුභද්‍ර නම් භික්ෂුව විසින් බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන්පෑමෙන් පසු ශෝකයට පත්
භික්ෂූන් අමතා කළ අයෝග්‍ය ප්‍රකාශය
2.මූලිකත්වය – මහාකාශ්‍යප මහරහතන් වහන්සේ
අනුග්‍රාහකත්වය – අජාසත්ත රජතුමා
පැවැත් වූ ස්ථානය – රජගහනුවර සප්තපර්ණී ගල්ගුහාද්වාරයේ ඉදිකළ විශේෂ මණ්ඩපයේදී
සහභාගි වූ පිරිස – 500ක් පමණ වු මහරහතන් වහන්සේලා
3.ධර්මය සහ විනය වර්ගීකරණයට ලක් කිරීම
ධර්ම විනය පවත්වාගෙන යාමට භාණක පරපුරක් ඇති කිරීම
ඛුද්ධානු ඛුද්දක ශික්ෂාපද පිළිබඳ අවසන් තීරණයකට එළඹීම
ආනන්ද හිමියන්ට එල්ල වූ චෝදනාවලින් නිදහස් වීම
ධර්ම විනය නායකත්වයට හෙවත් ගුරු තනතුරේ තබා ගැනීමට තීරණය වීම ආදීි කරුණු විස්තර කර
ලිවිය යුතුයි.
04. 1. අශෝක ධර්මය සෑම ආගමකටම පොදු ධර්මයකි. – වින්සන්ට් ස්මිත් පඬිතුමා
අශෝක ධර්මය සකස් වී ඇත්තේ බුදු සමයේ මුල් අවධියේ සිටම පැවැත එන ගිහි උපාසක
ධර්මයන්ගෙනි – බණඩර්කර් මහතා
2.අධ්‍යාත්මික ගුණ වගාව වූ චාරිත්‍ර – දෙමාපියන්ට සැලකීම නැදෑයින්ට සැලකීම , මහණ
බමුණන්ට සැලකීම ආදි ආචාර ධර්ම පද්ධතියක්.
ගුණ ධර්ම – අධ්‍යාත්මික ගුණ වගාව සඳහා වැපිරිය යුතු ගුණ ධර්ම සමූහය මෙයට අයත් වේ.
දයාව අනුකම්පාව , මෘදු බව, සත්‍යවාදී බව ආදි ගුණ
විරමණ ධර්ම හෙවත් චාරිත්‍ර – වෙන්විය යුතු වැළකිය යුතු පාප ධර්මය මෙම කොටසින්
පැහැදිලි වේ.
නිශ්ඵල චාරිත්‍ර – අධ්‍යාත්මික ගුණ වගාවට හිතකර නොවන නිශ්ඵල චාරිත්‍ර මෙතුළින්
පැහැදිලි වේ.
3.තෙවන ධර්ම සංගායනාවේ සුවිශේෂි ප්‍රතිඵලය වූ නව රට සසුන් පිහිට වීම කාශ්මිරය, යෝනක
දේශය, අපරන්ත දේශය, මහිස මණ්ඩලය, වනවාසි දේශය, හිමාල ප්‍රදේශය, ස්වර්ණ භුමිය,
මහාරට්ඨය, තම්බපණ්නිය යන රටවල් නවයට ධර්ම දූත පිරිස් පිටත් කර යැවීම යනාදිය විස්තර
කර ලිවිය යුතුයි.
5.1.වෘක්ෂ වන්දනාව /පර්වත වන්දනාව / මළවුන් පිදීම
2.ඉත්ථිය,උට්ඨිය, සම්බල,භද්දසාල, යන හිමිවරු සහ සුමන සාමණේර හිමි , භණ්ඩුක උපාසක යන
පිරිස
චුල්ල හත්ථිපදෝපම සූත්‍රය මුල්ම දේශනාව වේ
3.පිරිසුදු නිර්මල ධර්මයක් ලැබීම
සාහිත්‍ය දියුණුව , අක්ෂර කලාව ආදි අධ්‍යාපනික දියුණුව
වැවයි, දාගැබයි, ගමයි, පන්සලයි යන සංකල්පයෙන් පෝෂණය වූ බෞද්ධ සංස්කෘතියක් ඇතිවීම
කලා ශිල්ප සංවර්ධනය ආදි කරුණු අන්තර්ගත කොට විස්තර කර ලිවිය යුතුය.
06. 1.ධාතු වංශය,පාලි දාඨාවංශය
2.දළදා තේවාව, දළදා පෙරහර, අමුතු මුළුතැන් පූජාව, අලුත් සහල් මංගල්‍යය,
3.ලක්වැසියන් දළදා වහන්සේ ජීවමාන බුදුන්වහන්සේ ලෙස සලකයි
දළදා වහන්සේ රාජ්‍යය සංකේතය, උරුමය ලෙස සැලකේ
ධර්මයත්, රාජ්‍යත්, දෙකම සංකේතවත් කරමින් දළදා වහන්සේ රජමාළිගාව අසලම වැඩ සිටියහ.
රජුගේ නිවාසය මාළිගාව වූවා සේම, දළදා වහන්සේගේ නිවාසයද මාළිගාව විය.
අනුරාධපුර යුගයේ රජ පවුල්වල අය මෙන්ම උසස් නිළධාරින් තම නම මුලට අගට දාඨා යන නමද
භාවිතා කොට ඇත. උදා :– දළ මුගලන්, දෙවන හත්ථදාඨ
දළදා වහන්සේ උදෙසා සුවිශේෂී පූජෝපහාර පවත්වමින් ගෞරව දක්වයි. මෙම කරුණු විස්තර කර
ලිවිය යුතුය.
1.වෝහාරික තිස්ස රජු
මහසෙන් රජු
සිරිමෙවන් රජු
කණිටුතිස්ස රජු
2.අනුරාධපුරයේ උතුරු වාහල් කඩට පිටතින් අභයගිරි විහාරය පිහිටා ඇත. මහාවංශයට අනුව
අභයගිරි විහාරය ආරම්භවී ඇත්තේ ක්‍රි.ව. පළමු සියවසේදීය. එනම් වළගම්බා රාජ්‍ය සමයේය.
වළගම්බා රජු කල ද්‍රවිඩ සටනේදී තිස්ස නම් තෙර නමක් වළගම්බා රජුට උදව් කළ බව ඉතිහාසය
සාක්ෂි දරයි. වළගම්බා රජු නැවත රාජ්‍යට පත්වී තමාට කළ උදව්වට කෘතගුණ සැලකීමක් ලෙස
ගිරිනිගණ්ඨ පුජකවරයා සිටි ආරාමය බිඳ මෙම විහාරය ඉදිකොට තිස්ස තෙරුන්ට පූජාකොට ඇත.
ඉන් පසුව අභයගිරි විහාරය ක්‍රම ක්‍රමයෙන් සංවර්ධනය වී ඇත.
3.මහාවිහාරය දේශීය පමණක් නොව විදේශීය වශයෙන්ද කීර්තියට පත් ආයතනයකි. මහා විහාරයේ
වැඩ විසූ ධර්ම ධර විනයධර භික්ෂූන් වහන්සේලාගේ කුසලතාවය අසා විදේශීය ධර්ම ගවේෂකයන්
මහා විහාරය වෙත ඇදී ආහ. ඉන්දියාවේ නොයෙක් ප්‍රදේවලත් මෙන්ම, පර්සියාව ,ගී‍්‍රසිය
වැනි රටවලින්ද දූත පිරිස් පැමිණි බව ඉතිහාස තොරතුරු දක්වයි. බුද්ධඝෝෂ හිමි, ධම්මපාල
හිමි වැනි පඬිවරුන් දඹදිවින් මහාවිහාරයට පැමිණ ඇත. බුරුම රට භික්ෂූන් වහන්සේලා මහා
විහාරයෙන් අධ්‍යාපනය ලැබූහ. මහා විහාරය බෞද්ධ විශ්ව විද්‍යාපීඨයක් ලෙස කීර්තියට
පත්ව තිබුණි. මෙම කරුණු විස්තර කරමින් පිළිතුර ලිවිය යුතුයි.
08.1.මහාථූපය – මහාචේතිය මහාථූපය රුවන්වැලිමහසෑය යන නම්වලින් මහාථූපය හඳුන්වයි.
බුදුරදුන් වැඩ සිටීමෙන් පිරිසුදු වූ ස්ථානයේ දුටුගැමුණු රජු විසින් මෙය ඉදිකොට ඇත.
සද්ධාතිස්ස රජතුමා මෙම ස්තූපය සම්පූර්ණකොට ඇත් පවුරද බැඳවිය. මහදාඨික, මහානාග,
අමණ්ඩ ගාමිණී, පළමුවන සිරිනාග ආදි රජවරු මහථූපයේ ප්‍රතිසංස්කරණ කටයුතු හා සංවර්ධන
කටයුතු සිදුකර ඇත.
2.මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ – සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236ක් ඉක්මගිය
තැන පැවැත්වූ තෙවන ධර්ම සංගායනාවේ මූලිකත්වය මොග්ගලීපුත්ත තිස්ස මහරහතන් වහන්සේ
විසින් දැරීය. එමෙන්ම පරවාද මත ඛණ්ඩනය කරමින් කථාවත්ථු ප්‍රකරණය රචනා කොට අභිධර්ම
පිටකය සම්පූර්ණ කිරීම මොග්ගලීපුත්ත තිස්ස මහ රහතන් වහන්සේ විසින් සිදුකරන ලදී.නව රට
සසුන් පිහිටු වීමෙහිලා ධර්මාශෝක රජුගේ විදේශීය ධර්මදූත මෙහෙවර මොග්ගලීපුත්ත තිස්ස
මහරහත් වහන්සේගේ අනුශාසකත්වයෙන් සිදු විය. |