නුගේගොඩ පැඟිරිවත්ත ශ්‍රී
විවේකාරාමයේ අභිනව ධාතු මන්දිරය විවෘත කිරීම සහ නව ධර්ම
මන්දිරය සඳහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීම අග්‍රාමාත්‍ය
රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ධාතු
මන්දිරයේ සමරු ඵලකය නිරාවරණය කළ අවස්ථාව, හිටපු
පාර්ලිමේන්තු මන්ත්‍රිනී අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල නියෝජ්‍ය
ප්‍රධානී රෝසි සේනානායක මහත්මියගේ පියාණන් වන එරික්
රාමනායක මහතාට පින් පිණිස සේනානායක මහත්මිය ඇතුළු එම පවුලේ
සාමාජිකයන් විසින් විවේකාරාමයේ එම ධාතුමන්දිරය සාදවා පූජා
කරන ලදී. එම අවස්ථාවට මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු
නාහිමි, තබ්බෝවේ රේවත නාහිමි, තීනියාවල පාලිත හිමි ඇතුළු
මහ සඟරුවන සහ අමාත්‍ය විජේදාස රාජපක්ෂ, අමාත්‍ය සුසිල්
ප්‍රේමජයන්ත, නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහත්වරු සහ
රෝසි සේනානායක මහත්මිය සහ ඇයගේ සොහොයුරියන් වන සොනාලි
රාමනායක, නිර්මලා රාමනායක මහත්මීන් සහ පවුලේ අයද ඇතුළු
විශාල පිරිසක් සහභාගි වූහ.
|