බුදුපිළිමයේ උපත - 46:
මහා බෝධි ආගමනය
පුරාවිද්‍යා
දෙපාර්තූමේන්තුවේ
හිටපු සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ
සිරිසමන් විජේතුංග
පුරාවිද්‍යා Msc පර්යේෂණ
මෙකල ඉන්දියාවේ
බිහාර් ප්‍රාන්තයේ ගයා නගරයට කිලෝමීටර් 12 පමණ දකුණෙන් පිහිටි
බුද්ධගයාව ලෝකයේ සිටින සමස්ත බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත්
පූජනීය පුණ්‍ය භූමියකි. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ
සම්මාසම්බුද්ධත්වයට පත්වූයේ බුද්ධගයාවේදීය
|
සිදුහත් කුමරා සත්‍යය සොයා ගිය ගමන බුද්ධගයාවෙන් කෙළවර වූයේය. මෙකල ඉන්දියාවේ
බිහාර් ප්‍රාන්තයේ ගයා නගරයට කිලෝමීටර් 12 පමණ දකුණෙන් පිහිටි බුද්ධගයාව ලෝකයේ
සිටින සමස්ත බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් පූජනීය පුණ්‍ය භූමියකි. සිද්ධාර්ථ බෝසතාණන්
වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වූයේ බුද්ධගයාවේදීය. බුද්ධගයාව පුදබිමෙහි එදා
සිදුහත් බෝසතාණන් වහන්සේට බුද්ධත්වය ලබාගැනීමට සෙවණ දුන් ඇසතු වෘක්ෂ රාජයා (ජය
ශ්‍රී මහ බෝධින් වහන්සේ) ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේදී අසෝක රජතුමාගේ රාජ්‍ය
කාලයේදී (ක්‍රිස්තු පූර්ව 273-232) විනාශ වූ අන්දම මහාවංසයේ සඳහන් වන්නේ මෙසේය.
|
බුද්ධගයාවේ ජය ශ්‍රී මහ බෝධින්
වහන්සේගෙන් දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවීම සඳහා වෙන්කරගන්නා
අවස්ථාව. සාංචි තොරණේ මූර්ති කැටයමකි |
“දම්සෝ අග රජට අටළොස්වන හවුරුදුයෙහි මහමෙවුනා උයන මහ බෝ පිහිටියාය. එයින් දොළොස්වන
හවුරුදුයෙහි ඒ දම්සෝ රජුගේ මෙහෙසිය වූ රත්නත්‍රමාමක අසන්ධිමිත්‍රා නම් බිසව් කළුරිය
කළා, ඉන් සතරවන හවුරුදුයෙහි දම් සෝ රජ තෙමේ විසම අදහස් ඇති නිස්සාරක්ඛා නම්
කුමරියක් බිසෝ බැව්හි තැබුයේය. ඉන් සතර වන හවුරුදුයෙහි රුවින් මත් ඒ බාල බිසව්” මේ
රජතෙමේ මටත් වඩා මහාබෝධිය මමායනය කෙරෙයි කියා ක්‍රෝධවශයට පැමිණ තම හට අවැඩක් කරන්නී
මඩු කටු (විස) යෙදීමෙන් මහාබෝධිය මැරවී, ඉන් සතර හවුරුදුයෙහි මහායශස් ඇති දම්සෝ රජ
තෙමේ අනිත්‍ය බවට පැමිණියේය. මේ පන්තිස් හවුරුද්දීය.
(මහාවංසය විසි වැනි පරිච්ඡේදය – ගාථා 1-6 සිංහල පරිවර්තනය –හික්කඩුවේ ශ්‍රී සුමංගල
නාහිමි හා බටුවන්තුඩාවේ පඬිතුමා 1912)
මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් ඇත. අද වැනි උඳුවප් පුර පසළොස්වක් දිනයක මීට
වසර 2325 ඉහත දී බුද්ධගයාවේ ජය ශී‍්‍ර මහබෝධින්වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම
කළේ ඉහතින් සඳහන් කළ ජය ශී‍්‍ර මහ බෝධින්වහන්සේ විනාශ කිරීමට පෙරදීය. ඒ බව මහාවංසයේ
සඳහන් වේ .ඒ නිසා අද අනුරාධපුරයේ මහමෙවුනා උයනේ උඩමළුවේ නිරුපද්‍රිතව වැඩවාසය කරන
ජය ශී‍්‍ර මහ බෝධින් වහන්සේ බුද්ධගයාවේ දී එදා සම්මා සම්බුද්ධත්වය ලබා ගැනීමට සෙවණ
දුන් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාවයි. මේ නිසා අදත් අපට වැඳ පුදා
ගැනීමට ඇති අනුරාධපුරයේ ජය ශී‍්‍ර මහ බෝධින් වහන්සේ මුල්ම ජය ශ්‍රී මහා බෝධින්
වහන්සේගේ ශාඛාවක් නිසා එහි පූජනීය භාවය තවත් වැඩිවනු ඇත. එය අප රටේ හැම දෙනාගේම
මහඟු වාසනාවකි. (සිව් මහ පුදබිම් – සිරිසමන් විජේතුංග පි. 51 (2011) )
එසේනම් දැනට බුද්ධගයාවේ දක්නට ඇති ශ්‍රී මහ බෝධින් වහන්සේ කුමන කාලයකට අයත් ද
යන්නද විමසිය යුතුව ඇත. 1871 වර්ෂයේ ඉන්දියාවේ ප්‍රථම පුරාවිද්‍යා අධ්‍යක්ෂ
ජනරාල්වරයා වූ ඇලෙක්සැන්ඩර් කනිංහැම් මහතා මෙම බුද්ධගයාවේ භූමියෙහි පුරාවිද්‍යා
කැණීමක් කරන ලදී. ඒ අවස්ථාවේදී වජ්‍රාසනය හා කාසි (කුශාන රාජ යුගයට අයත්) පුරාවස්තු
රැසක් හමු විය. ඔහු විසින් මෙම ශ්‍රී මහා බෝධිය රෝපණය කරන ලදී (භාරත ලංකා බෞද්ධ
උරුමය සිරිසමන් විජේතුංග පි. 24 (2006) ) මහින්දාගමනයට මාස කීපයකට පසුව සංඝමිත්තා
මෙහෙණිය සහ පිරිස විසින් බුද්ධගයාවේ ජය ශී‍්‍ර මහ බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව
රැගෙන නැව් මගින් පැමිණ තිබෙන්නේ යාපනය දිස්ත්‍රික්කයේ දඹකොළපටුනට බව මහාවංසයේ
සඳහන් වන කරුණකි. අප මෙහිදී විශේෂ අවධානය යොමු කරන්නේ මෙම දූත ගමනට පෙර ජයශ්‍රී මහ
බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ඒ අති පූජනීය ජය ශී‍්‍ර මහ බෝධින් වහන්සේගෙන් වෙන්
කරගන්නා අවස්ථාව පිළිබඳ විමසා බැලීමටය. දීපවංසය, මහාවංසය, අපේ මහබෝධිවංසය සහ
සමන්තපාසාදිකා ආදි බොහෝ පැරණි ග්‍රන්ථවල මේ පුවත සඳහන්වී ඇත.
අසෝක රජතුමාද එම දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවීමට බුද්ධගයාවෙන් ජය ශ්‍රී මහා බෝධින්
වහන්සේ වෙන් කරගැනීම ගැන සඳහන් වී ඇත. බුද්ධගයාවේ ජය ශ්‍රී මහ බෝධින් වහන්සේ ගේ
දක්ෂිණ ශාඛාව ලංකාවට වැඩම කරවීම සඳහා වෙන්කරගන්නා ආකාරය ඉතා පැහැදිලි ලෙසින්ම
මූර්ති කැටයමක නිර්මාණය කර තිබීමද සැබවින්ම ආශ්චර්යයකි. මේ පිළිබඳ මහාවංසය
ඉංගී‍්‍රසි භාෂාවට පරිවර්තනය කළ විල්හෙල්ම් ගයිගර් මහතා මෙසේ සඳහන් කරයි.
උරුවෙල් දනව්වේ සිට ලක්දිවට වැඩමවා රෝපණය කරන ලද මහාබෝධි ශාඛාව පිළිබඳ ප්‍රවෘත්තිය
පුරා වස්තුන්ගෙන් සනාථ වන්නේය. සාංචි ස්තූපයේ නැගෙනහිර තොරණ මුදුණෙහි හරස් අතට
දිවෙන පුවරු අතුරෙන් යට හා මැද පුවරුවල නිරූපිත කැටයම්වලින් දැක්වෙන්නේ මේ පුවත
යැයි ගාන්ඩ්ඩේල් විසින් පෙන්වා දී තිබේ. සාංචි කැටයම ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසට
අයත්වන හෙයින් මේ පුවත නිරූපණය වන මූර්ති කැටයම් නෙළන්නට ඇත්තේ දළ වශයෙන් ඒ
සිදුවීමේ සිට අවුරුදු සියයකට හෝ එකසිය පණහකට හෝ නොවැඩි වන කාලයකදීය.
මේ අනුව ජය ශ්‍රී මහාබෝධි ශාඛාව බුද්ධගයාවේ සිට ලංකාවට වැඩම කරවීම ඓතිහාසිකව සහ
පුරාවිද්‍යාත්මකව සනාථ වී ඇත. ශ්‍රී මහා බෝධි ආගමනයේ වැදගත්කම පිළිබඳ විවිධ
විද්වත්හු අදහස් පළ කරති. පෝල්.ඊ.පීරිස් මහතා මෙසේ සඳහන් කරයි. සිංහල ජාතියේ දීර්ඝ
ඉතිහාසයෙහි වෙනත් එකදු සිද්ධියක් හෝ මහා බෝධි වෘක්ෂ රෝපණය තරම් තදින් සිංහලයාගේ
සිත් ගත්තේද යනු සැක සහිතය. තනිගල් තලයක් මතුයෙන් රෝපණය ලබමින් ඉතාම ශක්ති සම්පන්න
ගොඩනැගිල්ලක් පවා පළාගෙන යන එහි මෘදු මුල් මිනිසුන්ගේ අභ්‍යන්තරයට විනිවිද ගොස්
ඇත්තේය.
බුද්ධගයාව ගැන සඳහන් කරන විට බෝධිසත්ව ගුණෝපේත අනගාරික ධර්මපාලතුමා බුද්ධගයාව
අන්‍යාගමිකයින්ගෙන් ආපසු ලබාගෙන බෞද්ධ ජනතාවට වැඳුම් පිදුම් කිරීමට අවස්ථාව සැලසීම
බුද්ධගයා ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවී ඇති සිදුවීමකි. බුද්ධගයා පමණක් නොව දඹදිව
වන්දනාවේ යන සෑම පුදබිමක්ම යළි ආපසු ලෝක බෞද්ධ ජනතාවට ලබාදීමේ මහා පුණ්‍යකර්මය
එතුමා විසින් සිදුකිරීම යලිත් වරක් අසෝක රජතුමාගේ උප්පත්තියක් ලෙසින් සඳහන් කළ
යුතුව ඇත. වාර්තාගත හා ඓතිහාසික පැරණිම වෘක්ෂ රාජයාණන් වන්නේ අනුරාධපුර උඩමළුවේ වැඩ
සිටින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේය.
|