කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මාශෝක නාහිමි
දෙහිවල නව පොළොන්නරු ගල් විහාරාධිපතිව වැඩසිටි කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු
කථිකාචාර්ය ආචාර්ය කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මාශෝක නාහිමි අපවත්වීමෙන් සිව් වසරක්
ගතවීම නිමිත්තෙන් ගුණසමරු පින්කමක් දෙහිවල නව පොළොන්නරු ගල් විහාරයේ දී පැවැත්විණි.
නොවැ. 26,27 දෙදින සිදු කෙරුණු මෙම ගුණ සැමරුම තත් විහාරධිපති ත්‍රිපිටකවේදී ,
ශාස්ත්‍රපති, හැව්ඕවිට ගුණානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් සීල භාවනා සංවිධානයේ
සංවිධායකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබිණි.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුවේ කණුමුල්දෙණියේ එවකට ගම්පති ධුරය දැරූ
ඩී.ජේ. ලියනආරච්චි රාළහාමිගේ සහ දෝන ගිමාරා රුවන්පතිරණ මාතාවගේ පුත්‍රයෙකු ලෙස 1952
අපේ‍්‍රල් 16 වැනිදා ධර්මාශෝක නාහිමි ජන්මලාභය ලැබීය. දකුණු කණුමුල්දෙණිය රජයේ
විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලත් අතර 1965 අගෝස්තු 15 වැනි දින මාතර මහා
මන්තින්ද පිරිවෙන් විහාරස්ථානයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් විය. එහි දී
ධර්මාශෝක හිමියන්ගේ ආචාර්යපාදයන් වහන්සේ වූයේ කඹුරුපිටියේ ශ්‍රී බෝධිගුත්ත
නාහිමියන්ය.
මාතර මහාමන්තින්ද පිරිවෙනින් මූලික හා මහපිරිවෙන් අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ 1973 දී
මහනුවර මල්වතු මහාවිහාරිය මංගල උපෝසථාගාරයේදී උපසම්පදා සම්පත්ති ප්‍රතිලාභය ලැබූහ.
එහිදී කඹුරුපිටියේ බෝධිගුත්ත නාහිමි හා දෙහිවල නැදිමාල සිරි දුමින්දාරාමාධිපති
මාරාගොඩ සද්ධානන්ද නාහිමි ආචාර්යත්වය දැරූහ.
අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨයට ඇතුලත්ව එහි පස් අවුරුදු උපාධි පාඨමාලාව පන්ති
සාමාර්ථයක් ද සහිතව ත්‍රිපිටකවේදී උපාධිය ලබා ගත්හ. විද්‍යාලංකාර විශ්ව
විද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධියද, කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති හා
දර්ශනපති උපාධියද මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනේ ත්‍රිපිටක පරික්ෂණවලට පෙනී සිට
විනයාචාර්ය , සද්ධර්මාචාර්ය ආදි ත්‍රිපිටක උපාධිද ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ විභාගද
කොළඹ ඇක්වයිනාස් ආයතනයේ ඉංගී‍්‍රසි භාෂා ඩිප්ලෝමාව ද ලබාගත් ධර්මාශෝක නාහිමි 1988
දී කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ කථිකාචාර්යවරයෙකු ලෙස තේරී
පත් විය. වසර පහක් එහි සේවය කොට ඉක්බිතිව විදේශ ධර්ම දූත සේවය වෙනුවෙන් කැප වී යළි
දිවයිනට පැමිණ 1994 දී අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨයේ කථිකාචාර්ය හා විනයපාලක
ධූරය දැරීය.
දෙහිවල නැදිමාල සිරි දුමින්දාරාමයේ අභිනවයෙන් පොළොන්නරු, ගල්විහාර, ආකෘතියක්
ගොඩනංවා එම විහාරස්ථානය ‘නව පොළොන්නරු ගල් විහාරය” නමින් ලෝ පතල කරවීමට කටයුතු
කිරීම ධර්මාශෝක නාහිමි සිදුකළ විශිෂ්ඨ සේවාවකි.
ලෝක බෞද්ධ සංඝ සම්මේලනය , තායි ලංකා මිත්‍රත්ව සංගමය, ඉන්දියානු මහාබෝධි සංගමය
අන්තර් ජාතික විහාර පදනම ඇතුලු දේශීය හා විදේශීය සංවිධාන රැසක නිලතල හා සාමාජිකත්වය
දැරූ ධර්මාශෝක නාහිමියෝ තායිලන්තයෙන් විශේෂිත වූ සංඝනායක පදවියකින්ද පිදුම් ලැබීය.
ඉදිරි ලෝක ශාසනික සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යාමට සමත් අමෙරිකාවේ නිව්යෝර්ක් බෞද්ධ
විහාරය කේන්ද්‍රකර ගනිමින් ඉතා දිගුකලක් ධර්ම දූත සේවාවේයෙදී සිටි ත්‍රිපිටකවේදී,
ශාස්ත්‍රපති හැව්ඕවිට ගුණානන්ද හිමි ප්‍රමුඛ දැන උගත් කීර්තිධර ශිෂ්‍ය පිරිසක්
සසුනට දායාද කිරීම ධර්මාශෝක නාහිමියන්ගේ සේවාවන් අතර වඩාත් කැපී පෙනෙයි.
2012 නොවැ. 24 වැනි දින අපවත් වී වදාළ අචාර්ය කණුමුල්දෙණියේ ශ්‍රී ධර්මාශෝක නාහිමි
සිව්වැනි ගුණ සැමරුම නිමිත්තෙන් නොවැ. 26 ප.ව. 6.00 ට අටවිසි බුද්ධ පූජාවද රාත්‍රී
7.30 ට දිවියාගහ යසස්සි නාහිමියන් විසින් පවත්වනු ලබන ගුණසමරු ධර්ම දේශනය ද, නොවැ.
27 දහවල් මහා සඟසතු දානමය, පින්කමද පැවැත්වීමට නියමිතය.. දෙහිවල නව පොළොන්නරු ගල්
විහාරාධිපති හැව්ඕවිට ගුණානන්ද හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ සීල භාවනා
සංවිධානයේ මෙහෙයවීමෙන් පින්කම් මාලාව සිදු කෙරිණි.
ඌරුගමුවේ අස්සජි හිමි
දික්වැල්ලේ සුගතවංශ හිමි
කොළඹ කුප්පියාවත්ත ශ්‍රී ජයශේඛරාරාම පුරාණ විහාරයෙහි වැඩසිට අපවත් වී වදාළ
කෘත්‍යාධිකාරි බුද්ධ ශාසන කීර්ති ශී‍්‍ර විනයාචාර්ය දික්වැල්ලේ සුගතවංශ නායක
ස්වාමින්ද්‍රයන් වහන්සේ.
1930 සැප්තැම්බර් 26 දා පින්වත් කුමරෙකු ලෙස මෙලොව එළිය ලැබීය. ජාසින් අප්පු උපාසක
මහතා සහ දඩල්ලගෙ හින්නිහාමි උපාසිකා මෑණියෝ මෙම වාසනාවන්ත දරුවාගේ මව්පියන්ය. කේ.
සාර්ලිස් නමින් එම දරුවා හැඳින්විය.
මූලික අධ්‍යාපනය බතීගම මහා විදුහලෙන් ලැබූ අතර දරුවා පැවිදිවීමට සිය කැමැත්තෙන්ම
ඉදිරි පත්වීම නිසා මව්පියන් බතීගම දීඝවාලුකාරාමාධිපති දික්වැල්ලේ සංඝතිලක මහා නායක
ස්වාමින් වහන්සේට එම දරුවා භාර කළහ. සාමණේර වත්පිළිවෙත් හදාරා 1940 දී දික්වැල්ලේ
සුගතවංස නමින් පැවිද්ද ලැබූහ. දීඝවාලුකාරාමාධිපති දික්වැල්ලේ සංඝතිලක මහානාහිමියන්
සුගතවංස හිමිගේ ආචාර්යවරයා විය.
උසස් අධ්‍යාපනය සඳහා කොළඹ විද්‍යෝදය පිරිවෙනේ උගත් මහා තෙරුන් වහන්සේලා යටතේ ඉගෙනුම
ලබන වකවානුවේ වැඩ සිටියේ කුප්පියාවත්ත ජයශේඛරාරාමයේ නේවාසිකවය. එදවස තලල්ලේ
ධම්මානන්ද නාහිමි, කොස්ගොඩ ධම්මවංස මහා නාහිමි, වැනි ශ්‍රේෂ්ඨ යතිවරුන් පා සෙවනේ
අධ්‍යාපනය හදාරන කාලයේදී උපසම්පදාව ලැබීමට වයස එළඹී තිබූ බැවින් 1950 දී දික්වැල්ලේ
සංඝතිලක නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් උපසම්පදාව වූහ.
රත්මලානේ භික්ෂු අභ්‍යාස විද්‍යාලයේ සුවිශේෂ ශිෂ්‍ය නායකයා වීමේ භාග්‍ය ලැබූහ. 1961
අග භාගයේදී තම ගුරු දේවයන් වහන්සේ වන දික්වැල්ලේ සංඝතිලක ස්වාමින්ද්‍රයන් වහන්සේ
අපවත් වූ සේක.
උන්වහන්සේ වසර අසූහයක් (86) ආයු වළදා 2016 බිනර මස 30 දා අපවත් වී වදාළ සේක.
දික්වැලලේ සුගතවංස ස්වාමින්ද්‍රයන් වහන්සේට අජරාමර නිවන් සුවය අත්වේවා!!!
කුමාරි කුමාරසිංහ තෙන්නකෝන්
කැලණිය
අම්බලන්ගොඩ සිරිනන්ද හිමි
අම්බලන්ගොඩ සුභද්‍රාරාම පුරාණ මහා විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී අම්බලන්ගොඩ
සිරිනන්ද හිමියන්ගේ සැට වැනි වියත්, සසුන් පැවිදි දිවියෙහි පණස් වසරක් සපුරන
මෙසමයෙහි උන් වහන්සේ පිළිබඳ සටහනක් ලියාතැබීම යුතුකමක් සේ හඟිමු.
අම්බලන්ගොඩ, පටබැඳිමුල්ල, කන්දමාවතේ එම්.ඩබ්.ඩේවිඩ් සිල්වා මහතා හා ටී.ලීලාවතී
මාතාවගේ පුත්‍ර රත්නය ලෙස 1956 දෙසැම්බර් 22 වන දින ‘සිරිසේන’ නමින් මෙලොව එළිය
ලැබීය. නිසි විය එළැඹි කළ සිරිසේන දරුවා අධ්‍යාපනය සඳහා අම්බලන්ගොඩ ධර්මාශෝක
විද්‍යාලයට භාර කැරිණි. ඉගෙනුම් කටයුතුවලට නොමැළිව සිත් දුන්නද ඔහුගේ රුචිය වැඩිපුර
රැඳුනේ සසුන් පිළිවෙත් කෙරෙහිය. එහි ප්‍රතිඵලය වසර නවයක් සම්පූර්ණ වන්නටද මත්තෙන්
ඔහු අම්බලන්ගොඩ සුභද්‍රාරාමයට පැමිණීමයි. 1966 නොවැම්බර් 26 දා අම්බලන්ගොඩ
චන්ද්‍රසිරි හිමියන්ගේ ආචාර්යත්වයෙන් සිරිසේන දරුවා ප්‍රව්‍රජ්‍යා භූමියට ප්‍රවිෂ්ට
විය.සිරිනන්ද හිමියෝ ස්වකීය ආචාර්යපාදයාණන් යටතේ විහාරස්ථාන-යෙහිදීම ධර්මශාස්ත්‍ර
ග්‍රහණය කරමින් පිළිවෙළින් අම්බලන්ගොඩ විද්‍යාලෝක, මීටියාගොඩ පුෂ්පාරාම සහ බද්දේගම
රතනසාර පිරිවෙන් වෙතින් ඉගෙනුම සපුරාලූහ. 1977 දී උන්වහන්සේ උපසම්පදාව විය.
කොළඹ සරසවියට පිවිසි ඒ හිමියෝ ඉන් නික්ම තෙවසරකින් හම්බන්තොටට ප්‍රථම ගුරු පත්වීම
ලැබූහ. 1991 දී ස්වකීය විහාරස්ථානයට වැඩම කළහ.
ඒ වන විට ගරා වැටී තිබුණු බෝධි ප්‍රාකාරය වෙනුවට නව පවුරක් ඉදි කිරීම මෙහිදී
හිමියන්ගේ මූලිකම කාර්යයක් විය. බෙහෙවින් අබලන්ව පැවැති බුදු මැදුර වසර හතර හමාරක
පරිශ්‍රමයකින් ප්‍රතිසංස්කරණය කිරීමට උන්වහන්සේට හැකි විය. චෛත්‍යයද පිළිසකර
කැරැවිණි. නව ධර්ම මන්දිරයක් ඉදි කරවීමත්, විහාරස්ථානයට පුළුල් ප්‍රවේශ මාර්ගයක්
තැනැවීමක් කෙරෙහිද මෙසමයේ උන්වහන්සේ යොමු වූහ. විහාරස්ථානයේ සියලු විහාරාංග
ප්‍රතිසංස්කරණය කරවන ලදී. තවත් වසර ගණනාවක් ඉතිරිව තිබියදී වසර 53 සම්පූර්ණ වනවාත්
සමගම සිරිනන්ද හිමිපාණන් තමන් බෙහෙවින් කැප වී සිටි ගුරු සේවාවටද නොකල්හිම සමු
දුන්නේ විහාරස්ථානයේ අභිවෘද්ධියට පූර්ණකාලීනව කැප වීමේ සද්චේතනාවෙනි.
අම්බලන්ගොඩ සිරිනන්ද හිමියන්ගේ වෘත්තීය ජීවිතය පිළිබඳව මඳක් විමසතොත්, වලස්මුල්ල
හ/උතුරු කණුමුල්දෙණිය මහා විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස 05 වසරකුත්, පැරෑලියේ ජිනරතන
මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති, ලෙස 25 වසරකුත් උන්වහන්සේ සේවාව කළාහුය.
ගුරු සේවයෙන් වැටුප් ලෙස හා දාන පරිත්‍යාග වශයෙන් තමන් වෙත පිරිනැමුණු සෑම සතයක්ම
උන්වහන්සේ වැය කළේ සුභද්‍රාරාම පුරාණ විහාරයේ උන්නතිය පිණිස වෙයි.
2004 වසරේ වූ රුදුරු සුනාමි ව්‍යසනයේදී 3000 කට අධික පිරිසකට විහාරස්ථානය තුළ
රැකවරණය සලසමින්, සියලු කාර්යයන් හැකි ආකාරයෙන් ඉටුකර දුන්හ.
මේ වන විට උන්වහන්සේ විහාර භූමිය තුළ තෙමහල් ධර්ම මන්දිරයක් ඉදි කරවීමට කටයුතු අරඹා
ඇත්තේ ගම්වැසි දූදරුවනට ඉංගී‍්‍රසි භාෂාව සහ පරිගණක දැනුමත් පුස්තකාල පහසුකමත්
නොමිලයේම දානය කිරීමේ පින් සිතිවිල්ල පෙරදැරිවය. දැනටම එයින් දෙමහලක කටයුතු නිමව
ඇත්තේ බැතිමතුන්ගේ සිතට සතුට දනවමිනි.
තම පැවිදි දිවියේ පණස්වසර මෙමස 26 දිනදීත්, දිවිමගෙහි සැට විය දෙසැම්බර් 22 දිනදීත්
සපිරීම නිමිති කරගෙන ගැබිනි මව්වරුන් මව්වරුන් සඳහා 15,000 ක් වටින ද්‍රව්‍යමය/
මූල්‍ය පරිත්‍යාගයක් සිදුකිරීමටත් විහාරස්ථ ධර්ම විද්‍යාලයේ සිසු දරු දැරියන්ට
අභ්‍යාස පොත් කට්ටලය බැගින් හා නව පාසල්වාරයට සපත්තු හෝ පාසල් බෑගයක් මිලදී ගැනීම
සඳහා රු. 1250/- බැගින් පිරිනැමීමටත්, හැකි තරම් රෝද පුටු, කිහිලිකරු, සැරයටි,
ඇවිදුම් ආධාරක පරිත්‍යාගයටත් සිරිනන්ද හිමිපාණෝ අපේක්ෂා කර සිටිති. එසේම ඊට සමගාමිව
දන්ත සායනයකි. අක්ෂි සායනයක්, ආයුර්වේද වෛද්‍ය සායනයක් , බෝ නොවන රෝග සායනයක්, කටු
චිකිත්සා සායනයක් හා ලේ දන්දීමක් සංවිධානය කිරීමද උන්වහන්සේගේ අධිෂ්ඨානයයි. එසේම
ඉදිරි කාලය තුළ බෝධිපූජා, ධර්මදේශනා, සහ 75 නමන් විෂයයෙහි මහා සංඝගත දක්ෂිණාවක්
පැවැත්වීමටද නියමිතය.
පුරාණ සුභද්‍රාරාම මහා විහාරය, කරත්ත කන්ද, අම්බලන්ගොඩ යන ලිපිනයට යොමුවීමෙන්
විහාරාධිපති හිමිපාණන් සමඟ මේ පින්කම් සඳහා දායක වීමට ඔබ සැමට අවකාශය සැලසී ඇති
බවද, ප්‍රදේශවාසී බෞද්ධ ප්‍රජාව වෙනුවෙන් ගෞරව ශාස්ත්‍රවේදී අම්බලන්ගොඩ සිරිනන්ද
හිමිපාණන්ට නිදුක් නිරෝගී චිර ජීවිතය ප්‍රාර්ථනය කර සිටිමු.
අනෝමා ගමගේ |