සාහසික ලෙස මුදල් හම්බ කරනවාද?
ශ්‍රී ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ
පශ්චාත් උපාධි අධ්‍යයන
ඒකකයේ අධ්‍යක්ෂක
පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය
පාතේගම ඤාණිස්සරූ හිමි
මෙම ලිපියෙහි
තවත් කොටසක්
ඉල් අමාවක පෝදා පත්‍රයේ (නොවැම්බර් 28 වනදා ) පළ විය.
තමන්ගේ සේවය වෙනුවෙන් ලබන වැටුපත් තමන්ගේ යුතුකම් කොටසත් අමතක කරනු ලබන්නේ ඇයි අප
රට තුළ තිබෙන ඇතැමි රාජ්‍ය ආයතන බංකොළොත් බවට ප්‍රකාශ කරයි. සමහර රාජ්‍ය ආයතන තුළ
වැටුප සියල්ලම අවසන් වන තෙක් සේවකයා ණය ලබාගෙන අවසානයි. එදා ෙවිල හෝ දවසේ වියදම
පගාවෙන් ගෙවන් කිරීමට ඇතැමුන් පුරුදු වී ඇත.
සාහසික මුදල්
මෙම තත්ත්වය කවුරුත් දන්නා ඇතැම් විට ප්‍රසිද්ධ රහසක් වෙයි.තමන් විසින් පගාව ලෙස
අනුන්ගෙන් අයථා ආකාරයෙන් ලබාගන්නා මුදලින් තමන්ගේ දරුවන්ට කන්න බොන්න දෙනවා
නේදතමන්ගේ දරුවන්ට පන්ති ගාස්තු සඳහා වියදම් කරනු ලබන්නේද එම වැරැදි ආකාරයට ගනු
ලබන මුදලද තමාගේ බිරිඳට ස්වාමිපුරුෂයාට කන්න බොන්න දෙන්නේ එම අයථා මුදලෙන්ද
බුදුරජාණන් වහන්සේ මුදල් හම්බකළ යුතු බව දේශනා කරුනු ලැබුවේද ධාර්මික ලෙස අසාහසික
ආකාරයකටයි. තමාගේ යුතුකම් කොටස ලෙස වියදම් කරනු ලබන්නේද, එම සාහසික ආකාරයෙන් උපයන
මුදල නේදඑම මුදල් පරිහරණය කිරීමෙන් ඔබට යහපතක් වෙනවාදතමන් කළ වරද දරුවන්ගේ
පැත්තෙන් හෝ ලෙඩ රෝග සැදීමෙන් හෝ විනාශ වෙයි. අයහපත් ආකාරයට සාහසික ලෙස හම්බකළ
මුදල් යා දීමක් වන්නේ නැහැ. වර්තමාන සමාජය තුළ සිටින ඇතැම් සල්ලිකාරයන් පිළිබඳව
අධ්‍යයනය කර බලන විට ඔවුන්ට මානසික සැනසිල්ල නැහැ. මුදල් සොයනු ලැබුෙවි මානසික
සැනසිල්ල සඳහා වුවද,ඔවුන්ට මුදල් තිබුණාට මුදල් ඉපයූ ආකාරය වැරැදි සහගත බැවින් එම
මානසික සුවය ද ගිලිහී ඇත. එනිසාම බොහෝ දුක්ඛ දායක ලෙස ජීවිතය අවසන් කරීමට සිදුවෙයි.
ඔවුන්ට මානසික අවබෝධය නොමැතිකම ප්‍රධානම හේතුවයි. අවබෝධයෙන් යුක්තව වැඩ කටයුතු කළ
පුද්ගලයාට මනස සැහැල්ලු කරගැනීමේ අවස්ථාව ලැබෙයි.තමන්ගේ සිත සැහැල්ලු කර ගත හැකී.
ඔවුන් සැම අවස්ථාවකම ජීවිතය තුළ නොමනාපෙන් කාලය ගත නොකරයි.
විශ්‍රාම සුවය
අවුරුදු 50 වයස් සීමාව පසු කළ ඇතැම් පුද්ගලයන්ට බොහෝ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවී
ඇත. විශ්‍රාම ගිය විට නිදහසේ විශ්‍රාම සුවයෙන් සිටිය යුතු වුවද, ප්‍රශ්න බොහොමයක
ජීවත් වෙයි. ඇතැමි ප්‍රශ්න තමා විසින්ම හදාගනු ලබයි. තමාගේ ප්‍රශ්න නොවන බවත් අනෙක්
පුද්ගලයන් විසින් තමාට දමන ප්‍රශ්න බව ඔවුන් ප්‍රකාශ කරයි. තමාගේ මනස පාලනය කරමින්
තමන් ගතකරන තමන්ගේ ජීවිතය සැහැල්ලුවෙන් ගත කිරීමට යුතුකමක් නැද්දතමන්ගේ සිත
සැහැල්ලු කරගැනීමට තමාට යුතුකමක් නැතිදසැම අවස්ථාවකම සිත තුළ සතුට සැහැල්ලුව නැතිව
ජීවත් වෙයි.යමෙකු උපදින විටම පෙර සංසාරයෙන් කර්මශක්තියද රැගෙන එයි. කර්මය කොටස්
දෙකක් වශයෙන් සැලකිය හැකිය. පුණ්‍ය කම්ම හෙවත් පිනද, පාප කම්ම හෙවත් පවද වෙයි.
කිසියම් පුද්ගලයෙකු කිසිවක් රැගෙන අප සමාජයට පැමිණෙන්නේ නැත.සමාජයට පැමිණි පසුව ඔහු
හෝ ඇය විසින් සියලු හරිහම්බ කිරීම් කරනු ලබයි. එම හරිහම්බ කළ දේ සහ තමාගේ මනස
සන්සුන්ව, තැන්පත්ව, අවුල් සහගත ලෙස අපිළිවෙළ කරනොගෙන ජීවත් විය යුතු වුවද,
වර්තමානය තුළ අපට දක්නට ලැබෙනුයේ තමන්ගේ යුතුකම්වත් ඉෂ්ට නොකරන බොහෝ පිරිස් තමනුත්
අවුල් වෙමින් සෙසු සමාජයත් අවුල් කරන ආකාරයයි. එය බරපතළ පාපකර්මයක් වෙයි. උදාහරණයක්
ලෙස කිසියම් පුද්ගලයෙකුට කේන්තියක් ගිය විට ඔහුගේ සිත පාලනය කරගැනීමට ඔහුට යුතුකමක්
ඇත.
මානසික අවුල
තමාගේ කේන්තිය නිවා ගැනීම තමාගේ යුතුකමයි. එම ශක්තිය තමාට තිබිය යුතුය.එම ශක්තිය
තමා තුළ නොමැතිව එම ආෙවිගයෙන් ගෙදර තුළ කෑ ගසනවා නම්, ගෙදර සිටින අනෙක් සියලු
දෙනාගේම මනස අවුල් වෙයි. එම පුද්ගලයා තමා විසින් මනස අවුල් කරගත්තා සේ අනෙක්
පුද්ගලයන්ගේ මනස අවුල් කරගැනීම සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍යයද සපයනු ලබයි. තමා
විසින් දෙනු ලබන දෙය තමාට ලැබෙයි. තමා කරනු ලැබුෙවි අනෙක් පුද්ගලයන්ගේ මනස අවුල්
කිරීම නම්, තමාට ලැබෙනුයේද එම දෙයමයි. තමාගේ මනස සන්සුන් කරගැනීම සඳහා මෙවැනි
ප්‍රකාශ කරන බවට ඇතැමුන් පවසන අවස්ථා නැතිවා නොවෙයි. එම ප්‍රකාශ අසා අනෙක්
පුද්ගලයන්ගේ මනස අවුල් වන විට නැවත යහපත් තත්ත්වයක් ලැබෙන්නේ කෙසේදඇතැම්
පුද්ගලයන්ට නොකිය යුතු යැයි ප්‍රකාශ කරනු ලබන සමහර කාරණා සංස්කෘතිය විසින් අපගේ
සමාජය තුළට ලබා දී තිබෙන අතර එම ප්‍රකාශ කර එය මනස තුළ තබාගැනීමෙන් මනසද අවුල් වි
යයි. එවැනි අවස්ථාවල මනස තුළ තිබෙන ගැටලු ගසකට කිව යුතු බවට ප්‍රකාශ වෙයි. ඇතැමි
පළාත් තුළ කිරි ගසකට කිව යුතු බව ට ප්‍රකාශ කරනු ලබයි.
සංස්කෘතිය
ඇතැම් පළාත් තුළ කටුගසකට කිව යුතු බව ප්‍රකාශ කරයි. ගලාගෙන යන වතුරට ප්‍රකාශ කළ
යුතු බවටද මතයක් පවති.එවැනි ආකාරයෙන් මනස නිදහස් කරගන්නා ක්‍රම ඇත. මනස නිදහස්
කරගැනීමට බව ප්‍රකාශ කරමින් තව කෙනෙකුගේ මනස අවුල් කිරීම සුදුසු ක්‍රියාවක් නොවෙයි.
එම නිවස තුළම ඇතැමි විට එම ගම තුළ අවුල වැඩි වන අතර ඇතැම් විට රටම අවුල් වන අවස්ථා
නැතිවා නොවෙයි. ඇතැම් මාධ්‍ය තුළ ප්‍රකාශ වන ඕප දූප අසන විට අවශ්‍ය කාරණා සහ
අනවශ්‍ය කාරණා අවබෝධ නොකරගෙන සියලුම දේ තමාට අදාළ කරගැනීමට උත්සාහ කරයි.තමාට අදාළ ද
නැතිද යන වග තෝරා ෙබිරානොගෙන විග්‍රහ කිරීමට යාම තුළ ගෙදර සියලු දෙනාම අවුලකට
පැටළෙයි. ඇතැම් අවස්ථාවල ප්‍රවෘත්ති සඳහා ඉදිරිපත් කරනු ලැබූ වැදගත් නොවන දෙයක්
ගෙදර තුළ විග්‍රහ කිරීමට යාමෙන් ගෙදර අවුල් විය හැකිය.අනවශ්‍ය කාරණා ප්‍රකාශ කිරීමට
යාම තුළ අම්මාගේ තාත්තාගේ ආධිපත්‍ය ගිලිහී යයි. ආධිපත්‍ය රැකගැනීමේ එක උපාය
මාර්ගයක් ලෙස නිතර කතාබහ කිරීම දැකිය හැකිය. තමා කතා කරනු ලබන කාරණා අදාළ නොවන
අනවශ්‍ය කාරණාවක් නමි, ආධිපත්‍ය ගිලිහීයාමටත් එම කතාවම බලපානු ලබයි. අපගේ අදහස
නිවැරැදිව සමාජයට දීමට අප අනුගමනය කරනු ලබන්නේ කතාව සේම ඇතැම් විට පුද්ගලයන්ට අප
එපාවනුයේද එම කතාවම විය හැකිය.
එනිසා බුදුරජාණන් වහන්සේ අවබෝධය වැදගත් වන බව දේශනා කර ඇත.කුමන දෙයටත් වඩා අවබෝධය
වැදගත් වෙයි. අවබෝධය යනු තැනට ගැලපෙන ආකාරයට ජිවත් වීමයි. මවක් නම් මාතෘත්වය රැකගත
යුතුය. අපගේ සංස්කෘතිය තුළ අමුතුවෙන් සිතමින් වැඩකටයුතු කිරීමට අවශ්‍ය වන්නේ නැත.
සංස්කෘතියක් තිබෙන රටක එම සංස්කෘතිය විසින් එම සංස්කෘති තුළ ජීවත් වන පුද්ගලයන්ට කළ
යුතු නොකළ යුතු කාර්යයන් පිළිබඳව ප්‍රකාශ කර ඇත. එම පුද්ගලයන්ට අමුතුවෙන් සිතමින්
වැඩකිරීමට නොව සංස්කෘතිය විසින් ප්‍රකාශ කර ඇති පරිදි කටයුතු කළ හැකිය.
සංස්කෘතියක් නොමැති මිනිසුන්ට තමන්ට සිතෙන සිතෙන ආකාරයට කටයුතු කළ හැකි වුවද,
සංස්කෘතියක් තිබෙන මිනිසුන්ට එවැනි ආකාරයෙන් කටයුතු කළ නොහැකිය. සිංහල සංස්කෘතිය
තුළ මවක විසින් කළ යතු කාර්යයන් මෙන්ම නොකළ යුතු කාර්යයන් කොටසක්ද ඇත. දරුවෙකු
විසින් ළමා විය තුළ කළ යුතු සහ නොකළ යුතු වැඩ කොටස පිළිබඳව සංස්කෘතිය විසින්
ප්‍රකාශ කර ඇත. ස්වාමීන් වහන්සේලා විසින් කළ යුතු නොකළ යුතු වැඩ කොටසක් සංස්කෘතිය
විසින් දක්වා ඇත. කළ යුතු වැඩ කොටස පමණක් ඔවුන් කරනවා නම් සංස්කෘතිය විසින් ඔවුන්ට
ආශිර්වාද කරනු ලබයි.
-
හේමමාලා රන්දුනු |