Print this Article


සදහම් දැනුම

ප්‍රශ්නය

බුදු දහමට අනුව සමාජශීලී පුද්ගල නිර්මාණය විය යුත්තේ සමාජයීය මාධ්‍යයක් තුළදීමය. ඒ නිසාම පුද්ගල ජීවිත පැවැත්ම අන් අයගේ අගය වටිනාකම පිළිබඳ නිරතුරුවම සැළකිලිමත් විය යුතු යි. තම පෞරුෂයේ වටිනාකම නැතිනම් අගය පිළිබඳ හැඟීම උද්භව වන්නේ තමා වටා සිටින හා පවතින පරිසරය ඇසුරෙනි. කෙනෙකුගේ පෞරුෂය යන්න. බොහෝ දුරට ඔහු අවට ඇති පරිසරයේ ප්‍රතිඵලයකි. එම පරිසරයේම කොටසකි. සිඟාලෝවාද සූත්‍රයෙන් බුදුන්වහන්සේ අවධාරණය කරන යුතුකම් හා අයිතිවාසිකම් ප්‍රවණතාව හා ඉහත සඳහන් අදහස කෙතෙක් දුරට සමගාමී වන්නක්ද යන්න පැහැදිලි කරන්න.

පිළිතුර

සිඟාලොවාද සූත්‍රයෙන් බුදුරදුන් අවධාරණය කොට දක්වන්නේ යුතුකම්වලින් අයිතිවාසිකම් ගම්‍යමාන වන බවත් අයිතිවාසිකම්වලින් යුතුකම් ගම්‍යමාන වන බවත්ය. අපට ලැබෙන අයිතිවාසිකම්වලට කෘතගුණ පූර්වක ආකල්පයක් දක්වන්නේ නැත්නම්, දුදනන් සහ මෝඩයන් බහුල සමාජයක් බිහිවන ලකුණු පහළවන බවත් සමාජය සදාචාරාත්මක අගයෙන් පිරිහී පුද්ගල අගයද හින වී යන බවත් ය.

එයින් අදහස් වන්නේ සොබාදහම අප වෙත සාධාරණ අන්දමින් සලකන නිසා අප විසින්ද සොබාදහමට සාධාරණ අන්දමින් සැලකිය යුතු බව අවධාරණය කරන බවයි. ස්වභාව ධර්මය සමඟ කතාබහක් ඇති කරගත හැකි එකම මඟ නම් බුදුසමය බව විශ්වාස කරයි. මක්නිසාද යත් ස්වභාව ධර්මයාගේ ස්වභාවයට අනුකූලවීම සදාචාරය වන නිසාය.

ස්වභාව ධර්මය අප සාවද්‍ය විධියට පරිහරණය කළහොත් ඒ සඳහා අවිචාරවත්ව කටයුතු කළහොත් අපට දරුණු ප්‍රතිවිපාකවලට මුහුණදී දීමට සිදුවනු නොඅනුමානය. බුදු දහමට අනුව මෛත්‍රිය වනාහී සකල සත්ත්වයන් කෙරෙහිත් ස්වභාව ධර්මය කෙරෙහිත් පැතිරවිය යුතු දහමකි. බුදුසමය හුදු මානව හිතවාදී පමණක් නොවන බවත් එයින් ඔබ්බට ද ගමන් කරන බවත් මෙයින් පැහැදිලි වෙයි.

ප්‍රශ්නය

බුදුරජාණන් වහන්සේට ‘විජ්ජා චරණ’ සම්පන්නෝ යනුවෙන් බුදු ගුණයක් සුවිශේෂ වශයෙන් දක්වන්නේ උන්වහන්සේ ප්‍රඥාවෙන් මෙන්ම ශීලයෙන්ද සමන්විත හෙයිනි. පැහැදිලි කරන්න.

පිළිතුර

“සීලංනාම ආදිචරණං” බෞද්ධ පිළිවෙත්හි පළමු හැසිරීම සීලයයි. එය නිෂ්ටාවක් (අවසාන අරමුණක්) සාධනය කර ගැනීම සඳහා වූ මාධ්‍යයක් මිස අවසාන අරමුණක් නොවේ.

සීලය විසුද්ධි මාර්ගයෙහි පළමු පියවර පමණි. බෞද්ධයාගේ අරමුණ නිවන් පසක් කරගැනීමය. නිවන සිත හෙවත් නුවණ දියුණු කරගැනීමෙන් ප්‍රඥාව ලබාගත හැකිය. නිවන අවබෝධ කොට ගත හැක්කේ ප්‍රඥාවෙන් පමණක් නිසා සිත හික්ම වීමෙන් සමාධිගත කරගැනීමෙන් ප්‍රඥාව ලබාගත හැකිවන අතර කය, වචනය, හික්මවීමෙන් සිත සංවරකරගත හැකිය. ඒ සඳහා සීලය අවශ්‍ය වේ. බුදුදහමෙහි පදනම ශීලය වන අතර (මුදුන) නිමාව ප්‍රඥාවයි. පක්ෂියෙකුගේ පියාපත් යුවළමෙන් මේ දෙක අන්‍යෝන්‍ය ප්‍රතිබද්ධව ක්‍රියා කරන ගුණාංගයෝය. ප්‍රඥාව මිනිසෙකුට දෙනෙත් වැනිය. ශිලය දෙපා වැනිය. බුදුරජාණන් වහන්සේට ‘විජ්ජාචරණ සම්පන්නෝ’ යනුවෙන් සම්භාවන පද යොදන්නේ ප්‍රඥාවෙන් හා ශීලයෙන් ද සමන්විත වූ හෙයිනි.

ප්‍රශ්නය

විඤ්ඤාණය නිසා නාම රූප හටගනී. මෙම ප්‍රශ්තුතය යටතේ ගැඹුරු ධර්ම කරුණක් වෙයි. එහෙත් සරලව ධර්මානුකූලව විවරණයක් කළහැකියි. පැහැදිලි කරන්න.

පිළිතුර

නාම, රූප, ධර්මයන්ගෙන්, ගැණෙන්නේ ස්කන්ධ පංචකයයි.මෙයින් වේදනා, සඤ්ඤ, සංඛාරා, විඤ්ඤාණ යන ස්කන්ධ හතර ‘නාම’ ස්කන්ධ යන නමින්ද රූප ස්කන්ධය වශයෙන් කය (ශරීරය) හැඳින්වෙයි.

නාම ශබ්දය ‘නොයෙක් අතට නැමෙන’ යන අදහස නිසා නාමස්කන්ධයද නම්‍යසුලු ගතිය නිසා ඒ නමින් හැඳින්වෙයි. සුඛ, දුක්ඛ වශයෙන් පමණක් නොව කුසල අකුසල වශයෙන්ද නාමස්ඛන්ධය නොයෙක් අතට පරිවර්තනය වෙයි. රූප යන්න භෞතිකත්වය මත සකස් වූ ධර්මයක් නිසා ක්ෂණික පරිවර්තනයකි.

ප්‍රශ්නය

නීවරණ යනුවෙන් ධර්මයෙහි සඳහන් වන්නේ කුමක් ගැනද, විවරණයක් කරන්න.

පිළිතුර

නිවරණ (නි + වර් – අවුරන බාධා කරන වළකන) යනුවෙන් අභිවෘද්ධිය වළකන ස්වර්ග, මොක්ෂ මාර්ගයට බාධා කරන සිත ආවරණ කරන දේ වශයෙන් සැලකෙයි. නීවරණ පසෙකි. මේ පංච නීවරණයන්ගෙන් සිත ආවරණය වූ විට මෘදු නොවේ. කෙලෙසුන් දමනය කළ නොහැකි. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීන මිද්ද, උද්දච්ඡ, කුක්කුච්චය සහ විචිකිච්චාව ඒ පසයි.

පැවතුම් රටාවකි. මේවා අප්පමඤ්ඤ (අසීමිත නිමක් නැති) වශයෙන්ද හැඳින්වෙයි. එසේ වන්නේ අප්‍රමාණ වූ (අපරිමාණං) මුළු ලොව වසන සියලුම සත්ත්වයන් වෙත මෙත් සිතිවිලි පතුරුවා හරින හෙයිනි.

ප්‍රශ්නය

අංගුලිමාල සූත්‍රදේශනාවට අනුව ‘ආර්ය ජාතියෙහි උපත ලද පසු ඉතාම කුඩා ප්‍රාණියෙකුගේද දිවි තොර නොකළ පරම අහිංසකයෙකු වූ අංගුලි මාල සිය ගණන් මිනිසුන් මරා දැමුවේ අනාර්යව සිටියදීය. බුදුදහමට අනුව ආර්ය සහ අනාර්ය චර්යාමය ප්‍රමාණයන් උපයෝගී කොටගෙන බුදුදහම සමස්ත මානව වර්ගයා ආර්ය සහ අනාර්ය යන කොටස් දෙකකට බෙදා තිබේ. පැහැදිලි කරන්න.

පිළිතුර

දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාවට අනුව අනරියෝ අනත්ථ සංහිතො දුක්ඛෝ ආදී වශයෙන් අනාර්ය පිළිවෙත හීන, ග්‍රාම්‍ය පුහුදුන් මිනිසුන් විසින් සේවිතය. අනර්ථකාරීය. එසේම ආර්ය මාර්ගය අර්ථ සංහිතය ආර්යෝ යුගල වශයෙන් හතරක් ද පුද්ගලයන් වශයෙන් අටදෙනෙක් ද වෙයි. ඒ මෙසේ ය. සොතාපන්න මාර්ගස්ථ ඵල ස්ථ දෙදෙනාය. සකදාගාමී මාර්ගස්ථ හා ඵලස්ථ දෙදෙනාය. අනාගාමී මාර්ගස්ථ හ ඵලස්ථ දෙදෙනාය. අර්හත් මාර්ගස්ථ හා පලස්ථ දෙදෙනාය යනුවෙනි. මෙයින් රහතන් වහන්සේ (අරහත්ත) නිමකළ (කතකිච්ච) ගෙයක් අශේක නමින්ද ඉතිරි සත්දෙන හික්මෙන අවස්ථාවක පසුවන හෙයින් ‘සෙඛ’ නමින්ද හැඳින්වෙති.