Print this Article


ගුණවතුන්ගේ ගුණවතුන්ගේ වචනයදෙවිවරුනට පවා ඉක්මවිය නොහැකිය

ගුණවතුන්ගේ වචනය දෙවිවරුනට පවා ඉක්මවිය නොහැකිය

දිව්‍ය ලෝක අතරින් මිනිස් ලොවට ළඟින්ම චාතුර්මහාරාජිකය පිහිටා තිබෙන අතර දෙව් ලොවට අධිපති දෙවිවරු සතර දෙනෙක් වන නිසා එම දෙවිලොව චාතූර්මහාරාජිකය ලෙස හඳුන්වනු ලබයි.මහා සමය සූත්‍රයෙහි සඳහන්ව ඇති පරිදි දෙවිවරු සතර දෙනා ප්‍රධාන දිශා හතරට අධිපති වෙති.

නැගෙනහිර දිශාවට අධිපති ධ්‍රෘතරාෂ්ට වන අතර මොහුගේ පිරිවර ගාන්ධර්වයන්ගෙන් සමන්විත වෙයි.දකුණු දිශාවට අධිපති විරූඪ වන අතර මොහුගේ පිරිවර කුම්භාණ්ඩයන්ගෙන් සමන්විත වෙයි. බස්නාහිරට අධිපති විරූපාක්ෂ වන අතර මොහුගේ පිරිස නාගයන්ගෙන් සමන්විත වෙයි.උතුරට අධිපති කුවේරයාගේ පිරිස යක්ෂයන්ගෙන් සමන්විත වෙයි. තවිතිසා දේවසභාවට ලෝකයෙහි හොඳ නරක පිළබඳව වාර්තා සැපයීම මෙම දෙවිවරුන්ගේ ප්‍රධානතම කර්තව්‍යයකි.

”අථ ඛෝ භන්තේ භගවා යේනත්ථෙන දේවා තාවතිංසා සුධම්මායං සහායං සන්නිසින්නා හොන්ති සන්නිපතිතා තං අත්ථං ච්න්තයිත්වා තං අත්ථං මන්ථතයිත්වා මුත්වවනා නාමිදං චත්තාරෝ මහාරාජානෝ තස්මිං අත්ථෙ හොන්ති”ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස , යම් අදහසකින් තව්තිසා දෙවිලොව වැසියෝ සුදමි සභාවෙහි එක්ව හුන්නාහුද,එක්ව රැස්වුවාහුද,ඒ අදහස් සිතා ඒ අදහස් සාකච්ජා කොට සිව්වරම් දෙවිවරු කියන ලද විවිධ අර්ථයෙන් අනුශාසනා ඇත්තාහු එම අදහස්හිම පිහිටියාහු වෙති. මාසයෙහි අට වන පොහොය දින සතරවරමි දෙවිවරුන්ගේ ඇමතිවරු මනුෂ්‍ය ලෝකයට පැමිණ ගුණධර්ම ආරක්ෂාකරමින් ජීවත් වනවාද?අධාර්මිකව ජීවත්වනවාදැයි සොයා බලති.මිනිසුන් කෙතරම් දුරට කරුණා මෛත්‍රියෙන් යුක්තව දෙමවිපියනට ඇප උපස්ථාන කරමින් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට ගරු කරමින් ,වැඩිහිටියනට උපහාර දක්වමින් ජීවත් වන්නේද? යන්න පිළිබඳවයි. “අට්ඨමියං භික්ඛවේ චතුන්තං මහාරාජානං” යන ගාථවෙහි සඳහන් වන පරිදි පසළොස්වක දිනට පෙර දින සතර වරමි දෙවිවරුන්ගේ ඇමතිවරු පැමිණ කරුණු සොයන අතර පසළොස්වක පොහොය දින සතරවරම් දෙවිවරුම පැමිණෙති. මෙසේ පැමිණ දැනගනු ලබන තොරතුරු තව්තිසාවෙහි සුධම්මා නමි දේවසභාවට දන්වමින් සතුටට පත්වෙති. මිනිසුන් වැඩි වශයෙන් පින්දහමි කරමින් සිට මරණයට පත්වූ පසු දෙවියන් වශයෙන් ඉපිද දේව සමූහයා වර්ධනය වීම සතුට හේතු වෙයි.

චතුද්දීසං භික්ඛවේ යන ගාථාවෙහි සඳහන් වන ආකාරායට අනුව මනුෂ්‍ය ලෝකය තුළ කරනු ලබන පින්කමි දේවත්වයක් ලැබීමට හේතුවක් වුවත්, චාතුර්මහාරාජිකයෙහි උපත ලැබීමට හේතුවනුයේ මරණින් මතු සැප බලාපොරොත්තුවෙන් දන් දීමයි.

“තත්‍ර සාරිපුත්ත ස්වායං සාපේඛො දානං දේති පට්ටබද්ධ ච්ත්තෝ් දානං දේති” යන ගාථාවෙහි සඳහන් වන පරිදි දන් දී පසුව එහි ප්‍රතිඵල විඳීමියි යන අදහසින් දන් දීම නිසා මරණින් මතු චාතූම් මහාරාජිකයෙහි උපත ලබා එම පින දුර්වල වී ගිය පසු නැවත මිනිස් ලොවම උපදිති. චාතුම්මහාරාජික දෙවිලොව වසන අන් දෙවිවරුනට වඩා සතර වරම් දෙවිවරු කාරණා කිහිපයක් නිසා ප්‍රමුඛත්වයක් උසුලති. අනෙකුත් දෙවිවරුනට වඩා පින් කර තිබීම එයට හේතුවෙයි.

‘තත්‍ර භික්ඛවේ චත්තාරෝ මහාරාජානෝ දානමයං පුච්චකිරිියවත්ථුං’ යන්න මහණෙනි,සිවි වරම් රජ දරුවෝ දානමය පුණ්‍ය ක්‍රියා වස්තුවට අතිරේකව සීලමය පුණ්‍යක්‍රියා වස්තුවට අතිරේකව කොට දිවම්‍ය ආයුෂය, වර්ණය, සැපය, යසස, ආධිපත්‍යය, රූපය ආදී කරුණු දහයෙන් චාතුර්මහා රාජිකය මැඩපවත්වා සිටිති.

ගුණවතුන්ගේ වචනය දෙවිවරුනට පවා ඉක්මවිය නොහැකියි

අනේපිඩුසිටුතුමාගේ සත්මහල් ප්‍රාසාදයෙහි හතර වන දොරටුවට අධිගෘහිතව සිටි මිසදිටු දේවතාවෙක් අනේපිඩු සිටුවරයාගේ නිවසට නිතර පැමිණෙන භික්ෂූන් වහන්සේ මහත් කරදරයක් ලෙස සලකා සිටුතුමාට කියා සිටියේ නිතර නිතර භික්ෂූන් වහන්සේලා වැඩමවා දන් දී දුප්පත් නොවන ලෙසය. සිටුවරයාගේ පිළිතුර වූයේ ගෘහයෙන් පිටව යන ලෙස නියෝග කිරීමයි. සෝවාන් ඵලයට පැමිණ සිටි සිටුතුමාගේ වචනයට එම දේවතාවාට පිටුපා සිටිය නොහැකි වූ බව එම සූත්‍රය සඳහන් කරයි. මෙයින් විස්තර වන ආකාරයට ආත්ම ශක්තිය ඇති ගුණවතුන්ගේ වචනය සාමාන්‍ය දේවතාවන්ට පමණක් නොව ශක්‍රයාට හෝ ඉක්මවිය නොහැකිය.

සුබ්‍රහ්ම දිව්‍ය පුත්‍රයා තමා සමඟ එවකට සිටි පන්සියයක් අප්සරාවන්ගේ හදිසි වියෝව තදබල කම්පනයට පත් වූවා පමණක් නොව තව සතියකින් තමාද අනෙක් අප්සරාවන් ද ආයු සංස්කාරය හරින බව දැන දැඩි ශෝකයට පත්ව සෝ දුක නිවාගනු පිණිස බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියේය. මේ පුවතින් පැහැදිළි වන්නේ දෙවියන් අතර පවා මරණබියෙන් ඇතිවන දුක කෙතරම්ද? යන වගයි.

වන ලැහැබ්හි අධිගෘහිත ඇතැම් දේවතාවන් සිල්වත් භික්ෂූන්ට හරසර දැක්වීමට උත්සාහ දැරූ ආකාරය වන සංයුත්තයේ සඳහන් වෙයි. කෝසලයෙහි එක්තරා වන ලැහැබක වස් විසූ භික්ෂුන් වස්සාවසානයෙහි එයින් ඉවත්ව ගිය විට එහි අධිගෘහිත දේවතාවා උන්වහන්සේ් දක්නට නැති බැවින් හඩා වැලපුනේය. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය සම්පූර්ණ වුයේ දෙවියන් ඉක්මවා යන අෂ්ටාකාරවූ ඤාණය ලැබීමෙන් අනතුරුවය. අංගුත්තර නිකායෙහි අට්්ඨක නිපාතයෙහි සඳහන් එම උත්තර මනුෂ්‍ය ඥාන අට තුළින් බුදුන්වහන්සේ දෙවියන් පිළිබඳව නිවැරැදි දැනීමක් ලබා ඇති බව පැහැදිළිය. චතුර්ථධ්‍යානය ලබා ගැනීමෙන් අනතුරුව ලබාගත හැකි අතිරේක ප්‍රතිලාභයකි.

බුදුරජාණන් වහන්සේද දෙවියන් සමඟ සාකච්ජා කොට ඇත්තේද,රාත්‍රියෙහි සහ දහවල ධ්‍යානගතව සිටින අවස්ථාවලදීය. කණ්ණකත්ථල සංහාරව වැනි සූත්‍රවලද දෙවියන් පිළිබඳව බුදුරදුන් දැක්වූ ආකල්පය විද්‍යාමාන වෙයි. දුෂ්කර ක්‍රියා කරන අවධිය තුළ කණ්ණකත්ථල සංහාරව වැනි සූත්‍රවල ද දෙවියන් පිළිබඳව බුදුන් දැක්වූ ආකල්පය විද්‍යමාන වෙයි. දුෂ්කර ක්‍රියා කරන විට බෝසතුන් වෙත පැමිණි දෙවිවරු එසේ නොකරන ලෙස ඉල්ලා සිටියහ. ඒ අවස්ථාවේ සංගාරව බුදුරජාණන් වහන්සේගෙන් දෙවියන් සිටින බව පිළිගන්නේද යන්නයි. එයට පිළිතුරු වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනු ලබන්නේ දෙවියෝ ඇත යන්නය. ලෝකයේ ඉතා ප්‍රකට වශයෙන් සම්මතව පවත්නා දෙයක් බවත් කරුණු අනුව සලකා බැලීමේදී දෙවියන් ඇතැයි යන්න නුවණැත්තන් විසින් පිළිගත යුතුය යන බවත්ය. එහිදී බුදුරජාණන් වහන්සේ දෙවියන් යනුවෙන් අදහස් කර ඇත්තේ ආචාරාත්මක ධර්මකේන්ද්‍රිය අර්ථයක් ඇති කෙනෙකි. බෞද්ධ දේව සංකල්පය හැඩගස්වා ඇත්තේ ඒ ආකාරයටයි. නුවණ දියුණු කරගෙන ප්‍රඥාව ලබා ගත් බුදුහිමියන් විසින් දෙවියන් සමඟ ඉතා කිට්ටු සම්බන්ධතාතවයක් පවත්වන ලද බැව් සංයුක්ත නිකායේ සඳහන් වේ.ඒ අනුව සෑම කෙනෙකුටම දෙවියන් පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි බවද සඳහන් වෙයි.

පසේ නදී කොසොල් රජු සමඟ බුදුහිමියන් කළ සාකච්ජාවක දී දෙවියන් පිළිබඳව ප්‍රශ්නයක් උද්ගත විය. මෙහිදී කරණු පැහැදිළි කරන බුදුහිමියන් පහතට අයත් සංයෝජන පහ නොනසා දේවත්වයට පත් දෙවිවරුන් නැවත නැවතත් කාමලෝකයෙහි සැරිසරණ බවත් එම සංයෝජනයන් නිසා එම තත්වයට පත්වූවන් නැවත කාමලෝකයෙහි සැරිසැරීමට පත් නොවන බවත් පැහැදිළි කර දුන්හ.

මේ අනුව නිගමනය කළ හැක්කේ සසර ඇවිදින සත්ත්වයන් පින්කම්වල ප්‍රතිඵලයක් වශයෙන් දිව්‍ය තත්ත්වයට පත් වන අතර උසස්ම දැනීම් ඇතිකරගන්නා යෝගාවචරයාට දේවිවරුන් පිළිබඳව නියම අවබෝධයක් ඇතිකරගන්නා යෝගාවචාරයාට දෙව්වරුන් පිළිබඳව නියම අවබෝධයක් ඇතිකරගැනීමට ද හැකිවෙන බවයි. දෙවිවරුන් ලෙස දිව්‍යලෝකවල උපත ලබන අය ද සංසාරයේ සැරිසරණ සත්ත්වයෝමය. ඔවුහු දේවත්වයෙන් චුත වී යන්නාහ. තථාගතයන් වහන්සේ කෙනෙකු ලොව පහළ වී ධර්ම දේශන කරන විට ඒ අසා දීර්ඝායුෂ්ක දෙව්වරු බියට පත්වන බවත් එසේ ඔවුන් බියට පත්වනුයේ දීර්ඝායුෂ භුක්ති විඳින හේතුව නිසා ඔවුන් සදාකාලිකව ම ජීවත් වන බව සිතා සිටියත් තථාගත දේශනාව ශ්‍රවනයට පසුව තමනුත් අනිත්‍ය දුක්ඛ, අනාත්ම, යන තත්ත්වයන් නොඉක්මවුවන් බව සිත් තුළට කාවැදීම නිසා බවත් සඳහන් වෙයි.

තවද දෙවිවරුන් සියල්ල දත් අය නොවන බව අංගුත්තර නිකායෙහි ඡත්ත නිපාතයේ දේවතා වග්ගයේදී දෙවියන් මැදියම් රැයෙහි පැමිණ බුදුන්ගේ ගැටලු නිරාකරණය කරගෙන යාමෙන් පෙනේ.

මේ අනුව බෞද්ධ සාහිත්‍යයෙහි එන දෙවිවරු මිනිසුන් විසින් බයෙන් යුක්තව වැඳුම් පිදුම් කළ යුතු අය නොවෙති. මිනිසුන්ගේ යාග හෝමවලින් හෝ පුද පූජාවලින් වන පිරිසක් ද නොවෙති. සසරෙහි කරන ලද පින් බලෙන් ලද යස ඉසුරු භූක්ති විඳිමින් සුවසේ වසන පිරිසක් ලෙස දෙවිවරුන් හැඳින්විය හැකියි. එමෙන්ම ඔවුහු සාමාන්‍යයෙන් ලෝකයෙහි අයහපතට අකැමැති යහපතට කැමැති පිරිසකි.

යහපත් ලෙස ජීවත්වන අයගේ ආරක්ෂාව සැලසීමෙන් ඔවුන්ට සේවය පිණිසත් සැමවිටම කැප වී සිටිති. ගුණධර්ම වඩන මිනිසුන්ගේ මෙහෙකාර තත්වයට පත්වීමට පවා සමහර දෙවිවරු ඉදිරිපත් වූ අවස්ථා පසුකාලීන බෞද්ධ සාහිත්‍යයෙන් විද්‍යමාන වෙයි.