නිස්සරණයට යාමෙන් නිර්වාණයටළඟාවිය හැකියි
හෝමාගම මුල්ලේගම
ශ්‍රී සීලාලංකාර මාවත
ආර්ය නිකේතන නිර්මාතෘ
අමරපුර විද්වත් සංඝ සභාවේ ලේඛකාධිකාරි
ශාස්ත්‍රපති
මාවරලේ භද්දිය හිමි
මෙම ලිපියෙහි
තවත් කොටසක් වප් අව අටවක (ඔක්තෝබර් 22) පෝදා පත්‍රයේ පළ විය.
මම අවබෝධ කළයුතු ආස්වාදය අවබෝධ කළා සේම අවබෝධ කළයුතු ආදීනවය ද අවබෝධ කළෙමි. අවබෝධ
කළයුතු නිස්සරණයත් අවබෝධ කළෙමි. දැන් මම සංසාරයට අයිති පුද්ගලයෙකු නොවෙමි.
සංසාරයෙන් නිදහස් වුණ පුද්ගලයකු වුණෙමි. යන ප්‍රකාශනය ඉතාම නුදුරු භවයකදී කිරීමට
නම්, මෙම භවය තුළම එම තත්වයට මඟ පාදාගත යුතුයි
මැදපෙරදිග යන කාන්තාවන් එම රටවල් තුළ කෙතරම් දුක් විඳිනවාද? එම කාන්තාවන් එම රටවල
සිටින කාලය තුළ තමන් කෙතරම් දුක්පීඩා දෝමනස්සයන්ට මුහුණ දෙනවාද? ඒ අතරතුර ලංකාවේ
ජීවත්වන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කෙතරම් දුකක් විඳිනවාද? එම පවුල් තුළ සිදුවන
විපත්ති කෙතරම්ද?
එවැනි තත්වයන් තිබෙන නිසා එම රටවලට යෑම සුදුසු නැති බව ප්‍රකාශ කළත් , අමිමා ගෙදර
සිටිය යුතුම බව පැහැදිළි් කළත් එය පිළිගන්න සූදානමිවන්නේ නැහැ තාත්තාට මෙරට තුළ යමි
දෙයක් කළ නොහැකි නම්, තාත්තා රටකට ගියත් එතරම් ගැටළුවක් නැහැ. අම්මා ගෙදර සිටිය
යුතුම බව ප්‍රකාශ කළත් ඇතැමුන් පිළිගන්න සූදානම් නැහැ. රටකට ගිහින් හෝ දියුණුවෙනවාට
තිබෙන ඊර්ෂ්‍යාව නිසා මෙසේ ප්‍රකාශ කරනවා වෙන්න ඇති බවට ඔවුන් කල්පනා කරනවා.
මිරිඟුවක්
එම සංඥාව මිරිඟුවක් බව අවබෝධවන්නේ ගියාට පසුවයි.සංඥාාව නිත්‍යයි. සංඥාාව සදාකාලිකයි
සංඥාව ස්ථිරයි. සංඥාාවෙහි නොවෙනස් සාරයක් තිබෙනවා. යනුවෙන් සිතන්න එපා සංඥාාව
අනිත්‍ය බවත් එය වෙනස්වන බවත් සංඥාව තුළ තිබෙන ආදීනවය බව බුදුරජාණන් වහන්සේ වදාරා
තිබෙනවා.සංඥාාව ඇතිවුණ විගසම එය මිරිඟුවක් බව සිහිකළ යුතුයි.එම මිරිඟුව පසුපස ගිය
විට විශාල ප්‍රශ්න රැසකට මුහුණ දිය යුතු බව සිතිය යුතුයි. එහි සත්‍ය ස්වභාවය එය
නොවන බව කල්පනා කළ යුතුයි. එම තත්වයට එහා ගිය සත්‍යයක් තිබිය යුතු බව සිතිය යුතුයි
.මෙම මොහොතේ ඇතිවන සංඥාවත් සමඟ දැඩිව ඇලීමේ තීරණ නොගත යුතුයි. එම මොහොත තුළ ඇතිවන
සංඥාවත් සමඟ දැඩිව ඇලීමේ තීරණ ගත යුතුද?
පෘතග්ජනභාවයෙන් මිඳීම සඳහා මෙම අවබෝධය කරා යා යුතුයි.දියුණු තලවලට යාමට කැමැත්තෙන්
සිටින පිරිස් මෙම තත්වය අවබෝධ කළ යුතුයි. ප්‍රායෝගික වශයෙන් මෙම මොහොත තුළ සංඥාවෙන්
ගැලවීම අපහසු වුවත්, මෙම කාරණා පිළිබඳව අවබෝධයක් ලබා තිබුණහොත් සංඥාාවෙන් ගැලවිය
හැකි මොහොතක් උදාවුවහොත් එම මොහොත තුළ හෝ සංඥාවෙන් ගැලවී නිවැරැදි වීමට ඔබට
හැකිවෙයි. අතීත හැඟීමත් සමඟ මනස තුළ ගොඩනගා සිටින සංඥාව නිසා ඇති කරගනු ලැබූ
සංකල්පයෙන් තමා දුක්විඳින බව අවබෝධවෙනවා නම්,එතුළින් ගැලවුණ විට තමාට ප්‍රශ්නයෙන්
ගැලවිය හැකි බව යමිකිසි පුද්ගලයෙකුට වැටහුණ විට නිවන් මාර්ගය පිළිබඳ ප්‍රශ්නය පමණක්
නොව, මේ ලෝකය තුළ පවතින ලෞකික ප්‍රශ්න බොහොමයක් ඔහුට විසඳාගත හැකියි.ඇතැමි ප්‍රශ්න
තුළින් ගැලවිය නොහැකි තත්වයට පත්ව සිටින්නේ මනස ඊට පෙර ගොඩනගා ගත් සංකල්පවලින්
ගැලවිය නොහැකි නිිසා මිස මෙම මොහොත තුළ ඇතිවන ප්‍රශ්න තුළින්ම නොවෙයි.
රූප දකිමින් , ශබ්ද අසමින් එය රස විඳිමින් මනස තුළ ගොඩනැගෙන ෙවිදනාවත් සමඟ දිගින්
දිගටම ඇතිකර ගනු ලබන සංඥාාවන් සමඟ කටයුතු කරන්න යාම තුළ සංස්කාර උපදියි. සංස්කාර
යනු තෘෂ්ණාව , ද්වේෂය, මෝහය යන සංස්කාර ධර්ම ස්ථාවරව අපගේ සංවිඤ්ඤාණික මනස තුළ
දිගින් දිගටම හටගැනීමයි. අප විසින් සංඥාවන් පදනම් කරගෙන කරනු ලබන ක්‍රියාකාරකම්
තුළින් ඊළඟ භවය සකස් කිරීමට හැකි කර්ම ශක්තීන් ගොඩනගා ගනී.ඊළඟ භවය කරා ගෙන යා හැකි
කර්ම ශක්තීන් සව්ඤ්ඤාණිකව මනස තුළ ගොඩනැඟෙයි. බොහෝ අවස්ථාවල දැනුම්වත් මනසකින්
නොසිටීම නිසා එදිනෙදා ජීවිතය තුළ යමි යමි පුරුදු ඇබිබැහිවීමි ලෙස ඔබ විසින් කරගෙන
ගියද, සවිඤ්ඤාණික මනස තුළ ස්ථාවරව ඇතිකරගනු ලබන ශක්තීන් සංස්කාර වෙයි. ස්ථාවර
සංකල්ප හෙවත් ස්ථාවර කෙලෙස් හටගනී.
සංස්කාර
විසංකාර ගතං චිත්තං දැන් මගේ සිත සංස්කාර ගොඩනංවන්නේ නැහැ යනුවෙන් බුදුරජාණන්
වහන්සේ බුදුබව ලබාගත් පසු පළමු කොට දේශනා කරනු ලැබුවේද, එම කාරණාවයි. මගේ සිත
විසංයෝජනය වී ඇති බවත්, තවදුරටත් සංයෝජන නැති බවත්, තවදුරට බැඳීම් , ඇලීම් , ගැටීම්
නැති බවත් කිසිවක් අලුතෙන් නිර්මාණය නොකරන බවත් සංස්කාර පිළිබඳව බුදුරජාණන් වහන්සේ
වදාරනු ලැබූ අදහසයි.
සංස්කාර තුළ ආස්වාදයක් තිබෙන නිසා අප ජීවත් වීමට කැමැත්තක් දක්වයි.ගිහි ජීවිතය
කෙතරම් දුක්මුසු බව ඇතැමි ගිහියන් විසින් ප්‍රකාශ කළත්, එම ප්‍රකාශ කරන පිරිස
වැඩියෙන්ම සංස්කාර වින්ඳනය කරන පිරිසම වෙයි.එම තත්වය තුළ ආස්වාදයක් පවතියි. ද්වේෂය
තුළ පවතින ගැටීම දුක වුවත්, එම ගැටීම තුළත් මිනිසුන් ආස්වාදයක් විඳීයි. එම සංස්කාර
කෙසෙල් කොටයකට උපමා කරමින් ආස්වාදය තුළ ආදීනවයන් තිබෙන බවත් හටගන්නා සංස්කාර ස්ථිර
නොවන බවත්, බුදුරජාණන් වහන්සේ වදාරනු ලැබුවා.කෙසෙල් ගසෙහි පීල්ලපීල්ල ගලවා ඉවත් කළ
විට අවසානයේ කිසිවක් ඉතිරි නොවෙන්නාසේ අවසාන වශයෙන් සංස්කාර තුළද කිසිවක් ඉතිරි
නොවෙයි. සිත තුළ ගොඩනැඟෙන මනෝ රාජ්‍යයන් එකින් එක විග්‍රහ කළ විට ගත හැකි දෙයක්
නැති වුුවත්, මතු පිටින් වින්දනය කළ හැකි දේ පමණක් තිබෙන බව වටහා ගත යුතුයි.
සංස්කාර තුළ අනිත්‍යතාව පවතින නිසාම එයින් ගැලවිමට නම්, නිස්සරණයට යා යුතුමයි.
සංස්කාර සමඟ නොඇලී , නොගැටී ඡන්ද, රාග ඇති නොකරගැනීම නිස්සරණයයි.
සවිඤ්ඤාණික සිත
අප විසින් ගොඩනඟනු ලබන දැනුවත් සිත හෙවත් සංවිඤ්ඤාණික සිත තුළ හටගනු ලබන සිතිවිලි
පරම්පරාව හෙවත් ඊළඟ භවයට අප විසින් රැගෙන යනු ලබන චෛතසික පරම්පරාව විඤ්ඤාණයයි.
විඤ්ඤාණය තුළ පවතින අනිත්‍යතාවය එහි ආදීනවයයි. ව්ඤ්ඤාණයටවත් නොඇලී සිටිය යුතු වන්නේ
එය තුළ ද දුක් කන්දරාවක් පවතින නිසයි. විඤ්ඤාණය ක්ෂය කිරීමට ඇලිය යුතුයි. විඤ්ඤාණය
ගොඩනැඟීම නැවැත්වීමේ කාරණාවලට ඇලිය යුතුයි. කර්ම ශක්තීන් තුළ විඤ්ඤාණයක් ගොඩනැඟීම
නිසා අප සංසාරිකව නැවත නැවතත් ඉපදෙයි. නැවත නැවත උපදිනවා යනු නැවත නැවත හමුවීමයි.
නැවත නැවත හමුවීම යනු නැවත නැවත වෙන්වීම නිසා දුක හටගැනීමයි. එම නිසා විඤ්ඤාණය
සඳහාවත් ඡන්ද, රාග ඇතිකර නොගත යුතුයි.
මහණෙනි,යම්තාක් පංචස්කන්ධයාගේ ආස්වාදය ආස්වාදය වශයෙන්ද,ආදීනවය ආදීනවය වශයෙන්ද,
නිස්සරණය නිස්සරණය වශයෙන්ද අවබෝධ කරගන්නාතාක් මම බුද්ධ යනුවෙන් හඳුන්වනු ලැබුවේ
නැහැ. ආස්වාදය ආස්වාදය ලෙස අවබෝධකරගෙන ආදීනවය ආදීනවය වශයෙන් අවබෝධ කරගෙන නිස්සරණය
නිස්සරණය වශයෙන් අවබෝධකරගත් පසු මම බුද්ධ යනුවෙන් දෙවි මිනිස් බ්‍රහ්ම සහිත ලෝකයාට
දේශනා කළත් ඒ වනතෙක් මම ප්‍රතිඥා දුන්නේ නැහැ.
බෝසත් අවධිය තුළ පර්යේෂණ තුළින් සත්‍ය සොයා නිවැරැදි අවබෝධය ලබා මම අවබෝධය ලබාගත්
බව බුදුුරජාණන් වහන්සේ වදාරනු ලැබුවා.
අප ලොව්තුරා අමාමෑණි බුදුපියාණන් වහන්සේ දෙවි මිනිසුන් ඉදිරියේ අභීතව ප්‍රතිඥාවක්
දීමට ලබාගත් හැකියාව අපද ලබාගත යුතුයි. මම අවබෝධ කළයුතු ආස්වාදය අවබෝධ කළා සේම
අවබෝධ කළයුතු ආදීනවය ද අවබෝධ කළෙමි. අවබෝධ කළයුතු නිස්සරණයත් අවබෝධ කළෙමි. දැන් මම
සංසාරයට අයිති පුද්ගලයෙකු නොවෙමි. සංසාරයෙන් නිදහස් වුණ පුද්ගලයකු වුණෙමි. යන
ප්‍රකාශනය ඉතාම නුදුරු භවයකදී කිරීමට නම්, මෙම භවය තුළම එම තත්වයට මඟ පාදාගත යුතුයි
- හේමමාලා රන්දුනු |