පළමු දම් දෙසුම
ඉසිපතනේ මිගදායේ ල වැලි තලේ
දම්සක් පවත් සුමදුර හිමි දෙසන වෙලේ
ඇසළ පුරා සඳ නිලඹර නැගෙන වෙලේ
නැගෙන සාධු නද අද යළි සවන දැනේ
නෙක නෙක මල් පිපී තුරුලිය නැළවෙන්ට
මුවපොවු සා පැටව් දහමින් සැනසෙන්ට
කළගුණ දම් මෙනෙහි කොට පස්වගයන්ට
බුදු හිමි දහම් දෙසුවා නිවනට යන්න
එස්.කේ. නවාංජනා සිතුමිනි
8 වසර,
ඉසිපතනාරාම දහම් පාසල,
මාතර. මැද්දවත්ත.
ගෝතමියකගෙ තතු
දරු සෙනෙහස උතුරා යන හදකිනි ඇය වැලපෙන්නේ
දරු පැටියා මව් තුරුලේ ජීවිත හැර සැතපෙන්නේ
දුක ඉවසනු බැරිවයි ඇය බුදු සමිඳුට අයදින්නේ
පුතු දිවියෙන් සමුගෙන මුත් ඇය නෑ ඒ බව දන්නේ
පුංචි පුතුගෙ ජීවිතයයි මවු කෙනෙකුට රජයන්නේ
පුතු උකුලේ සඟවාගෙන ඇය දිවියයි අයදින්නේ
පුතුගෙ දිවිය මරුගෙ තුරුලෙ සිහිසුන් වී සැතපෙන්නේ
මෑණියන්ගෙ පුංචි බිළිඳු මව් ඇකයෙන් ගිලිහෙන්නේ
මේ ලෝකයෙ උතුම් රජුය බුදු නාමෙන් වැඩ ඉන්නේ
බුදු සමිඳුගෙ දම් අරුතිනි පුතු මියගොස් බව දන්නේ
සිදු වූ දෙය අබ ඇටයක් උපමා කොට පවසන්නේ
මරණය අපෙ උරුමය බව ගෝතමියට වැටහෙන්නේ
එම්.ආර්. හංසනී තක්ෂිලා ධර්මසේන
වැලිපතයාය
නොනිමි පිදුම් ලද සිරිමහ බෝධිය
දෙදහස් පන්සිය වසරක් ගෙවුනද මෙතුවක් වැජඹෙන සිරිමහ බෝධිය
පන්දස් වසරක් ආයු ලබන බැව් තිර ලෙස සහතික සිරිමහ බෝධිය
වස් දොස් දුරු කර සැමට පිහිටවන දිවමන් බුදුරුව සිරිමහ බෝධිය
සුවහස් දහසක් නොනිමි පිදුම් ලැබ ලක්බිම සුරකින සිරිමහ බෝධිය
බෝසත් පෙරුම් දම් නිමකල දා සතුටු
මරසෙන් පරදවා වැඩහුන් රැය ඇසටූ
රුක් මුල බුදු පදවි ලත් බෝධිය පෙරටු
නිවන් මඟ පසක් උතුමෝ ලොවට දෙටූ
බුදුවස් දෙසිය තිස් හය වෙනි වසරේ
පෑතිස් නරනිඳුගෙ ඇරයුම සේ සපිරේ
දම්සෝ නිරිඳු, සඟමිත් තෙරණිය සහරේ
වැඩම වීය ජය සිරිමහ බෝ අකුරේ
සිරිලක් දිව උතුරු කොනේ දඹකොළ පටුනේ තොටුපල
යොදුන් ගණන් මඟ සරසා සිටුවා සිව් දිග රැකවල
පෑතිස් රජු කරවටයක් කරදිය බැස ගත් සවිබල
හිසින් දරා වැඩමෙව්වා වඩනට ලක්දිව බොදු බල
බෝ සමිඳුන් වැඩමවනා පෙරහර මහ තන්තිරි මල
රැයක් ගෙවා රජපෙරහර අනුරපුරට වැඩමෙව් කළ
සදහම් පහසින් පුද ලද මහමෙව්නාවේ බිම් පල
ජයසිරිමා බෝ සමිඳුන් වැඩ හිඳුවා උස් මලු තල
එදා පටන් මේ දක්වා පුද ලබනා බෝධි සාදු
ලොවේ සැමට සෙත සලසා පිං වඩනා බෝධි සාදු
ඔබ අප සැම බුදුන් දකින ලෙසින් වඳින බෝධි සාදු
නිවන් දකින තුරු පුදනට වරම් ලබමු බෝධි සාදු
බදුල්ලේ රඛිත හිමි
ශ්‍රී බෝධිලංකාර මූලික පිරිවෙන,
කඳසුරිඳුගම
රජමාවත. කතරගම
පවට බිය වෙමු
ලෝකයේ ජීවත්වන සියලුම මිනිසුන් ශිෂ්ට සහ අශිෂ්ට යනුවෙන් කොටස් දෙකකට බෙදා වෙන් කළ
හැකිය. ඉන් ශිෂ්ට ගණයට අයත් මිනිසුන්ගෙන් රටට,ජාතියට, භාෂාවට, ආගමට හා සමාජයට හොඳක්
මිස අවැඩක් විනාශයක් සිදු නොවේ. ශිෂ්ටයා යනු හික්මුණු තැනැත්තාය. එනම්
සිල්වතාය.සිල්වතා ළඟ හිරිඔතප් හෙවත් ලජ්ජා භය පවතියි. පාපයට ඇති ලජ්ජා, භය නිසා
සිතෙන් ,කයෙන්, වචනයෙන් පව් රැස්කර නොගනී. නිතරම තමාටත් අනුන්ටත් සෙතක් වනු පිණිස
කටයුතු කරන ශිෂ්ට පුද්ගලයා ලොවට ශාන්තියකි. ‘අශිෂ්ට ගති ඇත්තා නම් නොහික්මුණු
තැනැත්තාය. ඔහු නිතරම පව් රැස් කර ගනී. කාය, වාග්, මන යන තිදොරින් නූපන් අකුසල් පවා
රැස්කර ගන්නේද එවැනි පුද්ගලයාය.දේව ධර්මය හෙවත් හිරිඔතප් නැති ඔහු රටටත්, ජාතියටත්,
ආගමටත්, භාෂාවටත්, සමාජයටත්, පරිසරයටත් කරදරයකි. ශිෂ්ට සම්පන්න සමාජයක් සඳහා සීලය
අවශ්‍යමය. සතුන්මැරීම, සොරකම් කිරීම, බොරුකීම, මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම ආදිය
නිසා තමාටත් සමාජයටත් විනාශයක් සිදුවෙයි. ජාතිය කුමක් වුවද ආගම කුමක් වුවද ඉහත කී
පංච දුශ්චරියාවෙන් ඈත්ව ජීවත් වන්නේ නම් ඔහු හෝ ඇය සමාජ හිතකාමියකු වන්නේය.
එවැන්නන් ගෙන් පිරි සමාජය ශිෂ්ට සම්පන්න සමාජයක් වන්නේය. සාමය, සමගිය,සතුට
හික්මීමක් ඇති අය නිසාම ඇතිවේ. නොහික්මුණු අය නිසා රටත්, ජාතියත්, සමාජයත් වැනසී
යන්නේය. බෞද්ධයන්ගේ පරමාර්ථය කෙලෙස් නසා සසරින් මිදීමය. කෙලෙස් නැසීම එකවර කළ
නොහැක්කකි. කෙලෙස් තැවීමට තපෝගුණයෙන් යුතු සීලය අවශ්‍ය වන්නේය. පන්සිල්, අටසිල්,
දසසිල් ආදි සීලයන් එකී කෙලෙස් තැවීමේ ශක්තිය ලබා දෙන්නේය. සම්පූර්ණ කෙලෙස් ප්‍රහීණය
විදර්ශනා ප්‍රඥාවෙන් සිදු වන්නේය. එම විදර්ශනා ඥානය ලැබීමට සමාධිය උපකාර වේ. මේ
අනුව සීලයෙන්, සමාධියත්, සමාධියෙන් , ප්‍රඥාවත්, ප්‍රඥාවෙන් කෙලෙස් ප්‍රහීණ කිරීමත්
එයින් සසරින් මිදීමත් සිදුවෙයි.
ලත්පඳුරේ හේමරතන හිමි
ශ්‍රී ලංකාතිලක මූලික පිරිවෙන,
කෙසෙල්වත්ත,
පානදුර.
2016 දහම් පාසල් සිසු නිපුණතා තරගයෙන් විශිෂ්ට ජයග්‍රහණයන් හිමිකරගත් පන්නල හැඟව
ශ්‍රී සෝමානන්ද දහම් පාසලේ සිසු සිසුවියෝ ප්‍රධානාචාර්ය ශාස්ත්‍රවේදී මාරස්සන
මහින්ද හිමියන් සමඟ ඡායාරූපයකට මුහුණ දුන් අයුරු. ඒ.කේ.ටචිනි අංජනා, එච්.එම්. සචිනි
ලක්ෂිකා, එල්.ඒ. විහංගි තාරිකා, ආර්.එම්. සවිදු අනුවින්ද, ඊ.එම්. චමිදු ලහීෂ යන
සිසුදරු දැරියෝද මෙහි වෙති.
පරගම්මන – නන්ද
|